නුවන් ගම්මම්පිලට නුවන පහල වී

 නුවන්  ගම්මම්පිලට නුවණ පහළ  වී

      ඊයේ කිව්වම අර බාලගිරි දෝෂය වගේ. හැම දවසකටම ඊයේ පෙරේදාවක් පළමුදාවක් ගැන ලස්සන සංකල්ප කතා තියනවා . ඒ කියන්නේ මා කියන ඊයෙ කියන්නේ 22 06 2023දා. 
නුවන් ගම්මන්පිල සහෘදයා අපට වඩා බාලයි. ඒකත් වැරදි. අර භික්ෂු භික්ෂුනීන් වයස තීරනය කරන්නේ උපසම්පදාව සමග. කෙලින්ම ජීවිතය තේරුන් ගත් අවධියේ සිට. ඒවානම් මාර කතා තමා ගමයෝ.
      කෙසේ නමුත් සාපේක්ෂකව වයස සහ ක්‍රියාකාරකම් බලපුවාම මට ඊරිෂියයි වගේ. එක පැත්තකින් නුඹ මට වඩා වයසයි බන්.
     ඉතින් නුඹේ ගිරග්ග සමජ්ජ මරු. නමුත් උඹ දේශන වලට ගෙනත් තිබ්බ උන් මාරයි. නමුත් මේ වේදිකාවේ ඉන්නේ ඔක්කොම දකුණේ උන්. ගිරග්ග සමජ්ජයේ කන්ද රිච්මන්ඩ් කන්ද බවට පත් කළා. අපි ගෙන්දගන් ‌පොළවේ . නමුත් ඒ ප්‍රදේශ වාදයට ආදරෙයි. යම් විදිහකට  දකුණේ  සිටින සුජිත් අක්කරවත්තට කාලය මදි වුනා. නැතිනම් මාරසට හිතෙනවා මාගලේ ඉතිරියත් දිගහරිනවා කියලා. තනුජා අපි ආදරය කරන නිවෙදක ගැහැනියක්. සමාවෙන්න ඔයා කියපු ඉන්ගිරිසි වචන අපට නොව මාරසටනම් දැනුනේ නැහැ. බලයක් ආවා වගේ. නමුත් තනුජාද දකුනේද කියා හොයාගන්න උත්සහා කළත් ජනාධිපතිගෙ නම්බර හොයාගන්නවාට වඩා අමාරු වුනා ඒකිගේ නම්බරය හොයාගන්න.
       මොහාන් රාජ් මඩවල කියන්නේ කෙලින්ම අම්බන්ගොඩ දකුනේ පොරක්. මා ඒ ගැන ලියලා තියනවා. දේශන කරලා තියනවා. ඒකාව තේරුන්ගන්න සමහර වෙලාවට රේඛා ශාස්ත්‍රයත් ඉඩ මදි වගේ පෙනුනත්  උපන් ලප හංගන්න බැහැ බන්. උඹ මාධ්‍ය වේදී මගුලක් නොවේ . කෙලින්ම ඉතිහාසය ගැන වර්ථමානයට ගලපාගන  සුපරි පොරක්. නමුුුත් තමන්ට පෙර පරපුර ගැන අවධියෙන් නිහතමානීව සවන්දෙන පොරක්. ඇත්තටම  මීඩියාවල මරු කෑල්ලක් තියන එකම එකාද මන්දා ලක්ෂපති ආරච්චියාගෙන් පස්සේ.

      කොහොම උනත් "ද ගිරජ්ජ සමජ්ජ " පොත ගැන මොහාන් ඇද්ද මාර තැනකින්. නමුත් ඒක ඉවර කරන්න මේ  මාක්ස්වාදී මාධ්‍ය වලින් කිසිදා ඉඩ ලැබෙන්නේ නැහැ. ඒවා දිනාගත යුතු දේවල්. මොහාන් ස්වභාවයේ කඳු පැත්තක තියලා සාහිත්‍යානුකූල මානසික විභවයකින් සිදුහත් කුමරුද පුරුෂයෙකු නිසා ඒකලා ආදරය කරන තැන් තමා ආධ්‍යාතමික ගිරග්ග සමජ්ජය. අර සංකර මනෝ විද්‍යාඥයෝ කියනවා වගේ තටම තටමා දරුවාව එලියට දාපුවාම ඒකා කෑ ගහන විදිහ දකින්න ආසනම් මාකස්වාදී පෙලපාලියකට යන්න කියන්නත් හිතෙනවා. නමුත' දරුවාව මේච්චල් කරන්නේ  පියයුරු දෙකෙන්.

      සෙක්ස ් ‌සෙඩිසම් තිබ්බා. ජීවිතේ  ලස්සනට. ඒවා මාකට් උනේ  දෙවැනි මහා ලොක සංග්‍රාමයේ  සිටයි . ඔය  කියන ආටිපිෂල් ඉන්ටිලිජන් ගැන මේ ලගකදි දිලිප් ජයවීරත්  කිව්වා. 2012 ලෝකේ කඩා වැටෙනවා  කියලා කිරිබත්ගොඩ සාදු මහා දෙයක් කළා.  හඳට ගියේ නැහැ කියනවා. ගියා කියනවා. මේ ගේම මාධ්‍ය වෙළද භාවිතය  ඉතා හොඳින් දන්නවා. බොහෝ දේ කියවා සිය රැකියාවෙන් මාධ්‍ය දේශපාලනය පෝෂනය කරන තොපට මාරස ආදරෙයි. ‌මුසාවාදය තමා බන් ප්‍රශ්නේ.
      නුවන් ගම්මම්පිල සහෘදයා. නුම දිගු ගමනක් යාමට මුල් පියවර තබා තිබෙනවා. ලියපන්. ලියන එක නවත්තන්න බැහැ කියලා මාරයා දන්නවා.
ජගත් මාරසිංහ 
23 06 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.