දකින දේ ඇත්ත නොවන්නේමය.

                                          දකින දේ ඇත්ත නොවන්නේමය.

    මාරස ගත් නිවැරදි තීරණය වන්නේ සියලු සහතිකපත් පසකලා ජේ ආර්ගේ ආණ්ඩුකාලයේ පිරිවෙන් ගුරුවරයෙක් වීමයි. පිරිවෙන ලියාපදිංචි කරගන්නා තාක්කල් මා විඳි දුක් අපවත්වූ මලවැන්න ඤාණාලෝක ලොකු හාමුදුරුවන් දැනගත්තාම ප්‍රමාණවත්යැයි සිතමි.

    අද ඕනෑම රැයක බීමතින්හෝ පන්සලකට ගොස් මා මොරටුව සිරිසුමංගල මහ පිරිවෙණේ  ගණිතය සම්බන්ධ හිටපු පරිවේණාචාර්ය  වරයෙක් කියූ පමණින් නවාතැන පමණක් නොව මට ලැබෙන ආදරය මාරය. නමුත් මාරස මෙය විහිලුවකට කිසිදා බාරගෙන නැත.

    කෙසේ හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ව ඊ නාලිකා වලින් මා දැක්කේ චන්ඩියෙක් විදිහටය. ජාතිවාදියෙක් විලසය. කෙසේ හෝ උන්වහන්සේව මට ඇසුරට ලැබුනේ ලක්සිරි හේවගේ නිසාය. හිටපු පරිවේණාචාර්යකම ඒ ස්ථිර කිරීමට සමත්වන්නට ඇත. මම අත බලා මහන්සිවී උන්වහන්සේගේ කේන්දරය හදපු අවස්ථාවේදී උන් වහන්සේ පුදුම විය. අතක් බලා උපන්වේලාව ආසන්නයට ගොස් නිවැරදිව කේන්දරයක් හදනවා කියන්නේ සෙල්ලමක් නොවන්නේය. ලාංකේය භික්ෂූවකට  රට වෙනුවෙන් පෙනී සිටීමට උරුමයක් බිහිවී තිබේ. ඒ ජාතික විය හැක. මාක්ස්වාදී විය හැක. ස්වාධීන හෝ ධනේශ්වර විය හැක. වල්පොල රාහුල හාමුදුරුවන්වද සිහිවන්නේ අමරණීය පැත්තකනි.

    අද වන විට භීක්ෂූන් පරපුරම සමාජයේ පෙත්තක් වී හමාරය. නමුත් ගලගොඩඅත්තේ හිමිගේ ඒ සටන්කාමී කටහඬ පුද්ගලිකව කතාබහ කරන විට දූරි බූත වී යනවාය. මේ බුද්ධානුස්සති භාවනාව ගායනා කරන්නේ ගලබඩ අත්තේ හාමුදුරුවන් වහන්සේය. දකින දේ ඇත්තක් නොවේමය. මේවා තේරුන් ගැනීම වනාහී බුදුබව සෙවීමක්ම විය හැක. මාරස තාම ඊට පෙරුම් පුරා නැතිවාසේය. කෙසේ හෝ වේවා මිනිසුන්ගේ සිත් ඇවිස්සීමට ඇති හැකියාවටත් වඩා මිනිසුන්ව සන්සුන් කිරීමට ඔබ වහන්සේ තුළ ඇති හැකියාව පුදුමාකාරය. සාදු සාදු කියා මාරස නිහඬ වෙන්නම්.

ජගත් මාරසිංහ

26 07 2023


Powered by Blogger.