අපගේ ආදර අතීතයේ කැලණිය හෙවත් කළ්‍යාණ කැලණි කඩයිමී සීමා................!

                                    අපගේ ආදර අතීතයේ කැලණිය හෙවත් කළ්‍යාණ 

                         කැලණි කඩයිමී  සීමා................!

                      තවමත් අප සිත රිදවන්නේ තවුස්ලන්ත පුරයේ.

                   (2023 පොසොන්දා කැලනියේදී තවස්ලන්තපුරය සහ පුන්තිලා මාරසට සිහිවූ වගයි)

         එක එකා නොවේ. අපේම උන්. ඒ කියන්නේ අපේ දශකයේ අපේම දේශපාලනික යාලුවෝ පොටෝ දානවා ඊ පවුරුවල නැතිනම් අන්තර්ජාල කැඩපත් පවුරු වල නැතිවෙන්න. ඒක අද නව විලාසිතාවක් වගේ කියලා සම්භාව්‍ය කස්ටිය එහෙම දාන්නේ නැහැ කියලා කතාව ඇතිකලේත් අපේ පරපුරේ සම්භාව්‍ය නොවන අයමයි. නමුත් මාරස මිත්‍ර මනෝ මේ ඡායාරූපය ඊයේ පොසොන් දවසේ කළ්‍යාණ විහාරයට නොහොත් කැලණි විහාරයට ගිය දවසේ ආලෝක දඩයමක් කරගෙන තිබ්බා. දැන් මෙතනදි අහන්න හෝ හිතන්න ඉඩ තියනවා මනෝ යනු කවුද කියලා. උත්තරය කළ්‍යාණ ‌චෛයිත්‍ය ඉදිරිපිට සිටම දීම මරු වෙයි. බුදුනුවන්ගේ වදන් මට සිහිවේ. ඇය මගේ සහෝදරියක්වත් පිටස්තරයෙක්වත් නොවන්නේය. එ සේ වන්නේද නොවේ. ඇය මගේ ආදරියත් නොවේ. එසේ නොවන්නේද ‌නොවේ. ඇය මගේ මෙහෙකාරියක් නොවන්නේය. එසේ නොවන්නේද නොවේ. එසේ නම් ඇය කවුදැයි කිසිවෙක් ප්‍රශ්න කරනු ඇත ඒ ප්‍රශ්නයට පිළිතුරු දී හමාරය. ඒ චතුස්කෝටික කතා කෙලින් කතා කළ හැක්කේ බුදුවරුන්ට විනා අපවන් පඟිරි නැට්ටන්ට නොවන බව ඉතිහාසයේ සඳහන් වී ඇත. ඉන් දේශපාලන කොළම් ලියන කොල්ලන් කෙල්ලන් හෙල්ලුම් කවනු ඇත. කෙනෙකුට ආදරය කරනවා කියන කොල්ලකු කෙල්ලකු සම්බන්ධව නුඹලාසිතා සිටිනා සේම දැකීම අනිවාර්ය. ඊට අදාල මිනිසුන්ට කම් කිම් කියා කියන්නේ ලියන්න බලාගෙනය. ලියන්නට ගියොත් සැමගේ පටි ගැලවෙන්නේය. මාරසගේ පටි ගැලවෙන්නේ නැත්තේද කියා සිතමි. මන්ද මාරසට ගැලවෙන්නට පටියක් නැති බව මාරසම ලියා අවසාන වීගොඩක් කල්ය.

            ඉතින් නව දේ ලියන පැරණි අපෙ විකාර බහුබූත සමග එල්ලී සිටින සහ එසේ සිටියත් නැතැයි වගේ නවමාවත් හොයන කොල්ලනේ කෙල්ලනේ. කැලණියේ ඊයේ පොසොන් දිනය මරු. හරි ඉතින් සිංහල බෞද්ධ දේශපාලන පාරම්පරික පළිගැනීම් අමතක කර ලියන්නම්කෝ. එක රොත්තයි ජනතාව. අටමස්ථාන වල අයත් ඇවිත්. ඉතින් සිල්ගත්තම බොන්නත් නරකයි නොවේ සිල් ගන්නවා කියන්නේ යම් තමා දන්නා ප්‍රතිපත්තියකට ගිහින් ඒකේ ජීවත් වෙලා ඉන්නවා. බලනවා තේරුන්ගන්නවා තව දුරටත් මෙනෙහි කරනවා තමා. 

