මහා බුද්ධිමතුන්ට බලාපොරොත්තු විකුනන නාකි නොවන අක්කා කෙනෙකු මෙන්.....

             මහා බුද්ධිමතුන්ට බලාපොරොත්තු විකුනන නාකි නොවන අක්කා කෙනෙකු මෙන්.....

       අනේ අම්බෝ වෙබ් වීදි රස්තියාවේදී මාර ගැහැනියක් හමුවුනාවගේ. ලඟ ඉඳන් වයසකට ගිහින් උනත් සිගරට් එකක්වත් බිව්වනම් හොඳ උත්තරයක් ලැබෙයි වගේ. විහිලුවක් කළානම් විහිලුවක් කරලා බලු කතාවක් කිව්වනම් කනේ පහරක් වැදෙනවා අනිවා කියන පින්තූරයක්. Adde Adesokan වෙබ් පිටුවකට රිංගලා බලනකොට මේකිව හමුවුනා. මාරසටත් වයස උනත් හිතෙන්නේ දඩබ්බර බේරෙන්න බැරි අක්ක කෙනෙක් හමුවුනා කියලා. ඒ කියන්නෙ කිසිම වැරදි දෙයක්වගේ සිගරට්ටුවක්වත් බොන්න බැරි විහිලුවක්වත් කරන්න බැරි  අහිංසකව කොලුකමට හොරකමක්වත් කරන්න බැහැ කියල කියන සංකේතයක් වන් මුහුණක් සහ ශරීරයක්. ලස්සන වගේම සැබෑම කතන්දර ගොඩක් පසුබිමේ. අරමුණ වූ ස්ත්‍රී රුපේ පැත්තක රටකජු. තවත් පැත්තක කඩල. 1977න් පස්සේ විවෘත ආර්තිකයත් සමග බලාපොරොත්තුව මාර්කට් කිරීමේ සංවර්ධන අරදා මේ දා සම්පත් විකාරරූපී ලෙස මිනිසුන්ව බලාපොරොත්තුවෙන් අන්දන ලොතරැයි ටිකට් පහලින් පේන විදිහට ප්‍රධාන සංකේතීය පසුබිමක් වෙලා. ඇත්තටම ධනේශ්වර ක්‍රමයේ ධනේශ්වර මහා නිළධාරින් සැවොම විශ්වවිද්‍යාල උගතුන්. පේරාදෙනියේ සිට සෑම විශ්වවිද්‍යාලීය උගතෙක්ම ඒකෙන් එලි බහින්නෙ රැග් එකේ සිට මාර මාක්ස්වාදී සමාජවාදී කොමිනියුස්ට් ක්‍රමය දක්වා වූ දැනුමක් ලබාගෙන. ඒත් ආයතන පද්ධතිවල වීදුරු කාඹර අරක් අරන් එයාල නැහැ. මාරස හිතන්නේ ඒකුන් අතුරුදහන් වෙලා යනවා ඇති. ඒවගේ බලවේග තියනවාද කියලා බර්ට්‍රන් රසල්ගෙන් හරි කොවුර්ගෙන් හරි තමා අහන්න වෙන්නේ. ලාංකේය ඉන්ජිනේරුවන්ද අද පවතින සමස්ථ දුක්විඳින මිනිසුන්ගේ වේදනා වලට වග කිව යුතුයි. නමුත් විප්ලවය ඔලුවේ තියන් ආපු පොරවල්. තනිකර කැම්පස් සමාජවාදී හොරු කියලා කිවේ මේ ඡායාරූපයේ ඉන්න කාන්තාවද කියලත් හිතෙනවා. මන්ද ඒ වගේ කාන්තාවන්ට තියෙන්නේ මාර නිර්භීතකමක් වගේ. ඒක තමා මේ වීදි ඡායාරූප ශිල්පියාගෙ දක්ෂතාවය

