රෝගියෙකුගේ මානසිකත්වය හා පරංගි ‌වෛද්‍ය නිළධාරීන්ගේ දේශපාලනික අනාදරය.

 රෝගියෙකුගේ මානසිකත්වය හා පරංගි ‌වෛද්‍ය නිළධාරීන්ගේ දේශපාලනික අනාදරය.



         2018 වසරේ මා සිටියේ වල පයයි ගොඩ පයයි වගේ. මොකද හෘදය වස්තුවේ නහර තුනක් බ්ලොක් වෙලා. ඉන්ගිරිසි ‌වෛද්‍ය ක්‍රමය ස්කෑන් පරීක්ෂනයක් කරලා කියනවා කෙලින්ම ඕපන් හාට් බයිපාස් එකකට යන්න කියලා. මාරේ 2015 සිට ඇතිවූ මේ කොලෙස්ටරෝල් සම්බන්ධව ‌වෙද වරුන් හොයනවා. වල්පොල වෙද මහතා ගාවටත් යනවා. ඒකලා හරියටම හරි කියලා මීට පෙර මාරස  ලියා තිබෙනවා. නමුත් ඒ කාලයේත්  මා බිරිඳගෙන් වෙන්වී සිටින අවස්ථාවක්. ඒක අයිති සමාජ විද්‍යාවට. වෛද්‍ය විද්‍යාවට නොවේ. සමාජ විදයාව වෛද්‍යය විද්‍යාව කියලා කියන ඉන්ගිරිසි වෙද මහතුන්ල සහ සිංහල වෙදමහතුන් කියන කතන්දර පාරේ හමුවෙන බල්ලොත් දන්නවා. මොකද බේබද්දෙක් බල්ලෙකුට හමුවුනොත් බල්ලන්ද බුරා පැත්තක වී කන්කොට ගහනවා. බේබද්දා අසල කඩයකින් බනිසයක් හෝ රෝල්ස් එකක් අරන් දුනනොත් නකුට වනමින් කරේ නගිමින් ආදරය පානවා. මේවා ගැන වෙනම කතාවක් ලිවිය හැක්කේ නිර්මාණාත්මක කෙටිකතා හෝ වෙනත් එවන් දේකින් පමණයි. ඒවා ලිව්වා කියා 1977ටත් පෙර තත්ත්වය වගේම ප්‍රකාශ කිරීමට නොහැකියි. ඒක වෙනම කතාවක්. අන්තර්ජාලය පරිශීලනය කරන්නේ ඉතාමත් ගේම් කාරයෝ විතරයි විය හැකියි. ඒ ගේම හඳුනාගත් නිසා මාරසද ගේම් කාරයෙක් විය හැකියි. මතක තබා ගත යුත්තේ මාරස මාරසට ඇවැසි දේ කෙලින් කියන ගේම් කාරයෙක් පමණක්ද කියාද හිතෙනවා.
           
