වැඩිහිටි ආදරයට බොරලැස්ගමුවේත් මතක

වැඩිහිටි ආදරයට බොරලැස්ගමුවේත් මතක


ඒ මොරටුව බාර් එක. මාත් ඒක්ක තවත් කෙනෙක් බොනවා. අපි සාහිත්‍ය සංවාදයකට යනවා. මේකා කේ කේ ගැන කතා කරනවා. පස්සේ මාරයා ගැන කතා කරනවා. මම කියනවා කාලක් ගනින් තව ඒ මම කියලා. ඒ එදා සිට ඇතිවූ මිතුදම මාර දිගයි. හැබැයි වංගු තිබුනේ නැහැ. ඉතින් දූනගහ වැඩිහිටි නිවාසයට ඇවිත් බොරලැස්ගමුවේ මහ කවියාවත් සිහිවෙන්න එක්ක වැඩිහිටියන් සතුටු කරන්න සිංදුවක් කිව්වා. මට සිහිවුනේ බොරලැස්ගමුවේ මහ කවියාව. ජී ඇච්ව තමා.
මම කියනවා මංජුලයට අද රෑ ඉඳලා අපි දානමය පිංකම ගැන ආතල් අරන් යමු කියලා. මේකා පරල වෙලා. යන්නම ඕනලු. මට ජී ඇච්ගේ කවිිිියක් කටපාඩමින් සිහි වුනා.

"බොරලැස්ගමුවේ මහ කවියානෙනි                  හීනී 

නුඹ කවි කියන විට මී පැනි වැනි                        සීනි

ඔබ මින් ගියොත් කවි රසයට වෙයි                   හානි

කරුවල නිසා රැකුමට යනවද                           ගෑණී"

කාරි නැහැ මංජු. උඹ වැඩිහිටියන්වෙනුවෙන් දායක වෙලා වැඩිහිටි ආදරයට සින්දුවක්වත් කියලා ගියානේ. ආදරය කියන වචන  තාම වචන වලින්රු තේරුන් කරන්න  බැහැ. හැකි කාලයක් ඒවි නොවේ මිනිසුන් හදාගනීවි. ඉතින් බොරලැස්ගමුවේ මංජුල සහෘදයාටත් පිං.

                                                                               https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

26 02 2023


Powered by Blogger.