පශ්චාත් නූතනවාදී තාපස නිකායට ඔබ්බෙන්

                                  පශ්චාත් නූතනවාදී තාපස නිකායට ඔබ්බෙන්

    "මහණ වී ටික කලකින්ම මේ සාමණේර හිමියන් පරගොඩ සුමනසාර ස්ථවිරපාදයන්වහන්සේ වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා භාර දී තිබෙනවා. පරගොඩ හාමුදුරුවෝ කියන්නේ ආරාමික ජීවිතය අත්‍යන්තයෙන්ම අනුගමනය කිරීමට කැප වූ පඬිවරයෙක්. ඒ හිමියන්ගේ ගුරුහරුකම් ලැබීම නිසා රාහුල හිමියන්ගේ ජීවිතයේ පළමු තීරණාත්මක අවධිය එළඹුණා.

   උන් වහන්සේ සහ රාහුල හිමියන් ඇතුළු ශිෂ්‍යයෝ පහසුකම් සහිත ආරාමික ජීවිතය අතහැර ආරණ්‍යයක ජීවිතයක් ඇරඹුවා. නූතන පහසුකම් අත්හැරීමත්, අවම අවශ්‍යතා සහිත සරල දිවි පැවැත්මත් මේ ජීවිතයේ මූලික ලක්ෂණය වුණා. රැඩිකල් සිතක් තිබූ රාහුල හිමියන් ද අලුත් භික්ෂු ජීවිතය කැමැත්තෙන් අනුගමනය කළා. පිණ්ඩපාතයෙන් යැපෙමින්, පරණ සිවුරු දරමින්, පොල්කටු කෝප්ප භාවිතා කරමින්, මුදල් භාවිත නොකරමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. සමහර හාමුදුරුවරුන් පවා මේ කණ්ඩායම “පොල්කටු නිකාය” ලෙස අවඥාවෙන් හැඳින්වීමට පටන් ගත්තා. තම පැරණි මතකය අවදි කරමින් උන්වහන්සේ මෙසේ පවසා තිබෙනවා" ‌‌මේ වල්පොල රාහුල හාමුදරුවන් පිළිඹඳ ලිපියකින් උපුටාගත් කොටසක්. ඒවත් නිකන් අතඅරින්න හැකි සංවාද විසංවාද නොවන බව අප නොදන්නවා නොවේ.

     නමුත් මාරස කියන්න යන්නේ මේ වගේ වැදගත් නොවන තාපස නිකාය ගැනත් නොවේ. නමුත් කෙටි සටහනකට තාපස නිකාය ගැනත් කියන්න වෙනවා. මොකද අද සිටින බෞද්ධ නොදරුවන්ට ඉතිහාසය හොයන්න හිතක් පහවෙන්න කියලා දැනට කියන්නම්.කෙලින්ම මම මේ සම්බන්ධව දෙනගම සිරිවර්ධනයන් සමගත් කතා කලා. මොකද පළමුවන සන්නද්ධ මාක්ස්වාදී පෙරදිග සුලංවලින් පටන් අරන් කලාව දේශපාලනය ආගම ගැන සිටින එකම බුද්ධිමතාද මන්දා කියමුකෝ. ඉතින් තාපස නිකාය ගැන මම අහන අතොරක් නැති ප්‍රශ්න වලට එයා කියන දේ කැරකිලා හැරවිලා තමා අපේ පරපුර ලියන්නේ. ඒ කියන්නේ සැබෑව හොයා යන සුළිසුලගේ හැටි වෙන්න ඇති.

   "1950 ගනන්වල  පිරිසක්ම තමන්ම පැවැදි වෙලා ගම්වල මිනිස්සු එකතු කරන් ඇවිද්දා. වෑබඩ හාමුදුරුවෝ නම් කෙනෙක් තමා නායකයා විදිහට ඉඳලා තියෙන්නේ. එයාලගේ මූලික වැඩකොටස තමා ගමේ පන්සල පමණක්නොවේ හාමුදුරුවන්වත්  විවේචනය කරන එක. ඒගොල්ලෝ මස්මාලු කන්නැතිව පිණ්ඩපාතෙ යමින් තමා ජීවත් වුනේ. ඔය නිර්මාංශ කතාව බෞද්ධ ප්‍රතිපදාවට ගොඩක් දුරයි. ඒ ගැන වෙනම ලිපියක් ලියන්න වේවි. මස් මාංශ අනුභව කිරීම භික්ෂූන් වහන්සේ විසින් දිවි ඇතිතෙක් නො කළ යුතු බවට විනය නීතියක් පනවන්නැයි දෙව්දත්තෙර විසින් ‘පංච වර‘ යටතේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියත් බුදුරජාණන් වහන්සේ එය ඉටු නො කොට දැඩි විනය නීති මඟින් දිවි පෙවෙත අවහිර නො කිරීමට පියවර ගත්තා.එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ ති‍්‍රකෝටි පාරිශුද්ධ මාංශ පමණක් අනුභව කිරීම කැප බව ය.

