හදේ ලැගුම් ගත් බඹරුන් ‌යලි හමුවෙනවා.

'                                     හදේ ලැගුම් ගත් බඹරුන් ‌යලි හමුවෙනවා.

       මේ ඡායාරූපය මාරසටනම් විශේෂයි.  ඉස්සර දවසක  මාරස ගාවට එනවා කෙට්ටු උස තරුණයෙක්. ඒ එන්නේ අනුරුද්ධ ප්‍රදීප් සමග. ඒකානම් දැන් කොහේද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ.  අනේ මේකාගේ කේන්දරයේ තියෙන්නේ ස්වකීය වංශය මත්තේ පොරක් වෙනවා කියලා. ඒ කියන්නේ අද භාෂාවෙන් අනුවර්තනය කළාම දේශපාලනික පොරක් වෙනවා කියලයි. පසුව මෙයා වැඩ කළේ චම්පික සමග. තාම ඒකා එක්කද මාරස දන්නේ නැහැ. මොකද ‌ලාංකේය දේශපාලනයට සතුරන් නැහැ කියන කතාවත් ඇත්තයි. නමුත් වහ දීලා හරි මිතුරාවත් මරා දාන ඉතිහාසය කියන කතන්දරය ලියා තබපු උඩරට කැරැල්ල ලියන ලද විමලානන්ද තෙන්නකෝනයන්ව සිහිවෙනවා. මොකද උඩ රට කැරැල්ල පොතේ එක පිටුවකින්වත් පවතින දේශපාලනයට ගැලවෙන්න බැහැ. නමුත් මගේ පොත කෙලින්ම ඉස්සුවා. මොන කතන්දර කතා කළත් ජේවීපී කාරයෝ පොත් උස්සන්නනම් හරි දක්ෂයෝ. පොත් උස්සලා කියවලා නම් නැහැ කියලා තමා මාරසට දැනෙන්නේ. කාරි නැහැ. මොනවා උනත් ඉස්සුවේ හොරකම් කළේ පොත්නේ. සුගතියක්ම වේවා කියා පතමු. 
    ඉතින් අනුරුද්ධ ප්‍රදීප් සමග එන්නේ ප්‍රියන්ත පතිරණ. ඒකාගේ රාජ යෝගය කොච්චරද කියනවානම් ඒකා නැගෙනහිර පලාතේ මන්ත්‍රී වරයෙක් වෙනවා.  යටි තලේ කතාවක් තියනවා කරුණා අම්මාන්වත් රජයට සම්බබන්ධ කලේ ඒකා කියලා. ගොඩක් ජන කතන්දර ඒකා අවට පවතිනවා. දන්නා විදිහට ශක්තිමත්ම ශරීරයක් වගේම මනසක් තමා. චිත්‍රපට කොච්චර බැලුවත් කිම්කි දුක්ගේ පිල්ම් වලට මාර ආසයි. ඒකත් ආධ්‍යාත්මිකත්වයේ සෙල්ලමක් නොවේ.
 කෙනෙකු හිතන්න හැකියි මාරස දේශපාලනිකව මේකා උඩ දානවා කියලා. මාරසට  මිතුරන්ව උඩ දාන්න දේශපාලයක් ඇවැසි නැහැ. බිම දාන්නයි දේශපාලයක් ඇවැසි. මේ ලියන්නේ මගේ අතීත මිත්‍රත්වයේ ස්මරණ විතරයි.
          . නමුත් මාරසටනම් මේ ආදරණීය ප්‍රියන්ත මල්ලී. ඒකාට එහා පැත්තේ ඉන්නේ සංඛ  චන්දිම අබේවර්ධන. ගම්පහ දිස්ත්‍රික්කයේ පොරණ පොර පරම්පරාවේ කොල්ලෙක් කියන්න ඇවැසි නැහැ. ජර්මන් ගිහින් ජර්මන් සම්භවයක කාන්තාවකට ආදරය කරලා දරුවන් හදාගෙන ජර්මනියේ සියලු දේපල විකුනා දාලා ලංකාවට එනවා. ඒත් ඒකගේ දරු පැටව් සුදුම සුදුයි. ඒකට තමා කියන්නේ කාලය අවකාශය කියලා. ඒකා අහන්නේ ජර්මනියේ හෝ කොයි රටේද තියෙන්නේ මේ ලාංකේය  ආදරය කියලයි. මේකට විරුද්ධ පරංගි කතන්දර මාරසට කිසිවෙක් ඉගැන්විය යුතු නැහැ. අනිකානම් මම ඊයේ දැනගත් චරිතයක්. 
      කොහොම උනත් මේ ඡායාරූපය දැක්ක ගමන් මට දැනුනේ යකෝ මේ පරපුරවල් අතර මාරයා කොච්චර මිටිද කියන හීනමාන කතන්දරයයි. ඒකේ අනිත් පැත්ත ගත්තොත් නුඹලාට සාපේක්ෂකව මාරයා කොච්චර උසද කියලා ගන්නත් හැකියි. නමුත් ඒ කතන්දර පැත්තකින් තියලා ජීවිතය දෙස බලපුවාම මොන දේශපාලන හෝ ජීවිත වාදබේද තිබ්බත් මිත්‍රත්වය කියන්නේ පිස්සු හැදෙන සඳ නෙවේ පිස්සු හැදෙන කුජ කියලා කිව්වනම් මරු. මොකද චන්ද්‍රයා කතා කරන්නේ සිතිවිලි ගැන. කුජ කතාකරන්නේ කෙලින්ම ලේ ධාතුව ගැන. කුජ ග්‍රහචාරයෙනුත් ආදරේනම් ආදරෙයි නැත්නම් ඉතින් ලේ වලින්ම ආදරෙයි වගේම තමා අනිත් පැත්තත්. මාරසටනම් හිතෙන්නේ ලාංකේය මානසිකත්වයේ ග්‍රහ සංකල්ප යක්ෂ නාග ‌කාලයේ සිටම සාහිත්‍යමය විදිහටත් විස්තර කරන්න කුජ මාරයි කියලයි. ඉතින් නුඹලා මාරස ගැන කතා කරන්න මාරයා බලන්න ආවට ආදරේ නොකියා වෙන මොනවා කියන්නද.
මාරේ
https://youtu.be/IEEDD-4RFic
05 06 2023


Powered by Blogger.