     මාරසට දැනුනා යුද්ධය ඉවර වෙනකම්ම  සංස්කෘතික විනෝදය මිනිස්සුන්ට නැති වුනා. පසුව යහපාලනය වැඩක් කරන්නට ගත්තා පල්ලි වල‌ ඩෝං ගෑවා. පස්සේ මිනිසුන් මග්බෝධ වුනා. නමුත් සමාජ සංස්කෘතිය අස්වැසිල්ලක් ලැබුවේ මේ කාලයේ එක එක නාටක සංගීත චිත්‍ර කාරයන්ගේ ‌යුරෝපීය මගුල් වලින් පමණද මන්දා. නමුත් උන් ඒ අවස්ථාවල මග පෙන්වන්න මාර කැප කිරීම් කළා. පසුගිය වෙසක් දවසේත් මම කැලණි විහාරයට ගොස් "නිවන් මගට මග පෙන්වන කැලනි විහාරේ" කියන සැනසුම කොතනද චිත්‍රපටයේ කේමදාසයන් සංගීතය දැමූ ධර්මසිරි ගමගේගේ ගීත නොව රොමැන්ටික් වගේ දැනුනත් යථාවද ඉක්මවායන රූප රාමු මා ආදරය කරන ආලෝක දඩයම් ඇසින් කැලනි විහාරය දෙස බලා සිටියේ අටමස්ථාන යනු මොන විප්ලවවාදී පක්ෂ ඇතත් අපේ අම්මලා තාත්තලාගේ ආදරවන්තියන්ගේ දරුවන්ගේ පොළවයැයි මාරසට දැනෙන නිසාය. මාරසේම පොටෝවක් දමා ලියන්නට සිදුවීම ලැජ්ජා සහගතය. නමුත්  ලැජ්ජාව නැති උන් ගැන ලියන්නට තවමත් ඒ ලැජ්ජාව නිසා නොහැක. තව දුරටත් හීනමාන මහාමාන සෙයිසාමාන කතා ලියන්නට කිසිදු අවශ්‍යතාවක් නැත.

           වසර ගණනාවකට පසු මිනිසුන් ආර්ථිකයෙන් සුළුවශයෙන් වුවත් මනසින් නිදහස් වූ නිමේශයක ජාතික ආදරය සොයා යන ගමනේ සනිටුහන් මාරසට පිස්සු හැදුන මොහොතක් මේ ආලෝක දඩයම අල්ලා තිබෙනවා සේ මාරසටද දැනී ගියා සේය. කොටින්ම ඉදිරියේ වෙන දේ කියන්නට මාරසටනම් ජ්‍යෝතිෂය හෝ ආධ්‍යාත්මික ශක්තිය කම් කිම්. දේශපාලනය ඇවැසි වන්නේ වෙනස් කිරීමටය. හින්දු වේද වේදාන්ත මහා දේශපාලනයට බුදුනුවන් දුන් උත්තර පස්සේ යනවා විනා මේවා ගැන හිතන්නටවත් අප දහදිය කඳුලු වැපිරූ කිසිවෙකුටවත් බැරි වී ඇත්තේ මාරස කියන පරංගි මතවාදය නිසාම නිසා කියා තව දුරටත් මාරස කියන්නට බය නැත. එසේනම් ජාතිකවාදයද කියා කිසිවකු ප්‍රශ්නයක් ඇසූවහොත් උත්තරය සරලය. ඒ තත්ත්වයන් මතද පරංගි හොල්මන් කරනවා සේය.

      මේකුන් මතක තබා ගත යුත්තේ මේවා නොලියවෙන්නේ සිංහල බෞද්ධ සදාචාරයේ යම් මනෝ විශ්ලේෂණාත්මක ආදරයක් ඇති නිසා බවය. මේවා ගැලවෙන්නට ගියොත් ‌ගැලවෙන්නේ අර පැපොල රෝගය සුව වී ඒ ලප කැලැල් ගැලවී යනවා හා සේය. නමුත් මතක තබා  ගත යුත්තේ ස්වභාව ධර්මයෙන් ඒ වෛරස් රෝගයේද එක ලප කැලැලක් ඉතිරි කරගන්නා බවය. එය ඒ පුද්ගලයා මිය යනතෙක්ම තිබෙනවා ඇත.

