වැඩිහිටියෝ (නිල් මානෙල් මල් පිපුනා)

                                    වැඩිහිටියෝ (නිල් මානෙල් මල් පිපුනා)

            මාරසට බයිලා ලියා පුරුද්දක් නැත. ඇවැසිනම් පුරුද්දක් නැති වුවත් ලියන්නට හැක. නමුත් මාරස අන්තර්ජාලය පීරමින් සයිබර් රස්තියාදුවේ යෙදෙන්නෙක් වෙමි. කොතරම් කොහේ අන්තර් ජාලයේ ගියත් වැඩිහිටි යන සම්වභයේ රූපයක් දැක්කේ දෙනවක හාමිනේගේ රූපයම වන්නේය. ඇය වයසට ගියේ නැත. තලැත්තෑනි ස්ත්‍රියක් ලෙස සිය හැකියාව අවධිකිරීමට ඇයට කිසිදු සම්භාව්‍ය විකාර විද්‍යා ඇවැසි වූයේ නැත. සිරි ගුණසිංහයන් මේවා දැක්කාදැයි සිතන්නට ඉඩක් ඒකාද අපට ඉතිරි කර නැත. සිනිදු සුදුමුදු තලාවේ ලියපු සේකරයන්ටද මේ දෙනවක නෝනා සෙට්ය. නැෂනල් කොටයක් ගසාගෙන සිම්පනිය යනු කුමක්දැයි සංගීතයෙන් මිනිසුන්ගේ හද බසට කනින් මොකක්දෝ ආදරයක් ඇතිකළ සෝමදාස ඇල්විටිගලයන්ගේ සංගීතයටද මේකිය සෙට්ය.  මට නම් සෙට් නොවූයේ ජේ ආර්ගේ වේදිකාවලට නැග කසනවා කසනවා මේ සබන් ගා කියා මිනුවන්ගොඩ ආසනයට ජේ ආර් පී සූරියප්පෙරුම ඉල්ලන කාලයේදී ඒ දේශපාලන වේදිකාවලට නැග කසා ගත් කැසිල්ලට පමණි. නමුත් ඒ දේශපාලනයේ නලුනිලියන් ජේ ආර් දේශපාලනයේ වේදිකා ගත කළ කාලයයි. ඔබටද ඊට පසු ආර් ප්‍රේමදාස ගල්කිස්සේ කලාපූරය දා කලාකරුවන්ට දුන් ඉඩම් කෑල්ලක් හමුවුනේද යන්න මාරස දන්නේ නැත. 
            එහි සිටින සියල්ලෝම ප්‍රේමදාස පුතනුවන්ට ඡන්දයවත් දෙනවාද නැතිද යන්න දන්නේද නැත. ඒවානම් මාරය. සයිමන් නවගත්තේගමගේ ඉඩම් කෑල්ල ගැන පෙම් බැඳි අය ගැන පතුල නැමති වෙබ් අඩවිය දන්නවානම් ලියනවා ඇති කියාද සිතමි
           නමුත් මේ සටහන කරන්නේ වැඩිහිටි යන සංකල්පයේ රූපයක් ලෝකයේ වෙබ් අඩවි සිසාරන තැන දෙනවකට ගහන්නට වෙන රූපයක් නැති නිසාය. මේ දෙස බලපුවාම පසුබිමට සංගීතයක් දාන්නට හිතෙන්නේ ඇල්විටිගලයන්ගේ සිනිදු සුදු මුදු තලාවේ තමාය. නමුත් මාරසද හිතුවක්කාරය. කෙලින්ම දාන්නේ ඇල්බට් පෙරේරාගෙන් නිපන් අමරදේවය්  නිල් මහනෙල් මල් පිපුනා ගීතයය. මඩ වල නමවුවත් මඩවල මඩ ගා ගත්තේ නැතිසේය. මඩවල එස් රත්නායකයන්  කෙසේ අමතක කරමුද? 
        වැඩිහිටි මිනිසුන්ගේ ආදරය තියනවානම් නාකි වෙන්නට වෙන්නට නිල් මහනෙල් මලක්ම වන්නා සේය. ඉතින් දෙනවක ඇන්ටී නොකියමි. දෙනවක මෑනියන්ද නොකියමි . දෙනවක සහෝදරිය කියාද නොකියමි. දෙනවක ආදරිය කියා කියමි. හරියටම අප පෙම් කළ ගැහැනියක් වන්ය. සැබෑ වැඩිහිටි කවුරුත් වයසට යන්න යන්න තරුණවනවාය. මේවාට බුදුනුවන් කී වදන් පසුව ලියන්නම්.

නිල් මානෙල් මල් පිපුනා
නෙත් සැදුනා ඒ අනුරාගී
නළල ඇගේ අඬසඳ වාගේ
මිහිර නොවෙද හදවත කාගේ

මුතු ඇටවන් දත් පෙළ සුදිළේ
සිනහ නැඟේ දත්වල කැල්මේ
ඇයගෙ දෙපා ළඟ මහද තැවේ
එපමණි මා ලද එකම සුවේ

දිගින් දිගට නැතිවී නැතිවි
අඳුරු වුනා මල්බර ජීවේ
තනිකම මා වට පැතිර සැළේ
වීණා තත්සර මිහිර බිඳේ

පිසදාලා තනිකම ලෝකේ
ලොව නැහැවූ සුගතිය ජලයේ
බුදුහිමි මම ඔබ හමුව ලොවේ
සටනට එන්නෙමි රැයද දැවේ
https://youtu.be/W45iU1Z3680

ජගත් මාරසිංහ
10 06 2023



Powered by Blogger.