      කෙසේවෙතත් බොහෝ පිරිසක් තාපසනිකාය ගැන පැහැදිලා මේ තාපසවරුන් සමග එකතු වෙලා තියනවා. වෑබඩ හාමුදුරුවෝ කියන නායක තාපස හාමුදුරුවෝ ධර්මය තරමක් හෝ දැනගත්තා කියන කතාව බොරුවක් විය නොහැකියි. ඊට පස්සේ වේපතඉර කියන ගමේ ප්‍රසිද්ධ වාදයක් කරලා තියනවා. තාපසවරුන්ගේ පැත්තේ තමා ගොඩක් දෙනෙක් ඉඳලා තියෙන්නේ. ඉතින් ගමේ  පන්සලේ හාමුදරුවන් වහන්සේලා ත්‍රීපිටකයෙන් උත්තර දුන්නට කිසිවෙකුට ඒක තේරිලා නැහැ. ඉතින් තාපසවරුන්ගේ පිරස වැඩි නිසා පන්සලේ හාමුදුරුවරු අමාරුවෙන් ජීවිතය බේරගෙන පලා ගිහින් තියනවා.

      මේ ගිය 2012 ලෝක විනාශයක් එනවා කිව්ව වගේ පසළොස්වක පෝය දවසක චන්ද්‍රමංඩලය දෙබෑ කරගෙන නායක තාපසතුමා මතුවෙනවා කියලා මහා මිත්‍යාවක් රට පුරා පැතිරුනා. ඉතින් මිනිස්සු අද වගේම වතුර භාජනයක් තියලා හඳ දිහා බැලුවලු. වතුර භාජනය හෙලවෙනකොට අර හඳ හාවා හෙල්ලෙනවා. විචාරක් නැති මිනිස්සුන්ට මේවා මරු. විද්‍යාව දන්නවා කියල පෙන්වන්න හදන උන්ට ඊටත් වඩා මරු වෙන්න ඇති.

     අවසානයේදි තාපස නිකායේ බලය පන්සල්වල බලය යටපත්කරන් ප්‍රචලිත වෙලා තියනවා. ඒ කාලයේ කිසිදු හාමුදුරුකෙනෙකුට ඊට එරෙහිව නැගී සිටින්න තරම් තත්ත්වයක් උදා වෙලා තිබිලා නැහැ. මේ තුළ තියන දේශපාලනය මාරස පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා. තව දේවල් තියනවා.

     ඊට පස්සේ නියම පොරක් එලියට බහිනවා. ඒ චන්ද්‍රරත්න මානවසිංහයෝ. තනියම නොවේ කේ එච්ද සිල්වා කියන පඩිවරයෝ සමග එකතුවෙලා. ලංකාව පුරා රැස්වීම් කරලා තියනවා. තාපසයින්ට  වාදෙට කතා කළාට කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. මානවේල මළත් අදත් අපටවත් ඒකාලා සමග වාද කළ නොහැකියි භාෂාවෙන්වත්. 

     ඊටපස්සේ ලංකාප දීප පුවත්පත සමග තමා මානවයලා තාපස නිකාය යටපත් කරලා ත්‍රී පිටකය ගොඩගත්තේ නොවේ ආරක්ෂා කරගත්තේ.

    මේ මාරස ලියන්න යන ලිපි මාලාවක පළමු කොටසයි. මේ තාපස නිකායේ අද ඉන්නේ ගිහි පොරවල්. සමහරු මාක්ස්වාදීන්. සමහරු හේතුවාදීන්, තවත් සමහරු මීඩියා පොරවල්. අහන්න තියෙන්නේ උඹල හිතන්නේ මානවයලා වගේ මිනිස්සු තාම නැහැ කියලාද. වාද මොකටද බන්. උඹල තරම් සිංහල බෞද්ධ ත්‍රීපිටකය දන්න පොරවල් නැහැ. උඹලට මිනිස්සු ගෞරව කරනවා කියලා උඹලා දන්නේ නැති කාරණය කාලකන්නි කමක්. මේ කෙලින්ම කිව්වේ පරංගි ලෙස පෙනී සිටින්නට කැමති තාපස නිකායික අතීතකාම පරපුරට. නමුත් අපි දන්නවා තොපේ හදවත. පිස්සු කෙලින්නැතිව දේශපාලනිකව කළ යුතු වැඩේ කරන්න එක තැනකට වරෙල්ලා. නැතිනම් තාපස නිකායෙම හිටපල්ලා යලටත් නැති මහටත් නැති. මානවයගේ ‌ගීතයකින් පළමු සටහන අවසාන කරන්නම්.


පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සණරාමර ගුරැ ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
සණරාමර ගුරැ ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරැණා සීතල මෙත් ධාරා
ගලා බසියි තුන් ලෝ තලයේ දුක්
ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

https://youtu.be/BSHgfGOAaE0

25 06 2023

ජගත් මාරසිංහ 


Powered by Blogger.