අජිත් තිලකසේනගේ සාහිත්‍යයෛන් නිපන් හේතුවාදී කාවන් වෙත ලියමි

 අජිත් තිලකසේනගේ  සාහිත්‍යයෛන් නිපන් හේතුවාදී කාවන් වෙත ලියමි

මේ සයිබර් රස්තියාදුවේදී ඇමරිකානු ඡායාරූප ගොනුවක තිබි වීඩීයෝවක මුල් ඡායාරූපයකි. යුදෙව්වෙක් වූ අයින්ස්ටයින් ජර්මනිය අතහැර ඇමරිකාවට එන ආකාරය කාටත් මේ වීඩීයෝවෙන් දැක බලා ගත හැක. නමුත් තවකෙක් තවත් දෙයක් කියන්නට හැක. ඒ ඇමරිකානුවන්ගේ එදා සිටම මාධ්‍ය මෙහෙයුමේ හැටිය. නමුතු සිංහල ගැමියන්ට ඒවා ගානක් නැත. ඒවාට අපේ ගැමියා කියන්නේ බටහිරින්ම ගෙන දුන් කාඩ් පැකය හරහා තුරුම්පු වහලා ගහනවා කියාය. තුරුම්පු වහලා ගහන්න හැකි නියම කාඩ් කුට්ටමේ ගේම වන්නේ 304ය. 304 සිව් දෙනෙකු සෙල්ලම් කරනකොට ඉදිරියෙන් ‌ඇහැට කනට පේන්නේ නැති උනත් කෙල්ලෙකු හිටියානම් මරුය. හොරෙන් තුරුම්පුව පාද ඇඟිලි වලින් ඇඟිල්ලක් ඔබා ඒකීට දැනුම්දෙන විට ස්නායු හිරි වැටී යන්නේය. ඒකිලාටද එසේම බව ඒකිලා කියන්නේය. ඉතින් ‌කෙල්ලන්ට කොල්ලෙකු නැති නිමේශයක පෙර කළ ඒකී කපුවා වී ඒ කකුල පාගා තුරුම්පු ඇල්ලූ කොල්ලාට කෙල්ලෙකු තාවකාලිකව හරි සෙට් කර දෙනවා නියතය. ඒවානම් මාරය. අදත් ඒවා සිදුවන්නේය.

නමුත් අපේ සමාජයේ කොල්ලන්ට විලම්භීත වූයේ සුරාවය. කම්බිය, කටුකම්බිය, සයිඩර්ය, පිට්ටි සුරාය නොව වල් කසායය. සල්ලි තිබෙනවානම් ගල්ම තමාය. ඒ කාලයේ බ්‍රැරැන්ඩි විෂ්කි කියපු ගමන් සිහිවන්නේ ජාතික ඇඳුමය. ඒ කියන්නේ කලිසම කෝටය හෝ නැෂනල්ද මොකක්ද ඇඳුමය. මොකද බණ්ඩාරණක මහත්තයලා ඩී ඇස් සේනනායක මහත්තයලා නොව එදා පසුපෙලේ උන් ජේ ආර්ලාද කරටි කැඩෙන්නට විෂ්කි ගහනවා කියා මතයක් තිබූ නිසාය. මේ චන්ද්‍රිකාවන්ගේ අවසාන කාලයේද මාධ්‍ය ප්‍රාග්ධනය සෑහෙන්නට හම්බ කරගත්තේ චන්ද්‍රිකා විෂ්කි ගහනවා කියා ලිවීම නිසා බවද සාධනය කළ හැක.

මහින්දටද ඒ කාඩය අත්විය. ජනේල උඩ නැග්ගේ මිනිසුන් ඉදිරිපිට ඊගෝව හදාගන්නට උවත් ඒ විෂ්කී වශයෙන් ‌විරුද්ධ පාක්ෂිකයෝ දෙවනත් කළා අමතක වන්නට කාලයක් නැත. එසේම තම සගයන්ගේ මිනී ඇට කටු වේලෙන්නටත් පෙර ඊට වගකිව යුතු හමුදානිළධාරියෙකු රජ කරන්නට ගත් වාමංශිකයැයි කියන පක්ෂයක තැත අමතක කළ නොහැකිය. ඒ නිකන් අර අපි පොල්පිති වල ඔලුවට පොල්කටු පලා අනක් ගසා හදන පොල්පිති තැත්තායැයි අපේ අනාගත පරපුරට ඉගැන්විය යුතු නැත. ඒ තැන්හි ඇති දයලෙක්තිකය දැක ඒ පොඩි උන් අනේ මේ දයලෙක්තිකයනම් නොවේ කියා කෑ ගහන්නේ යම් විද්‍යා නියමයන් අනුවය.

මේ ජායාරූපයේ සිටින ‌අපේ විද්‍යා උගතුන්ගේ මාර පොරවල් දෙක වන්නේ අයිසෙක් නිව්ටන්ය. අනෙකා ඇල්බට් අයින්ස්ටයින්ය. බටහිර විද්‍යාවේ නාමයෙන් උන්දෙන්නා දැමූ සෙල්ලම් මාරය. නමුත් අපරදිග කෙලවරක් වූ පරංගි මාක්ස්වාදීන් පමණක් තාමහුරේ දමමින් සිටීත්. අනේ අට පාස් මිනිසුන්නම් දන්නේ මේකුන් දෙන්නා මාර කියාය. මක්නිසාද අට පාස් මිනිසුන් පත්තර කියවන නිසා නොව පත්තරයක්වත් නොදැක එක ඒකීගේ තන් කලවා රෙදි විනිවිද හෝ ඊ පවුරෙන් දැකි පුතනුවන්ලා මාක්ස්වාදය කරන නිසාය. මාක්ස්වාදය කිරීමේදී මාක්ස්ව එංගල්ස්ව බුදු කිරීමට පළමුව ඇවැසි වන්නේ නිව්ටන්වය. ඒ ගරාජයේ සිටින නිවුටා නොව අයිසෙක් නිව්ටන්ය. දෙවැනුව ඇල්බට් අයින්ස්ටයින්ය. ඒ සේල් එකේ ඉන්නා ඇල්බා වැනිය.

