සූන්‍යත්වයේ නග්න ඡායාරූපකරණය.

                                                   සූන්‍යත්වයේ නග්න ඡායාරූපකරණය.

      නග්න ඡායාරූපකරණය යනු මාරස කැමතිම ආදරණීය ඡායාරූප ශානරගකි. නමුදු අපේ කොදෙව්වේ ඒ කළ නොහැකි බව මාරස අවබෝධකර ගත්තේ පොලීසි හරහා නඩු කටයුතු වලට යන්නට ගොස් අවසාන අංශකයේදීය. මාරස ඒවා ඇසින් අත් හැරියේ නැත. ක්‍රියාකාරිත්වය කෙසේ නමුදු ප්‍රචාරනයෙන් අත් හරින්නට සිදුවිය. රාජ්‍ය වරෂ 1914 පමන කාලයේ රොඩි කෙල්ලෙකුගේ ඒ කාලයේ රජයේ මුද්දරයක තිබි අඩ නිරුවත් ඡායාරූපයක් ඊ පවුරට දමා ඒකලා විසින් ඒ මකා දමා මාරසට දුන් දඬුවම සතියක් පලකිරීම් තහනම් කිරීමය. සමාජ ජාලා වල කිසිවෙක් පලකිරීම් තහනම් කරන්නේ නැත. සමාජ ජාලාවල සියලු මෘදුකාංග සකසා ඇත්තේ මිනිසා විසින් මිනිසාව පාලනය කිරීම අරමුණුකරගෙනය. ඉතින් මිනිසා යන පාඨකයා හෝ කලාකාරයා හෝ බුද්ධිමතා හෝ මොකා විසින් එක බොත්තමක් එබීමෙන් යම් ප්‍රමාණයක් එබුන කල ඒ පෝස්ටුවට දඬුවම් නියම වන්නේය. වටිනාකම ඇත්තේ HTML ගැන ඉවක් තියන සැමට කවුරුන්ගේද ඒ මානසිකත්වය කියා දැනගැනීමට අන්තර්ජාල භාෂාවේ ක්‍රම ඇති බවය. ඒවා ඒ කාලයේ නොදන්නා අයත් දැන් දන්නවා කියා මාරස සිතනවා විය හැක.

     බුදුන් වහන්සේගේ අවසාන කාලයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිවිරෝධය හරහා මිළින්ද රජුද විනිවිද ටිබැටයේ තාවෝවාදය දක්වා කතා කිරීමට මේ ලිපිය ප්‍රමාණවත් නොවේ. නමුදු මේ ඡායාරූපය ඊ පවුරේ ප්‍රජා ප්‍රමිතීන්ට එකඟව ගත්තා විනා නග්න ඡායාරූපය ගැන ලියන්නට සැබෑ ඡායාරූපයක් ගැනීම පන්දාහක්ම මිතුරන් අහිමිකරගන්නවා වැනි වැඩකි. නමුදු නග්න ඡායාරූපයක් වනාහි ජීවිතයම වන්නේය. ඒ ගැන සෙවීමට බුදුනුවන්ගෙන්ද ආරම්භ කළ හැක. නග්නත්වය යනුද සූන්‍යත්වයි. බුදුනුවන්ගේ කාල අවකාශයම නිර්මිත කරන්නා වූ මහා වීරයෝ සිය වස්ත්‍ර සියල්ල ගලවා දුමුවේය. අදටද ගෝලයන් එසේය. නමුදු සිද්ධාර්ථයෝ වස්ත්‍රනොව සියලු කෙලෙස් ගලවාදැමුවා වු කතන්දර සහ සූන්‍යත්වය අද ශූන්‍යතාවාදය යන මහා ගැටුමක් ඇතිකර විසඳුමක් නැතිව ඒ නිල්මහනෙල් විලේම අතරංවූවාද යන්නද විසඳාගත යුතු ප්‍රශ්නයක් වී තිබේ. මිට අර වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා හරහා ටිබටය සම්බන්ධව ඒ කාලයේ කතා කළ යුතු ලාංකේය බුද්ධිමතුන් අල්ලා ගත නොහැක. නැති ප්‍රශ්න ඇතිවන නිසා අල්ලා ගන්නේ නැත. අවැසි විට මාරස අල්ලා ගන්නටද ආදරයක් මිස බියක් නැත.

  ඒ සංවාද පසුව බහු විභේදන රේකා බවට පත්වීම වෙනම කාරණයකි. නිරුවත යනු සූන්‍යත්වයම වේ. සියල්ල පටන් ගන්නේ එතැනින් කියාද කාරනා ගොඩ නැගිය හැක. තන්ත්‍රයානයේ පමණක් නොව ඊට අදාල බොහෝ දේ ත්‍රීපිටකයේද සඳහන්ය. ඊනියා වික්ටෝරියානු සදාචාරයට සැබෑ උත්තර ඇත්තේ ත්‍රීපිටකයේම බව පිරිවෙන් ගණිත ගුරුවරයෙකු වන මාරස නොදන්නවා නොවේ. නග්න ඡායාරූප ශානරයෝද බොහෝ බෙදීම් වර්ගීයකරණයන්ට වෙන්වී තිබේ.නමුදු ජීවිතයේ පැත්තෙන් ගත්තද, සුරතාන්තයේ පැත්තෙන් ගත්තද, දේශපාලනයේ පැත්තෙන් ගත්තද,  මුල සහ අග සිහිකරමින් ආරම්භයක් දනවන නග්න ඡායාරූපයෙන් ලිංගික ආශාව දනවනවාට වඩා ජීවිතයේ මාර දෙයක් කියනවා සේය. ලිපිය දිගෙට ඇදෙන ලිපියක් වීමට පුළුවන. කෙටියෙන් මෙතනින් නැවැත්වීමට මාරසට සේකරයන්ගේ ගීයක අවසන් පදය සිහි විය.

................

“ඔබේ පාමුල බැගෑපත් ලෙස

වැටී අයදිමි අනේ සාමිනි

ජීවිතේ යම් පලක් ඇත්නම්

කිමැයි ඒ මට කියා දුන මැන..”

       මේ නිරාමිසත්වය තේරුන් කරගැනීමට නග්න ඡායාරූප අගනේය. අන් සියලු ඡායාරූප ශානරයෝ ආශාවෙන් කෙලවර වන්නේය. නග්න ඡායාරූපකරණය ශූන්‍යත්වයෙන් කෙලවර වන්නේය. නමුදු නග්න ඡායාරූපකරණය අදද අතිශයින් භයානක වන්නේ පේක් එකවුන්ට් වල නොව සම්භාව්‍ය එකවුන්ට් වලය. සම්භාව්‍ය සමාජ ඊ පවුරු ගිණුම් වල ඇති නිරුවතද අති සුන්දර වීමට ඒද රහසක් විය හැකිය.

www.jagathmarasinghe.com

18 09 2022

1 comments:


Powered by Blogger.