අප සියල්ලෝම වැඩිහීටියන්ය. ආදරය ඇත්තේ එතනය.

     



      මාරස පේස් බුක් වලට කියන්නේ ඊ පවුර කියලා. ඉතිහාසයේ බිත්ති වළ නොයෙක් ශිෂ්ටාචාර ඇඳලා තියනවා. සකාබර්ග් කොහෙන් ගත්තද කියලා මාරස දන්නේ නැහැ බිත්තිවල ලියවෙන කෑල්ල. ලෝකයේ ශිෂ්ට විදිහට ව්‍යාකරණ සහිතව චිත්‍ර සහ කව් ගී ශෙල් ලිපිවල කතන්දරය දැන් කියනවාට වඩා වැදගත් විදිහට රාජ් සෝම දේවලා ලිව්වනම් මරු කියලත් කැපිල්ලක් දානවා. ශිවාන් දැරණියගල පරපුරටත් ඒක එසේමයි. නලින් ද සිල්වානන් පමණක් ඊ පවුරට නෙලනවා නැතිවෙන්න.   ඒ ගැන සැබෑ සිතීම් ඇතිවෙන්න තවත් කල් යයි.

     මේ සින්දුවක්. නිකන් නොවේ අපි දානයක් දුන්නා කියන්නේ මොකටද? අපත් දැන් වැඩිහිටියෝ. ආදරය හොයන ආදරය ලබන්න ආස මිනිස් නිමේශයක්. ඉතින් අපි දූනාගහ වැඩිහිටි නිවාසයට ගොස් ඒ ආදර අපේ සහෝදර සහෝදරියෝ වුන අම්මලා තාත්තලා වුන වැඩිහිටියෝ සමග විනෝද  වුනා. තහනම් වචන එකයි තිබ්බේ. අනේ පව් කියන්න බැහැ. කර්මපලවාදය කියන්නේ දිග කතාන්දරයක්. කිසිවෙක් අනේ පව් නැහැ. බලන්න මේ අම්මලා මේ ගීතය සමග සම වදින හැටි. නොස්ටැලිජියාවෙනුත් කතා කරන්න හැකියි. ඒත් ඒ ආදරණිය විනොදය. සී විජිත්ට වඩා ආදර බාබුට වඩා නුඹේ මනුෂ්‍යකමට කවුද බං ආදරේ නැත්තේ.

ජගත් මාරසිංහ

24 06 2023


Powered by Blogger.