න තං කම්මං කතං සාධු

                                  න තං කම්මං කතං සාධු

ජන්දයක් තියන්න වෙනවා. ජනමත විචාරණ වැනි දේවල් තව ගොඩක් නීතියෙන් රිංගන්න හැකි විදිහට තමා ව්‍යවස්ථාවල් හදලා තියෙන්නේ. මෙතනදී ජේ ආර් ජයවර්ධනට ආදරය කරන්නට සිත්වේ. ඒ ඒකා කෙලින් කතා කළ නිසාය. කොටින්ම මේ ව්‍යවස්ථාවෙන් ගැහැනියෙක් මිනිහෙක් කරන්නටත් මිනිහෙක් ගැහැනියෙක්කරන්නටත් පමණක් බැරිය කියා කිව්වේ ඇවැසිනම් ඒක හැකිය කියන ව්‍යාංගර්තයෙන් වාගේය. එයද දැන් වී හමාරය. ලිංග පමණි වෙනස ඇත්තේ. තරහා ගියත් අද පිරිමින් ගැහැනු වී හමාර වූවා සේ කතා කළ හැක. සියලු ගැහුනුන් බලය අතට ගෙන තිබේ. මැතිවරණ ඡන්ද තීරණය කරන්නේද ඒකිලාම වන්නේය. මේ කියන කතන්දරය මෙවරද ඡන්දයෙන් පසු විද්‍යාමාන වෙනු ඇත. මේ ව්‍යවස්ථාවට අනු දැක්කේ ප්‍රංශ ව්‍යවසතාව කියා ඒ කාලේ කිව්වේය. ප්‍රංශයේ තියන ප්‍රජාතන්ත්‍රවාදය මාරය. ආගමික විවේචන සහිතව පොත් ලිවිය නොහැක. චිත්‍රපට කපන මණ්ඩල කරන්නේ කෙලින්ම වර්ග කිරීමයි. තමන් කියන විදිහට කැපුවේ නැතිනම් තෙවැනි පන්තියට දමා ප්‍රදර්ශනයට දෙන්නට තරම් ප්‍රංශය ප්‍රඡාතන්ත්‍රය. නමුත් ඒ පන්තියේ ඒවා බලන්නේ එක්තරා කොටසක් පමණි. ආදායම අසාර්ථකය. Irreversible 2002 නැමති ප්‍රංශ සිනමාව වනාහී මාරම චිත්‍රපටයකි. නමුත් ‌ඒකලාගේ ‌ශ්‍රේණිගත කිරීමේ ප්‍රඡාතන්ත්‍රවාදය මත ඒ සිනමාකරුවානන් විඳි දුක අන්තර්ජාලය ඔස්සේ කියවිය හැක. ඊට හපන් ව්‍යව්ස්ථාවක් අපට තිබේ. හැකිනම් ගැහැනියක්වත් පරිමියෙක් කළ හැකිය. කර හමාරයි කියා ලිවීමටද මාරසට බයක්නම් නැත.

මේ වෙද්දි මාධ්‍යත් අන්ධයි . මොකද හැම තැනම රහස් රැස්වීම්. දේශපාලන හතුරො කියන්නේ මාර මිතුරෝ කියලා ගොඩක් ජනතාව දන්නේ නැහැ. තමන්ගේ පිල වැඩි කරගැනීම සහ ඒ ඒ අයට ලැබෙන වාසි අවාසි ගැන මේ මහරෑත් දුරකතනවලින්නම් නොවේ අමුතුම තැන් වල අමුතුම රහස් සාකච්ඡා යන කාලයක්. ලංකාවේ පැපරාසියෝ පරාදයි කියන්නේ එතනදි. මාධ්යනම් දන්නවා. නමුත් ඒගොල්ලත් පැත්තක් ගන්නේ නැතිව මේ කස්ටියගේ සාකච්ඡා ඉවර වෙනකන් එරබුදු මැල්ලුම් කාලා වගේ නිදිද මන්දා.