      බලන් ඉන්නේ ඒ වයස නැතිව කාටත් අක්කා වන අරමුන කණ්නාඩියට උඩින්. ඒ කියන්නේ කාච වලින් නෙවේ ඒකී අනිකාව දකින්නේ ස්වභාවික ඇස් වලින්.ධනේශ්වර සමාජ චක්‍රයේ බලාපොරොත්තු විකුනන ජීවිතයේ කතක්. නැතිනම් ජනතාව කපටියි කියලා සිතන, නමුදු ජනතාව බලාපොරොත්තු වෙන කපටි කම විකුනා ජනතාව සතුටු කරමින් කීයක් හරි හොයා ගන්න ගැහැනියක්. මහා උපාධි කර මහා විප්ලවීය සටන් කර මහා අත්බෑග ගෙන වාහනවල පොරවල්මෙන් පැමින මහජන සම්පතවන් ස්වීප් ටිකටයක් අතින් ගෙන හේතුවාදී සමාජවාදීන් දස දහසක් ඇගේ ඒ කණ්නාඩියට පිටින් දකින ඇස් වලට දකින්නට ඇතිද? ඒත් ඒ කාලකන්නි දැනුම නැමති ලෝකයේ විකාර බලය නැමති චරිත නිරුවත්ව දැකීමට ඇයගේ ඇස් කණ්නාඩිය ප්‍රමාණවත් නොවූයේ කරුමයකින් නොව දේශපාලනයකින් බව ඒකිලා වන් ගැහැනුන් දැන සිටියේනම් පළමු අරගලය කරනු ඇත්තේ නව ලිබරල් උගතුන්ට විරුද්ධවදැයි මාර දන්නේම නැත කියා කියන්නම්. එහි තේරුමද සරලය. කොතරම් සරල යත් ඇගේ දෑතේ ඇති මුදු ප්‍රමානය තරම්ම සරලය.පෘෂ්ටිමත් කාන්තාවක් සේ පෙනුනත් ඇගේ දෑතේ ඇති බල නහර ඉතා පැහැදිලිව ආලෝකයෙන් දඩයම් වී තිබේ. ඇගේ වේදනාව දෙනුවනයන්ගෙන් පෙනෙන්නේද කාචයකින් නොව ස්වභාවයෙන්ය. මේ ඡායාරූපයෙන් ඇයට මිනිසෙකු සිටින්නේ ද, නැතිනම් ඇය හැර ගොස්ද, නැතිනම් මිය ගොස්ද, දරුවෝ හදාගන්න වෙහෙසෙනවාද, දහසකුත් එකක් ප්‍රශ්න දකින්නාට මතුවේ. නමුදු වීදි ඡායාරූපයක දිග පළළ ඉක්මවා තව දුර මානසිකව අපව වීදියෙන් වීදියකට කැඳවාගෙන යමින් ඒ ආලෝක දඩයම මෙසේ කියනවා සේය. ධනේශ්වර වෙළඳපොළ වනාහී මේය. තොපිට ජීවත් වීමට අනාගතයක් නැත. තොපේ අනාගතය කියන්නේ බලාපොරොත්තුය. තොප වැනි මහ උගත් බුද්ධිමත් දේශපාලනික දැනුමෙන් පොහොසත් මහත්තරුන්ට අහිංසක ගැහැනියක් බලාපොරොත්තු විකුණනු ලැබේ. කූටප්‍රාප්තිය වන්නේ මේ දුප්පත් පාදඩමෙන් පෙනෙන කාන්තාවගෙන් බලාපොරොත්තු මිළදී  ගෙන රටකජු හෝ කඩල කකා නිවසට ගිය කී දාහකින් එකෙකුවත් යමක් දිනා ගත්තාද කියාය. මේ වීදි ඡායාරූපය පිටුපස තිබෙන්නේ සියලු සරල මිනිස් දැනුම හෝ කුමණ ආධ්‍යාත්මික දැනුමටත් වඩා ධනේශ්වර ඇකඩමික් හෙවත් ආයතන ගත විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයද ඉක්මවාගිය විහිලුවක්දැයි සැක සහිතය. වීදි ඡායාරූපකරණය යනු සෙල්ලමක් නොවන වග දැන් ඔබට වැටහෙනු ඇත.
Jagath Marasinghe
12 09 2022


Powered by Blogger.