80 දශකයේ විප්ලවීය වේදනාවේ හඩ නුඹයි කළනි.!!!!

                      80 දශකයේ විප්ලවීය වේදනාවේ හඩ නුඹයි කළනි.!!!!

     මම යන්නෙන් පටන් ගත්තොත් මියන්නෙන් ඉවර කළ යුතුය. මා මේ ලියන්නට යන්නේ 1980 දශකයේ මුල සිට පටන් ගෙන රාජ්‍ය විකාර මර්ධනය සිසාරා ගොස් ජීවිත ගලවාගත් නාටක කණ්ඩායමක් ගැනය. කිසිදා මා කියන්නට බලාපොරොත්තු නොවූ දෙයක් කියන්නට අද සිදුවී තිබෙන්නේ වර්තමාන මිනිසුන් බොරු කියන නිසාය.  88-89 මුල්ම රාජ්‍ය මර්ධනයට ගොදුරුවූ නාටකය වූයේ පරවේනී නාටකයයි. අප එදා හැප්පුනේ මාධ්‍යවේදය පැත්තේ නව ප්‍රවණතා සමගය. ජයන්ත චන්ද්‍රසිරිගේ ඇත් නාටකයේ සිට නවලිය සිනමා අතිරේකය එදා සාමාන්‍ය නාටක කණ්ඩායම් වලට කරන ලද දැවැන්ත අතවර මතක් කර දීමට මාරයා තාමජීවතුන් අතරය. නමුත් මාව තාම කිසිවෙක් දන්නවාදැයි නොදනිමි.  මා මේ පොසොන් මස පසුව කට හරිනවා කියා මා මටම කියාගෙන තිබේ. මේ සම්බන්ධව දන්නා පොරවල් මාතලේද රාවයේද සියියේය. ඒකුන් ලැජ්ජා නැතිව තවමත් දේශපනය කරනවා දකිනාමාරසට මල පනින්නේ ඇයිද යන්න සෙවිය යුත්තෙ මාරස නොව නව වුවද උනගේ මිනිස්සුන්ය. බුද්ධි යන වදනටවත් නිගරු නොකර හිටපල්ලා කියා කියන්නට මරස බය නැත. 

        80 මාරයා  නොව පරවේණී නාට්‍ය කණ්ඩායම කරලියට බැස්සේ භීෂණය යුගයේය. පරවේණී නාටකය හරහාය. පරවේණියට මුල වූයේ සෝවියට් සංස්කෘතික ආයතනයේ මීර් ශාලාවේ රංජිත් ධර්මකීර්ති ශූරීන් විසින් පැවැත්වූ නාටක වැඩ මුලුවයි. ඒ අමතක කල එදා ජේවීපේ කාරයෙක් සිටී. ඒකා ගැන ලියන්න්නට මගේ භාෂාව මදිය. මන්ද හම ගසන්නට ඇවැසිය. නිර්මාණ සංවාද කුලකයේ සිට හම ගසන්නට ඇවැසිය කීවොත් අපේ සහෝදරයින් සිතන්නට පුළුවන නොවේ පරංගි මාක්ස්වාදීන් වන ඔවුන් සිංහල හෙළ බුදු දහම පාවිච්චි කර මාරයා පලිගන්නට හදන්නේ යයි කියා තවත් ‌ව්‍යාපෘතියකට අත ගසනු ඇත. නැත. ඒබව මාරයා ඉතා හොඳින් දන්නවාය. තොප දැන ගත යුත්තේ නුඹලාට අපේ අම්මලා සහෝදරයන් කන්න දුන්නේ කොටින්ම වැටි වැටී විත් පුල්ටයිමස්ලාගෙත් ගර්භාෂ සුද්ධකරගත් පසු ඒ සහෝදරියන්ට නොව අපටනම් නංගිලා වූ උන්ට රැකවරණ දුනනේත් සිංහල බෞද්ධ කීයා තොප හෙලා දකින අපේ අම්මලාය. නොදකින් අද ‌ඒ පුල් ටයිමස්ලාගේ මානසිකත්වය ගැන කරදර වීමට කිසිදු සිතක් කයක් මාරසට නැත. නමුත් දෙදෙනෙක් දෙස මා නෙත් ආයා බලා සිටිමි. 