     එලෙසම මේ ජන ජීවිත සමග සෙල්ලම් දමන සියල්ලන්ගේ ලප කැලැල් තිබෙන තැන් දන්නා අය දන්නවාය. ඒවාට ඇගිල්ල දික්කිරීමේ කාලය පැමින ඇත ඒ බිහිකර ඇත්‌තේ මාධ්‍ය සදාචාරය යන දේශපාලන වානිජ ව්‍යාපෘතියක් විසින්ය. නමුත් ඒකලා සමගද කලකිරී දැන් හමාර බවත් පරිස්සම් වෙයල්ලා කියන කතාව ඈතින් බලා සිටින යක්ෂ නාග භූතයන්ගේ නිවේදනයක් ලෙස මේ සටහන පිලිගත්තද නොගත්තද ඒ තත්ත්වයන් එසේ අවසන් වනු ඇත. ඒ පෙර කල දන්නා එකෙක් කී විට ඒ ඔස්සේ අනාගත පරපුර වල් පට්ට හෑලි මත ගොස් නැවත නිවැරදි තැනින් සියල්ල අවසන් කිරීම ලෝක ස්වභාවයක් වන් නිසාය.

     සැබෑවටම මාරසට මෙසේ බවුන් ගතවන විට හෙලේනා ලෙත්තමිකී ජර්මන් නාට්‍යකාරියව සිහිවෙනවා විය හැකි නොව සිහි වුනේය. එහි නිහාල් රඟපෑවා වන් සේම ඊට සංගීතය සැපයූ කළණි පෙරේරාට මාරසට කළ හැකි උපහාරයකටත් වඩා ඒකාගේ සංගීතයේ තිබි ස්වරත්වයේ භාවනාව හරහා මාද පරවේණී නාටකයට ගත්තේ කලනිවය. නමුත් ඒවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ කලාව කුමක්දැයි තේරුන් ගැනීමට නොහැකි නිසාම වල් බූත විය. නමුත් මාරස මාරයාට තවම පුන්තිලා නාටකයේ කලනියා සංගීතය දැමූ ගී පද කටපාඩමින් මෙන් මතකය. ලියාද තබාගෙන තිබේ. අපි මෙසේ ගයමු බර්ටොල් බ්‍රෙස්ට්. හෙලෙනා ලෙත්තමිකී අත්පොඩියක් ගසාගෙන කට කොනේ දෙපැත්ත උඩට හරවා සිනා සිසී බලා සිටින්නේද? කලනි, තිස්ස සිරි, එච් ඒම් කොච්චර බිව්වත් අවස්ථාවේ වෙලාවට සංගීත භාන්ඩවල සැබෑතැනට ඇගිලිතුඩු සම වැදුනේද?

         පුන්තිලා නාටකයේ මතකයේ ගීතයකි. ( අන්තර් ජාලයේ මියුසික් නැත. 80 මාරස පපුවේ ඇත. කාලක් ගහපුවාම මියුසික්  තනු මතුවන බව සැබෑවක්ම වන්නේය.)

විල් තෙර නිල් දිය සිඹිමින්නේ

සීත සුලං එන්නේ

මල් වල රොන්සුණු පිසිමින්නේ

අප ගත සනසන්නේ

දුහුල් වලා කුලු පාවෙන්නේ 

අනන්ත කඳු රැල්ලේ

සතුටද අසිරිය ඔබ දන්නේ 

තවුස්ලන්ත පුරයේ

මිදිවතු පොකුරින් බරවෙන්නේ

සුන්දර ගිම්හානේ

මල්වතු   සුවඳින් නැහැවෙන්නේ

සුන්දර ගිම්හානේ

ආදර හසරැලි සොයමින්නේ

සුන්දර ගිම්හානේ

ඈතින් ඈතට අප යන්නේ 

තවුස්ලස්ත පුරයේ.‍

ජගත් මාරසිංහ‍

(පුන්තිලා මතක පිටපතින් මතකයෙන් ලියන ලදී)

(නාටකයේ මාරස සිතුමට ගැලපෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ සයිබර් රස්තියාදුවේ හොයා ගන්නට බැරි හෙයින් තමන්ගේම ඡායාරූපයක් දැමීම වරදක්නම් කමත්වා.)

04 06 2223

https://jagathmarasinghe.wixsite.com/mare






Powered by Blogger.