කේ කේ සමන් සහ චින්තන ධර්මදාසගේ සිංහල ‌බෞද්ධගේමට ප්‍රතිවිරෝධීව ආදර දරුවන්

                            කේ කේ සමන් සහ චින්තන ධර්මදාසගේ සිංහල ‌බෞද්ධගේමට ප්‍රතිවිරෝධීව ආදර දරුවන්


             සයිබර් රස්තියාදුවේ යන්නේ මේ පොළවේ යනවාට වඩා මාර නිසාය. විවිධ වීදි වලට යන්නට හැකිය. වතාවක විශ්ව මාවතකය. තවත් වරක ‌රෙඩ් දිස්ත්‍රික්ක වලය. ඒවානම් මාරය. තවත් අපරදිගුන් ඒවාට කියනනේ ලිංගික වහලියන්ගේ කතන්දර කියාය. අහෝ ස්ත්‍රීවාදය ඉවරයි කියන්නේ අර නලින්ගේ වචනයෙන්ම පට්ටපල් බොරුය. කෙබරය. ස්ත්‍රී වාදයෙයන් නිපන් කිසිවක් නැති බව මාරස බය නැතිව කියමු.  තනිකර ස්ත්‍රිය වහලියක් තමාය. ‌පවුල පෙෘද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි සම්බන්ධවත් ප්‍රොයිඩියානු මානසික ක්‍රමවේද ගැනත් මාරසද කියවා හදාරා සිටින අයෙක් කියා මාරස හිතන්නේය. සමහර විට ඒවායේ සිටින බුද්ධිමය විශ්වවාදීන්ගේ නියමයන් සමග එසේ නොවේ කිව්වා කියා සාධනය කලද මාරසට ගැටලුවක් ‌නැත. මන්ද ඒ ඒකලාගේ අයිතියයි. ඒකලාට මම ඉස්සර ආදරයේය. තාමත් ඒ ආදරය ඒ වාගේමය. ඒකලාගේ සාහිත්‍යනම් මට තේරෙන්නේ නැත. ඉතින් දර්ශන සම්බන්ධ කුමණ කතාද කියනා කල මාර දේවල් ලියන්නට තිබේ. මාරස සමග පැටලෙන්නේ නැත. පැටලුනානම් තවත් මරේ මරුය. සම්භාව්‍ය විදිහට මනෝ විශ්ලේෂනය කරන්නට ආවේනම් මාරසගේ හැදෑරීම් දිග අරින හැටි කාට කාටත් දැකිය හැකිය. මන්ද මාරස කිසිදා දෙයක් සාධනය කිරීම කියන අන්දබූත විදිහට හදාරා නැත. ජීවිතය වනාහී ජීවිතයි

          මේ සයිබර් රස්තියාදුවේ යන ගමනේදී https://www.teorietypu.cz/sebehodnota-u-deti/ වෙබ් වීදියේ තිබූ මොනවදෝ කියන ඡායාරූපයකි. මා මීට වෙනදා මෙන් ‌නොවන වෙනත් ආකල්පයක් හිස සහ හදවත වෙලා ගත්තේය. මෙතනට පරංගි යන වචනය ලොප් කරමි. කොටින්ම මගේ අදහස ලියමි. 

         කේ කේ සමන් කුමාර සහ චින්තන ධර්මදාස ථේරවාදයට ගරහා කතා කරන බව කවුරරුත් දනී. දීප්තියානම් ඉක්මන් වන්නේ නැත. අනික කවුද ඊට ලයික් කියා නුඹලාම ඇහෙට පේන්නම දමා ඇත. නමුත් මාරස අදහස කියමි. කේ කේ සමන් කුමාර සහ චින්තන ධර්මදාස වනාහී කෙලින්ම අපරදිග භාෂාව පාවිච්චි කරන ථේරවාදයෙන් හිතන සහ ලියන සිය මාකට් එකට පමණක් ථේරවාදයට විරුද්ධව පෙනී සිටින නිට්ටාවන් දෙදෙනෙක් පමණි. තර්කය මාරස දැන් පිළිගන්නේ නැත. ආවොත් උත්තර දෙන්න නොව ආදරයෙන් හේතුවාදී බණ දහම් වෙන විදිහකට අසා සිටීමට කැමැත්තක් ඇත. ‌මොකද ගෙදර උයන බත් වලට වඩා දන්සැල් බත් මාර වෙන්නේ ජීවිතයක් තියාගෙන ජීවිතයක් නැති බව හගින කාලකන්නියන්ට කීවත් වරදක් නැත. මේ ලිව්වේ එක් කාරණාවක් සඳහාමය. චින්තන ධර්මදාසයන් සහ කේකේ සමන්ගේ ථේරවාදී විරෝධය වනාහී මාකට් වචන පමණි. ‌ථේරවාදය උස්සන්නේ මුන් දෙදෙනාය. සම්පූර්ණම ජීවිතය මුන් දෙදෙනාගේ ථේරවාදී ජීවිතයයි. උන් දෙදෙනාගේ වෙළෙඳ ඇජෙන්ඩාව ථේරවාදයයි. 

      ඒකලා පස්සේ යන අනාගත පොඩි කොල්ලන්ට දෙවියන්ගේම පිහිට තමාය. මේවාට කියන්නේ ගේම් කියාය. මේ දෙන්නාගෙන් එකකු හෝ යමෙකු මීට උදහස් වූවානම් පිස්සු හැදෙන්නේ නැත. මොකද විජය කුමාරතුංගයන් මළ ගිය විටද ලංකේය තරුණයෙක් ගිනි තියා ගත්තේය. උත්තර පත්තර බලන්නට මේ විභහගයක් නොවේ. මාරස පෙන්වා දුන්නේ කතාව පැත්තක වුවත් මේ දෙදෙනා සහ ඒ අනුගාමිකයන් සියල්ල වනාහී තද සිංහල බෞද්ධයන් බවය. මේ අකුරින් අකුරට මාරස වග කියනවා ඇත.

ඌරා‌ගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපිය යුතුය. හිතෝපදේශය නන්දාලා කිව්වේ වෙන අරමුණකට වන්නට හැකිය. නමුත් මේ පෝස්ටුවටද හිතොප දේශය සහ ඒ අනුවේගීය කතන්දර මරේ මරුය.
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූ
හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ
බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූ
දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනූ
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනූ
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ
කසයෙන් තලා, හිස පලඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු

රජකුගෙ උවත් වරදට කෑ මොර ගසනු
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ

ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare

09 06 2023











Powered by Blogger.