             80 දශකයේ ජර්මන් සංස්කෘතික ආයතනය විසින් ජර්මණියේ හෙලේනා ලෙත්තමිකී ගෙනත් නාට්‍ය පාටමාලාවක් පැවැත්තුවා. අපි ගියේ නැහැ. අපි හිටියේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්තානයේ මීර් හෝල් එකේ රංජිත් ධර්මකීර්ති ‌විසින් සංවිධානය කළ තැන. නමුත්  මීර් හෝල් පරදවමින් ඒ ජර්මණියෙන් ආපු හෙලේනා ලෙත්තමිකී මාර නාටකයක් කලා. ඒ බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට්ගේ පුන්තිලා කියන නාටකයයි. ඉතින් ඒලිය නේෂන් ඉපේක්ට් කියන ඉන්ගිරිසියෙන් කියන වේදිකා පරිපාලන වෙනස් කම් භාවිතා කරමින් ඒකි ‌පින්තාරු ‌රාමු වේදිකාව වෙනස් කළා .හෙලේනා හදපු විශේෂිත රංගන ධාරිතා  ගොඩයි. නිහාල් විතරක් නොවේ මහේන්ද්‍රත් වත් තව කීප දෙනෙක් විශේෂයි.නමුත් ඒ ජර්මනියෙන් එන කස්ටිය චීනයෙන් එන කස්ටිය කලා සංස්කෘතික වැඩමුලු කරලා යනවා යන්න කාපු බීබු දේවල්වත් අමතක කරලා. පයිත්තියන්නම් කතා කරන්න ඒන්න ඒපා. ඊට පස්සේ ඉතිරි කස්ටිය ලංකාවේ කලාවට අහවල් දේ කරලා පැත්තකට වෙනවා. ඊට පස්සේ ජුභාල්ලා වගේ ඒගොල්ලන්ගේ නම් හ්‍රී ලාංකේය මාර දේවල් විදිහට ලියා පදිංචි වෙනවා. කාරි නැහැ. දැන් එවට ගිහින් මාර නාට්‍ය කරන කස්ටියට මේ පරිභොජන සමාජයේ පොරක් විදිහට වාහනයක ගිහින්  සිගරට්ටුුුවක්  ගහලා කාට හරි බනිනනවා විනාවෙන කිසි දෙයක් කරන්න බැහැ බැහැමයි. අර සුචරිත ගම්ලත් සහ සිනමා විචාරකයන්ට කියන්න දේවල් ගොඩයි. මචන් මේ දවස්වල උශ්නත්වය වැඩී කියලාවිතරයි.
         මේක ලියන්න ගත්තේ එ කාලකන්නි අවධියේ හිටපු සංගීත කාරයෝ අතර මාරසට ඉතිරි වෙලා ඉන්න කළණි පෙරේරා ගැන යි. එදා පුන්තිලා නාටකයකට සංගීතය දානවා අහපු ගමන් මමම මගේ පරවේණි නාටකයට ඒකාට කතා කළා. කෙලින්ම කිව්වා තිස්සසිරි සහ ඇච් ඇම් ජයවර්ධනයි ධනපාලයි නැතිව බැහැකියලා. එදාසිට අපි දර්ශණ 11 දක්වා ගමන් කළා. දොළොස්වන දර්ශනය රද්දොලුගම තියන්න තියනකොට අහෝ කේදයකි භීෂණය ආවානේ. කෙලියා තමා කියමුකෝ
 මොන නාටකද. කොහෙද යන කස්ටියක් ඉතිහාසය වෙනස් කරමින් වේදිකාව අතට ගත්තා. 
ඒකට තමා රජයේ පුණරුත්ථාපනය කියන්නේ. නැතිනම් විශෝධනය කියන්නේ. කෙසේ උවත් මේ කළණි පෙරේරාගේ සංගීතයේ තියන මන්ද්‍ර ස්වරයටත් අඩුවෙන් දමන ශබ්ද සංධවනියට මාරයාගේ කණ මාර ආසයි. මම දන්නේ නැහැ තැන් කීපයක ඇති මගේ මතකේ තියනවා කළණි පෙරේරා මේ පුන්තිලා නාටකයට සංගිතය දාලා කියවපු හැටි. කළණී මාත් සමග එ ගීත ගයනවා විතරක් නොවේ අපේ යාලුවන්ගේ තිස්සගේ ඇච් ඇම්ගේ සියල්ලගේ වියෝවීම් ගැනත් කතා කරනවා. මම කලනි සංගීතය දුන් ආසම ගීතයක පද මාලාව දාන්නම්. එක ලිව්වේ  අර නීතිවේදී පිටපත් රචකයා  වෙන්න ඇති. එකේ අයිතිය ඒකට  දීපල්ලා . කළනිට මේක ගයන්න කියපල්ලා. මොකද මේ පද ඇතුලේ නොපෙනුනාට මුළු භීෂණයම තියනවා.
      බර්ටෝල් ‌බ්‍රෙෂ්ට් කියන්නේ ජීවිතය හොයපු දාර්ශණිකයෙකුත් ඉක්මවමින් ධර්ම පැත්තට යන්න ඇති.  කළනි මට කිව්වා මහේන්ද්‍ර ඇවිත්නම් වෙලාවකට මේවා ගයලා යනවා කියලා. අද කළණි තනිවෙලා ඇති. පැරණි යාලුවෝ යන්න ගියානේ. නමුත් කළනි පෙරේරාගේ පරවේණී මතකයට මෙතනින් නිම වෙන්නේ නැහැ කළනි. හැම මිනිහවම එහෙම මරන්න බැහැ . හැකිනම් වෙලාවක ‌එදා පුන්තිලාට දාපු සංගීතය සමග මේ පද ටික ඔයාවත් කියන්න. මොකද මාරස මාරයා දන්නේ ඔයා තමා ‌‌බ්‍රෙෂ්ට් හරියට කලේ කියලා. 
සින්දුව තියනවා. මතකයෙන් ඔක්කොම තියනවා. මේ කෑල්ල තමා මරු කලනි
ජීවිතේ යම් දිනක් 
නොකොලොතින් වැරැද්දක්
මිනිසෙකු නොවේ ඔබ 
මිනිස් බව ලැබූවෙක්
වරක් කළ වැරැද්දක්
කළහොතින් යලි වරක්
මෝඩයෙක් නොවේ ඔබ ‌
මෝඩ තක තීරුවෙක්.
08 06 2023
ජගත් මාරසිංහ


Powered by Blogger.