     මේ නවලෝක රෝහලේ අතින් නහරයක් කපලා පපුවේ හෘර්ද වස්තුවේ ඒ බ්ලොක් තුනක් නැති කර දවසින් නැගිටවා  පිසියෝතෙරපි කරන අවස්ථාවේ අවසානයේ මගේ ටිකට් කැපූ විට දුව ගත් ඡායාරූපයක්. 
          මා සාමාන්‍යයෙන් රැවුල කපන්නේ නැහැ. නමුත් මරණයට බයයි. තන්හාව හින්දා වෙන්න ඇති. ඒකට කිසිම අවුලක් නැහැ. ඒක එහෙම තමයි. සමහර විට පෙරුම් පුරලා බුදු වෙන්න ආපු කෙනෙක් නොවෙන්න හැකියි මාරස මාරයා. නමුත් ආදරයනම් තාම හොයනවා තමා. මෙතෙක් ජීවත්වෙන්න උදව් කළේ මගේ දුව පුතා වගේම මගේ කළ්‍යාන මිත්‍රයෝ කියලා කෙලින්ම කියනවා. දුව පුතාලාව බිහිවුනේ මගේ දරුවන්ගේ අම්මා නිසාම තමා. ඒ නිසා සැබෑවටම හැම මිනිහෙකුටම දරුවන්ගේ අම්මා වන සෞම්‍යා කෙනෙක් අමතක කළ නොහැකියි කියමුකෝ. නමුත් මේ දැන් සැත්කමත් කරන් කෙලින් හිටපු විදිහටම ඉන්න මාරස අහන ප්‍රශ්නයක් තියනවා.ඒක මගේ ප්‍රශ්නයකටත්  වඩා ජනතා ප්‍රශ්නයක් විය හැකියි.
     අම්මගේ රෙද්ද කියා පාදඩනිර්ධන පංතියේ පොරවල් කියනවා වගේ කොලොස්ටරෝල් නැවත නැති කරගන්න හැකි බේතක් විදිහට ජීවිතයටම නියම කරන්නේ ඇටෝඇස්ප්‍රින්. ඒවා ගැන සිංහල පොර වෛද්‍යවරුන් කියන්නේ ඒක මළම විකාරයක් කියලයි. ‌සිංහල දොස්තර රත්නපාල මහත්මයා ඒ ගැන මහින්ද ජනාධිපතිවත් දාගෙන යූ ටියුබයේ කතා කළා. තව කෙනෙක් කියනවා මේ ලගකදි පොල් සම්බල, මී කිරි සහ මස්මාලු කන්න වැඩියෙන් කියලා, මම දැක්කා ඉතා දෂ මාධ්‍ය වේදියෙක් වුනත්  සම්භාව්‍ය කටත් මකර කටක් කරගනිමින් කතාකර තමන්ගේ වටිනාකම පහත දාගත්තත් යම් දැනුමක් මාධ්‍යවේදය ගැන තියනවා කියා සිතිය හැකි තවත් පැත්තකින් ජැක්ෂන්ගේ නාට්‍ය දක්ෂතාවයට නොව මීඩියා මළ මගුලකට සමීප චමුදිතත් මස් මාලු  කාපල්ලා පොල්සම්බල කාපල්ලා, කිරි පැනි කාපල්ලා කියන දොස්තර මහතා සමග ඉතා වේගයෙන් සාකච්ඡා කරනවා. අනේ චමුදිත සහෝදරයා වේගය වනාහී තාක්ෂණයේ විකාරයක්. ඔබේ දැනුම දැන් පිස්සු කෙලින්නැතිව  සැබෑව හොයන්න. හෙව්වත් නොහෙව්වත් මිනිස්සු දැන් බුද්ධිමත්.
      දැන් යූ ටියුබ් බලපුවාමනම් කොලොස්ටරෝල් නිසා කෙලවාගත් බයිපාස් රෝගියෙකුටත් කන්න නැති දෙයක් යූ ටියුබයේ නැත. කන්න හැකි දෙයක්ද නැත. තවම තනකොල මරුයි කියා ‌කතන්දරයක් යූ ටියුබයේ හමුවූයේ නැත. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව චරක පඬිවරයාවද ශුශ්‍රැත පඩිවරයාවද හදාරා අවසාන වගේ නොව  මේ සමහර විට පුංචි කෙල්ලන්ය. කොල්ලන්ය. කිලෝ ගනන් ලයික් ගැනීම උනගේ මාරම විනෝදයයි. විනෝදය සහ ශරීර වේදනාවේ වෛද්‍ය විද්‍යාව යනු දෙකකි. රෙද්දේ මනෝ විශ්ලේෂනයක් ඊට අඩංගු නොවන හැටි සජීවීව මාරසටද ලිය ලියා ආතල් ගැනීමට හැකිය. නමුදු මාරස ඊට කැමති ‌නැත්තේ දුක දුක නිසා පේන හන්දාද කියා තීරණය කළ යුත්තේ මාරස පාටකයන් විනා මාරස නොවන්නා බව ඉතා හොඳින් දන්නවා කියා මාරසට හැඟේ.
