විචාරක භූතයන්ගේ සාපයේ කලාව

                                          විචාරක භූතයන්ගේ සාපයේ කලාව


ට්‍රොස්කිවාදය අනුදකිමින් කීරිති බාලසූරියද, සුචරිත ගම්ලත්ද, පියසීලී විජේගුණසිංහ සහෝදරියද කලාව ගැන මාර දෙයක් කළා මතකය. දැන්නම් මාරසේ වයස 63ට ආසන්නය. අපි බලා ඇති නවකතා චිත්‍රපට නාටක කෙටිකතා සියල්ල බලා ඇත්තේ මේ මාක්ස්වාදීන් යන සාහිත්‍ය බලය අතට ගත් උන්ගේ සිහින හරහා කියා සිතෙන්නේ දැන්ය. ඒ නිර්මාණ කරපු උන්ද උන්වම සන්තෝස කරන්නට කර තිබෙන බව සැබෑවකි. අර ඇත්ත මේ ඇත්ත ලංකාදීප හරහා මාර්ටින් වික්‍රමසිංහද කරකවා දමපු අයුරු සිහිවෙන්නේ දැන්ය. අවසානයේදී යමක් ගොඩ ගන්නට සෙංකොට්ටන් ලියා ඒකාද මේ දේශපාලන විද්‍යා කලාවේ කණ්ඩායම්වල දියවී ගියා සේය.

නව පරපුරට කියන්නට කාරණයක් තිබේ. කලාවට විද්‍යාවක් දේශපාලනයක් නැත. ඇතැයි කියන්නට ආවොත් ධර්මසේන පතිරාජගෙන් පටන්ගෙන තුංමංහන්දියෙන් ඉවර කර දැමිය හැක. ජීවිතය ලියපල්ලා. ලස්සන පොත් බලපල්ලා. පට්ට විචාරකයන්ව සත පහකටවත් ගනන් නොගනිල්ලා. ඇස ඇත්නම් කියවපල්ලා. සිත ඇත්නම් සිතපල්ලා. ලියපල්ලා. මේ වල් භූත කලා විචාරකයන්ගෙන් මිදී සැබෑව ලියපල්ලා. හංස විලක් ඉතිරි කර අනිත් සියල්ල පමණක් නොව ධර්මසිරිවද විනාශ කර දැම්මේ මේ විචාරක විකාරයයි.

සේකර මේකට අහුවුනේම නැත. ඒ ඒකා බවුන්වඩන්නෙක් නිසාදැයි සෙවීමට කේන්දරය මට හමුවී නැත.

අළුත් කොල්ලනේ. බලන් ඉන්න කලා වැඩක් කරපල්ලා. අපිත් මැරරෙන්න පෙර.

ආදරෙයි

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

27 06 2023



Powered by Blogger.