කොහොම නමුත් ලාංකීයව රනිල්ලා, මහින්දලා, ගෝටලා, චන්ද්රිකාලා, චම්පිකලා, අනුරලා විතරක් නොවේ ඔය පශ්චාත් නූතන කණ්ඩායම් පවා දැන් රහසේ මොන මොනවා කරනවාද කියලා හිතන්න දන්න අය දන්නවා. රාජාණ්ඩු ක්‍රමය මීට වඩා මරු කියලා හිතෙනවා මේ ගැන කියන්න ගියොත්. හිතන්න දෙයක් නැහැ විජයානනන්ද තෙන්නකෝන් ශූරීන්ගේ උඩරට කැරැල්ල හරියට කියෙව්වනම් මේ ඒකම තමා කියලා නියමෙට තේරෙනවා. වැඩියම ලාංකේය දේශපාලනයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කුමන්ත්‍රණ. ඇඩිසන් බංගලාව විජයවර්ධනලා කතෝලික කට්ටියකට දුන්නේ ඇයි? අපට ඒක සම්පූරුණයෙන් නරඹන්න අවසර නැත්තේ මන්ද ? මේ විජයවර්ධන පවුල ගැන කියන්නට ගියොත් කතෝලික නොව ඇන්ගිලිකන් වලින් පටන් ගෙන සිංහල ‌බෞද්ධ විකාරයකින් ඉවර කරන්නට සිදුවන නිසා නිහඬ වෙමි. අභියෝගය ඇතිනම් ලියමි. ලියනවා කියන්නේ අපිටනම් මැල්ලුම් ලියනවාවන් මාර රසවත් ආදර කතාවකි.
මේ වනකොට අනිවාර්යෙන්ම මේකට පන්සල් නැතිනම් බෞද්ධ සමාජය මැදිහත්වෙනවා අනිවා. ඒක ඉතිහාසයේ පැවැත්මක්ද සරදමක්ද කියලානම් මාරසට ලියන්න මේ සටහන ඉඩ මදි.
හරි කාරි නැහැ නායක මහත්වරුනී. යක්කු නටනකොට හැංගි හැංගි වෙස් මුහුණු බැන්දට හූ කියාගෙන එලියට ඇවිත් තමා නටන්න වෙන්නේ. ඉතින් අපේ ජනතාව බුද්ධිමත්ලුනේ. ඒගොල්ලා තේරුනා නොතේරුනා දහඅට සන්නියත් බලා ඉන්නවා අනිවා. විශේෂයෙන් කාන්තාවන්. ලාංකේය දේශපාලනය ජන්දයෙනුත් තීරණය කරන්නේ කාන්තාව. ඒ බව මේ මහත්තුරු විතරක් නොවේ වමේ බුද්ධිමත් කියන අයද දන්නවා. කවුරු කතා නොකරත් කොරෝනා වසංගතය සහ දේශපාලන වික්ෂිප්තබවේ චලනය මාරස ග්‍රහයෝ මගින් කිව්වා ඉතා නිවැරදිව. මේ පාරත් කියන්නේ නැහැ. නිකන් අදහසක්වත් ආදරයක්වත් නැති මිනිස්සුන්ට අනාවැකි විශ්ලේෂන අදාල නැහැ. ඒවා කෙලින්ම මුදලට පමණක් සීමා කරන්න වෙලා තියෙන්නේ රටේ ආර්ථික දේශපාලනයට සාපේක්ෂකවයි.
මේ මොහොතේ මේ සියල්ලන්ටම යටින් ව්‍යවසායකයන් විසි හතක් විතර කල්ලියක් රහස් සාකච්චා අනන්තවත් පවත්වනවා නියතයි. අනිතිමට ඔය පණ්ඩිත දේශපාලන කස්ටිය යට වෙන්නේ එයාලට තමා. මේ කාලේ ඒකලාට අයිති මාධ්‍ය ජාලා මේවා දන්නැහැ වගේ සිල් අරන්. තමන්ගේ වාසියට. ලංකාවේ ඡන්දදායකයා ඉන්දියානු චන්දදායකයාට වඩා අසරණයි. අහිංසකයි. කෙලින්ම මාධ්‍ය යටත් වැසියෝ කරලා අවසානයි. මේවටනම් කෙලින්ම වම වග කිව යුතුයි. වමට බනින්නේ තරහට තමා. නමුත් උන් දන්නේ නැහැ ඊට යටින් තියන ආදරය. කොහොම නමුත් මේ පාර මැතිවරණය හත්මාලුවක් වෙයි කියලා තමා කවුරුත් හිතන්නේ. හත්මාලුවක රිමූට් කොන්ට්රෝලය වෙන්න තමා අනුරලා චම්පිකලා වගේ අය ගේම ගහන්නේ.අනේ අහිංසක ජනතාවට මේව වැඩක් නැහැ. ටෙලි නාටකයක් බලලා බනක් අහලා ප්‍රවෘති අහලා සම්බෝලයක් හදාගත්තත් මීට්ස්බෝල් පැකැට්ටුවක් කඩලා පාමසියෙන් ගත්ත පෙත්තක් බීලා නිදා ගන්නවා.
ජනතාව හැමදාම නිදි.
දේශපාලනය කියන්නේ රස්සාවක් කියලා ඒකලාට පඩි දෙන එක නිවැරදි වගේ කතාවක් අනුර බණ්ඩාරනායක කිව්ව මතකයක් මාරසට තියනවා. නමුත් මේක රස්සාවකටත් වඩා සේවයක්. සේවා වෘත්ති ගැන කතා කරන්න ගුරු වෘත්තියෙන්ම පටන්ගන්න වෙනවා වගේ.
මේ කාලේ සාස්තරකාරයෝ මේවල අංකොන් දන්නවා. මාරස සාම්ප්‍රදායික සාස්තර කාරයෙක් නිසා කිසිත් දන්නේ නැහැ. නමුත් වෙන දේ දන්නවා. සාම්ප්‍රදායික සැබෑවනම් මරු. ඊට පිට වුන් තමා කම්බ හොරු. මේ පාරනම් ජ්‍යොතිෂ පට්ට හොරුන්ගේ කබ්බා ගලවන්න සිද්ද වෙනවා.
මේ සටහන ගාතාවකින් අවසන් කරන්න මාරස ලියුම්කරුට හිතුනා.
මාද ඡන්ද දායකයෙකි. ඡන්ද දායකයා යනු ජනතාවම තමාය. කොටින්ම්ම මිනිස්සුන්ය. අද අපට ඉතිරිව තිබෙන්නේ ඊනියා වුවද ප්‍රජාතන්ත්‍ර වාදය පමණි. ඒනිසා මට මේ ධම්මපද ගාතාව ඡන්ද දායකයන්ට කියවන්නට හිතන්නට ලියන්නට සිතුනි. වැඩක් නොවන වග දනිමි. ‌ගායට ලිව්වෙමි.
"න තං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවතී’ති”
යම් කර්මයක් කළ පසු ඒ කළ දේ ගැන සිතා පසුතැවෙයි
නම්, යම් කර්මයකින් දුක් විපාක ලැබ කඳුළු වැගිරෙන මුහුණින්
යුතුව විඳියි නම්, ඒ පාප කර්මය නොකරන ලද්දේ යහපති”
(ධම්ම පදය - බාල වර්ගය)

ජගත් මාරසිංහ
30 06 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.