          අපරදිග ‌වෛද්‍ය විද්‍යාවේ පියා කියා සලකන හිපොක්‍රටීස්ගේ මානවීය දැනුම සම්බන්ධවවත් ‌අසා දැන ගත් අය නොවන්නේය. කිසිත් විද්‍යාවක් නොදන්නා වුන්ය. සමහර අප දන්නා දරුවන්ට කෙලවූ අයද දැන් ළමා මානසිකත්වය ගැන නන් දොඩයි. අනේ අපොයි අපොයි අහෝමයැයි කියා සිතින් නිහඬවනවා හැර වෙන කියන්නට කරන්නට දෙයක් නැත.  කරන්නට ඇති එකම දේ වන්නේ දේශපාලනික පැත්තක වැඩක් කිරීමය. වමේ දේශපාලනය සම්බන්ධව කියන්නට තියෙන්නේ අනේ අපොයි අපොයි අහෝමයයි කියා වන් නිමේශයක නිහඬවීම ආදරයේ භාවනාවක් යැයි සිතේ. සමහර මනෝ විශ්ලේශක දේශපාලනයේ වර්ථමාන තත්ත්වයන් මත කොහේ හෝ පන්සලකදී රොහාන් පෙරේරා සහෘදයාවද හමුවනු නියතයයි සිතන්නේ මාරස වන් මරිමෝඩයන් මනෝ විශ්ලේෂන න්‍යායන් දන්නා නිසා වෙන්නට හැකිය. නමුත් ඒකාගේ ගෝලයන්ගේ කතන්දරනම් ඒකාගේ ගෝලයන් ‌ගෝල කාන්තාවන්නම් ඒ සම්බන්ධව ජනමාධ්‍ය තුල සිතියමක් අඳින්නේ අවිංඥානිකවය. හෙට අනිද්දාම නුම ත්‍රී පිටකය ගැන වෙනම දේශ භාෂයක් ගැන ලියනවා කියා සිතෙන්නේ නිකන් කවට කමට නොව සැබෑවටමය. මන්ද සිග්නල් නොමැති රේල් පාරක රේල්ලුවට ගමන් කළ නොහැක. සිග්නල් පස්සට ඇතිනම් කෝච්චිය ආපස්සට හැරවිය නොහැක. ඇන්ජිම පස්සට ගෙන ගොස් ආපසු යා යුතුය. ‌‌දුම්රිය ඇන්ජිම බිහි වූ යුගයේ මාක්ස් එංගල්ස්ට ලිව්වේ ට්‍රොජන් අශ්වයා නිර්ධන පන්තියට ලබා දීමට තාක්ෂණය දියුනු වී ඇති බවය. ඒ සැබෑවක් වන්නේ මාක්ස්ලා කියන ලද දේවල් ජය ගත්තේනම්ය. හීනමානයක් නැතිව ඒ කතාවට මාරස ආදරයේය. නමුත් දැන්නම් පේන්නේ මාක්ස්වාදය කරන හෝ ගෑවී ඇති කුහකයන්ට ඒතත්ත්වයන් ජය ගැනීමට නොහැකි බවය. ඒකලාගේ අනාවැකි පවා සියල්ල අහෝසිය. තනිකරම ලාංකේය මාක්ස් පරපුර පරංගියන් සේය. පරංගියන් ගැන කියන්නට සංදේශය චිත්‍රපටයේ පෘතුගීස් කාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය මාරය. ඒකේ නිවි හැනහිල්ලේ සංගීතය දුන් සුනිල් ශාන්තයන් පෘතුග්‍රීස් සංගීත අපර දිගටද නෑකම් කියමින් පෙර දිග දැනුමින් දියුනු වූ නිසා ඒ සිදුවන්නට ඇති බවට ශාක්ෂි මාරසේ ලියා ඇති මුත් පසුව තවත් ලියන්නට සිතමි.
    නමුත් රජයේ ආහාර ප්‍රමිති අංශයන් විසින් ‌ලෝක සෞඛ්‍ය සංවිධානයේ නම දක්තයන්හි ලංකාවට ගැලපෙන ආකාරය ගැන දැන්වීම මානවීය යුතුකමක් මෙන්ම වැටුප් ලබන සේවකයන් නිසා වගකීමක්ද වන්නේය. රජයේ නිවේදන වලට ගරුකිරීමක් තවමත් ජනතාව අතර ඇත. ගැසට් පත්‍රයේ අකුරු දුටු පමණින් සත්‍යක් බව හැගෙන පරිදි මිනිසාට නිවේදනය වන ලංකාවේ ආයුර්වේදයද රජයේ දෙපාර්තමේන්තුවකි. නමුත් මේකලාට බයිපාස් කරපු උන්ට නොව සාමාන්‍ය මිනිසුන්ටවත් ප්‍රමිති සහගත ආහර පද්ධතියේ යම් ආදර නිමේශ රිසිපියක්වත් වගකීමකින් දීමට හැකියාවක් නැත. රජයේ ‌වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයනම් දේශපාලනය සම්බන්ධව අම්මට සිරිගජ වෙන බෙහෙත් රිසිපි නිකුත් කරනු ඇත. ලාංකේය ජනතාවද දේශපාලනික නැත. නැතිනම් ඒකලාගේ වැඩ වලට අනුව පාරේ තොටේ මෙතරම් නිදහසක යන්නට හැකි වන්නේ නැත. ඒකලා කිසිදාක ඒකලාගේ වෘත්තිය විනා බටහිර මහා පරිමාන ප්‍රාග්ධන ව්‍යාපෘතියේ ලෝක සෞඛ්‍යසංවිධානය පෙරටු කර තමන්ගේ රෙද්දවල් දිනා ගන්නවා විනා වෛද්‍ය කේන්ද්‍රීයත්වයට වඩා රෝගී කේන්ද්‍රීයත්වය උතුම් කොට සලකා කී එක වචනයක් හැකිනම් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන්න කියාද ඉල්ලමි. