වීදියක් නොවන වීදි ආලෝකය

                                                  වීදියක් නොවන වීදි ආලෝකය

                       වීදි ඡායාරූපකරණය යනු කුමක්ද? යන්න තවත් පැත්තකින් කැනඩා ඡායාරූප ශිල්පිනියක් Photography Laif පිටුවක තිබී මේ ඡායාරූපය සයිබර් රස්තියාදුවේදි මාරස ඇස මොහොතකට නතර උනා. අහසේ පියාසර කරන පක්ෂීන්ගේ සුන්දරත්වය යුවලක් නරඹමින් විඳිමින් ආලෝක දඩයම් කරනවා. යවල සහ අහස කළු වර්ණය වැඩි වැටකින් වෙන්කරලා වගේ. ත්රිකෝණාකාර නොවන සරළ කෝණයකින් තමා මේ දර්ශනය ආලෝක දඩයමට ‌සකසාගෙන තියෙන්නේ. ඒක විශ්වය සමග සංඛීර්ණයක කදන්දරයක්. ඒ දෙන්නට පියාඹන්න බැහැ. මිනිසුන්ට පියාපත් නැහැ. තවත් පියාපත් නැති ශිල්පියෙක් මේ අහඹු දර්ශනය ආලෝකයෙන් දඩයම් කරගන්නවා. හිස් අහස් පසුබිමක කොටස් තුනක් ලෙස දකිත හැකි වුවත් සරළ රේඛීය ආලෝක මෙහෙයුම කදිම ආකාරයෙන් සැකසිලා වගේ.

විකිපීඩියාව වීදි ඡායාරූපකරණය නිර්වචනය කරන්නේ "කලාව සඳහා සිදුකරන ලද ඡායාරූපකරණය හෝ මැදිහත් නොවන අහඹු හමුවීම් සහ අහඹු සිදුවීම්" ලෙසිනි.සාමාන්යයෙන්, වීදි ඡායාරූපකරණය යනු පොදු ස්ථානවල ජීවිතය අවංකව ග්රහණය කර ගැනීමයි. එහි නමට පටහැනිව, වීදි ඡායාරූපකරණය වීදිවල සිදු කළ යුතු නොවේ කිව්වත් සමහර ප්රවීනයෝ කියන්නේ ඔබට ඕනෑම තැනක වීදි ඡායාරූපකරණය කළ හැකි බවයි. එසේ පවසන
කැනඩා ඡායාරූප ශිල්පිනයක් වන එලිසෙබත් නිදසුනක් වශයෙන් මිසිසිපි කුඩා නගරයේ ජීවත්වන කාලයේ වෙරල තීරයක මේ ආලෝක දඩයම කදිමට ‌කැමරාවට ගොදුරු කරගෙන තියනවා. දඩයමක් දඩයම් කරගෙන වගේ.
වීදි ආලෝක අහඹු සැකසුම් තම නිවසේ දොරමුල්ලෙත් තියෙන්න පුළුවන්. පරිකල්පනය ගැඹුරුනම් ඊට අනුරූපව වේගයෙන් සිතන්න පුළුවන්නම් ඇසත් ඒවටම සතත අභ්යාසයේ යෙදිල තියනවානම් ආලෝකය සහ කැමරාවේ කාර්මික සහ තාක්ෂණය සම්බන්ධව දැනුම පුළුල් නම් දකින හැම දසුනක්ම සැබෑ ඡායාරූප ශිල්පියෙකුට වීදියක් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ වීදිය ආලෝක වීදියක්. ඡායාරූප සමිබන්දව ඇත්ත වැඩ්ඩෙකුට ඕන ශානරයකින් ආලෝක දඩයම් කරන්නත් පුළුවන් තමා.
www.jagathmarasinghe.com
26 09 2022


Powered by Blogger.