උපතිස්ස කෝලිත අපෝහකයද මේ - ගිරග්ග සමජ්ජය

                 උපතිස්ස කෝලිත අපෝහකයද මේ - ගිරග්ග සමජ්ජය

       කතාව දුර ගියොත් මනෝභාවයන්ගේ මානසික ආදරයේ විශාලම කන්ද වනාහී පිිියයුරුම වන්නා කියා කියන්නට මාරස බය නැත. මන්ද සුන්දරත්වයේත් ජීවත්වීමේත් දෙවල් වල නිස්සාරත්වය දැකීමේත් එවන් කඳු මිහිපිට නැත කියා මාරසට කිව හැකි කාරණා බොහෝ නිසාය.

     නමුත් ගිරග්ග සමජ්ජ ගැන යම් පොත් පිංචක් ලියන ලද නුවන් ගම්මන්පිල මල්ලියාට සුභ පතන්නේ කන්දක් උඩ සිට නොව පියවුරු නමි කඳු උපමාකොට තැනිතලාවක සිටය. ඇල දොල ගංගා ගලා බසින ලෝකය අස්වද්දන සෞන්දර්යද වන එසේ නොවන්නාද නොව ආදරයද නොව එසේ නොවන්නාද නොව ජීවිතයම වන එසේ නොවන්නාද නොව මහා ධර්ම කේන්ද්‍රීයව   ස්ත්‍රී ශරීරයේද තිබේ. සුංගාර කෙහෙල්මල් වල් වදින්නේද මේ අනිත්‍ය ධර්මය යටතේම වන්නේය.

     ලොව ගැඹුරුම ධර්මය කියන්නේ බුද්ධ ධර්මයයි ‌ඇතැමෙක් කියයි. අවසානයේදී එතරම් සරළ දහමක් ඇත්තේද නැත නැත්තේද නැත කියාද කිව හැකිය. නමුත් සම්මාවබෝධය කරගැනීමට අපහසුය. නුවන් පොඩි කොල්ලෝ. නුඹගේ මුල් පියවර මාරයි.

     බුදුසරණ පුවත්පතක ලිපියක තිබූ මතකයක කොටසකින් මේ සටහන අවසාන කිරීමට අවසර.

      "ලිංගිකත්වය මුල් කොට ගත් යොවුන් ආදරය, සෙනෙහස යනු භාවමය පසුබිමක් හටගන්නකි. ඒ අනුව කාමෝත්සව ද පැරණි ජන සමාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ජන ඇදහිලි සහ ජන ක්‍රීඩා වශයෙන් හැඳින්වෙන සාමූහික ක්‍රියාකාරකම්වල යම් යම් ලිංගිකත්ව ලක්ෂණ තිබූ අතර රටේ පාලකයන් සහ සාමාන්‍ය ජනතාව එක් කරන රාජ්‍ය කාමෝත්සව පවා පැරණි භාරතයේ මෙන්ම අප රටේද දක්නට ලැබිණ.

     ගිරග්ග සමජ්ජ යනු බුද්ධ කාලීන ඉන්දියාවේ පවා පර්වතාශ්‍රිතව පැවැති එවැනි දැවැන්ත කාමෝත්සවයකි. මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ද මීට අතිශයින් සමාන කාමෝත්සවයක් පැවැති බව පෙනෙයි. අනුරාධපුර රාජධානියට අයත් විශිෂ්ටතම ස්වභාවික භූ නිර්මාණයක් වන මිහින්තලය ශ්‍රී ලංකාවේ පැවැත්වුණු මෙම සැණකෙළිය සඳහා තෝරා ගැනුණු බවට ඓතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ.
     මෙම ගිරග්ග යන්නෙහි ගිරි+අග හෙවත් පර්වත මුදුන නැතහොත් පර්වත කෙළවර, පර්වත පාමුල යන අදහස පළ වේ. සමජ්ජ යන්නෙන් පැවැසෙනුයේ සමාජයීය එකමුතුව වැනි අදහසකි. ඒ කෙසේ හෝ අතීතයේ ඉන්දියාවේ පැවැති මෙම සුවිශේෂී සැණකෙළිය පිළිබඳ තොරතුරු ත්‍රිපිටක මූලාශ්‍රයන්ගෙන් පවා ලබා ගත හැක."
ජගත් මාරසිංහ
26 06 2023


Powered by Blogger.