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් රටක සම්ප්‍රධායික ආහාර රටාවේ සම්මත ආහාර ප්‍රතික්ෂේප කර නැත. ඒ දඩමීමා කර යූ ටියුබ් කල්ලියක් කරන්නේ තනිකරම වහ ආහාර කිරීමය. මේ සම්බන්ධව වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කතා නැත. තොපට මාරස කියන්නේ තොපට අප ආදරය කරන්නේ දේශපාලනය නිසා නොවන වගය. එදා සුද්දා හෙවත් පරංගියා දුන් ධනේශ්වර දේශ පාලනික වැදගත්කම නිසාය. තොප දොස්තර නලාව හෙවත් ස්ටැතස්කෝපය කරේ දාන් යන්නේ වැදගත් බලයක් පෙන්වනවාට පමණි. මේවා ගැන ලියන්නට ගියොත් පටි රොල් වන්නේ තොපේ නොව මාරසේය. මන්ද දොස්තර නලාව වනාහී ඇලඩින් ලාම්පුවක් කියා ඒ කියන්නේ සැමදේම කළ හැකි මගුලක් කියා සිතා සිටින්නේ මහජනතාවටත් වඩා පරංගි මාක්ස්වාදීන්ය. ඒ පෘතුග්‍රීසිකාරයාගේ දේශපාලනික ‌කදෝපැනි ඇලඩින් ලාම්පුවම වන්නාසේය. 
       රජයේ වෛද්‍ය සංගමයේ සිටි දොස්තර  පාදෙනිය මහතාට කොතරම් විවේචන ආ බවද සාමාන්‍ය මිනිසෙකු විදිහට මාරසට මතකය. කිසිදා මා ඒකාව දැක නැත. කතා කරලාද නැත. නමුදු ඒකාගෙන් සුව වූ දරුවන් එකෙකු හෝ දැක ඇත.පාදෙනියට පොළවේ ආදරයක් නිසා දේශපාලන පැත්ත පැත්තකින් තිබ්බත් මිනිසුන්ගේ සෞඛ්‍ය පැත්ත ගැන කියන ලද කාරනා ගැන ආදර කඳුලක් මතු වන්නේය.
    අනේ මන්දා දැන්නම් ‌සෞඛ්‍ය ආණ්ඩුවේ සියලු දේශපාලන පොරවල් වලට කියමි. ඇස් ලොකු කරමින් ‌කට පලල් කරමින් මයික් හෙල්ලෙන්නට නුඹලා නුඹලාගේ ඩිප්ප්‍රෙෂන් වයන්නේය. ඒවා දේශපාලනික වන්නේ අහිංසක රෝගීන්ට නොව තොපටමය. ඉතින් මාරස අවසානයේ යෝජනා කරන්නේ මේ ‌වෛද්‍ය නිළධාරීගේත් සිංහල ඉන්ගිරිසි වෛද්‍යවරුන්ගේත් හොඳම නලුවා සහ නාටකයේ හෝ චිත්‍රපටයේ හොඳම නලුවා නිලිය අධ්‍යක්ෂකවරයා සොයා සම්මානයක් දීම වැදගත් බවය. ඊට දිය යුතු සම්මාන සංකේතය නිර්මාණය කිරීමට මූර්ති කලා ශිල්පීන්ට වියදම් කළ යුතු නැත. කොළඹ කන්තේ මිය ගොස් ඇති කාගේ හෝ ඇට සැකිල්ලක හිස රිටක හිටුවා ඡායාරූපයක් ගත්තාම ඒ ඇතිය. මහා කලාකරුවන්ගේ සංකේත මොඩන් කියා එසේම  රූප රාමු බව කිසිවෙක් කියන්නේ නැත්තේ බයට නොව ඒවා ජනතාවට අදාල නැති නිසාය.
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා


කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ

අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේ

විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා


ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා


කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

යුද්දෙට හරිම හපන්නු යුද්දෙට හරිම හපන්නු
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

https://youtu.be/6EWRvIz30hE
https://jagathmarasinghe.wixsite.com/mare
09 06 2023


Powered by Blogger.