ගැලිලියෝව දැන් සියල්ලන්ටම අමතකය.

මේ ඡායාරූපයේ සිටින්නේ අයින්ස්ටයින් කීවොත් අනිවාර්යෙන්ම තවමත් මිනිසුන් අසන්නේ ඒ කවුද කියාය. නැටිගිරි පාගගත් කොල්ලන්නම් අසන්නේ නිව්ටන්ට වඩා පොරක් නේද කියාය. පැටිගිරිය නොදත් වාමංශික කොල්ලන් අසන්නේ ආ ගුරුත්වාකර්ෂණ පොරත් ඉන්නවා කියලාය. දැන්නම් එදා මෙන්ම කැම්පස් පැත්තේ වැස්සට හෝ ගිය උන් කියන්නේ මේ විද්‍යාවේ බුදුවරු කියාය. නිව්ටන් පසේ බුදුය. අයින්ස්ටයින් බුදුය. බුදුනුවන් කුදුකරන්නට තරම් ඒකලාගේ රූපකාය ලොකු බව දන්නේනම් කාල්මාක්ස් සහ එංගල්ස්නම් දිවිනසාගන්නවා යැයි කෙටිකතාවක් හෝ ලිවිය හැක. ට්‍රොස්කිට ඇසුනානම් හැර මිට්ට බිම අනිමින් බඩ අල්ලන් සිනාසෙනවා නියතය.

මේ ඡායාරූපයේ තිබෙන්නේ යුද්ධ කාලයේ සාපේක්ෂතාවාදයේ පියා වූ ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවට පලා ගිය මොහොතක සිනමා පටයක මුල් රූපයයි. ලංකාවේ මොකෙක් හෝ එසේ ගියොත් කෙලින්ම පරංගි වම කියන්නේ වෙන කතාවකි. පරංගි වමට යුරෝපයේ සක්කරවට්ටන් ගස්නට හැක. වෙන කාටවත් නොහැක. පරංගි වමට නිදි නැති පඩි ලබන්නට හැක. අන් කාටවත් ‌නොහැක.

අද මාරස කිසිත් නැතිව කෙලින් දෙයක් අසමි. අහිංසක ගමෙන් සිය ආධ්‍යාත්මික ආශාවන් කලාවෙන් සපුරා ගන්නට පැමිණි සියලු දුහුනු අහිංසකයන් මේ සංවාදයට අයිති වන්නේ නැත. නමුත් අද නිර්මාණය කර ඇති පොත පතට ලේඛකයාට සල්ලි ගෙව්වේ කවුද? ඒ නාටක නරි නාටක කෝලම් වලට මිනිසුන් නැතිව දුවන්නට සල්ලි ගෙවන්නේ කවුද? කොටින්ම අද නාටක හෝ පොතක් පතක් ලියා චිත්‍රයක් ඇඳ මිනිසුන්ට ජීවත් විය නොහැක. ගන්නා එකෙක් තියා පොත් පත් ගසා පලකරන්නටද කිසිවෙක් නැත. ඒ අද ඒකාධිකාරයකි. හරියටම කිව්වොත් ක්‍රිකට් වන් ක්‍රීඩා ඊට වඩා මාරය.

තනිකරම ජාති ජරා මරණ නැති ඒකාධිකාරයකට යටවී උන් ඉන්නේය. සිනමාව ඉවර කලේය. නාටක කියන්නේ අර ධර්මසිරි බණ්ඩාරණකගේ යාපනේ පුස්තකාලය මෙන්ම ඒකාධිපති පමණි. ඒවාට තියරි බොහෝය. ඒ තියරි වලින් තමන්ගේ ආදර කෙල්ල සමගවත් ඒ දාර්ශනිකසේ සිටින වගා කාරයන්ට ජීවත් විය නොහැකි බව තැන තැන කතාය. මාරසට වනාහී පිරිවෙනද, මහ පාරද, මහල් නිවාසද, මහා සම්භාව්‍ය ආයතනද දස දහස් ගණනක් නොව එකකි.

මේ ඡායාරූපය දැම්මේ සැබෑවටම බ්ර්ටෝල් ‌බ්‍රෙෂ්ට්ගේ ගැලිලියෝ සහ ‌බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ගැලිලීයෝ අතර ඇති දයලෙක්තිකයේ සහ යාන්ත්‍රිකත්වයේ වෙනස කියන්නටය. මේක දමා සිටින්නට මාරස ලෑස්ති වූයේ ගොඩක් කල් සිටය. අපේ උපන් ගම අසල සිටින පරාක්‍රම නිරිඇල්ල මගේ ගුරුවරයෙක් වන්නේ පරාක්‍රම අයියා කිවූ අප බජාරයේ බසින් පමණි. නමුත් ඒකාගේ සෙක්කුවනම් මාරසට පෙනෙන්නේ ‌අපේ පරපුරට පෙර සිටි කොටින්ම අසූවේ දශකයේ චින්තනය පිපිදෙන්නට පෙර සිටි සෙක්කු පරම්පරාවක් කියාමය. නමුදු පරාක්‍රමයෝ දෙනගම සිරිවර්ධනයන්ගේ නවකතාවක් ඇසුරින් කළ චිත්‍රපටය රස විඳින ලද්දේ ඒ කාලයේ ලිංගික මේනියාව පරිභෝජන සමාජය වෙලා ගැනීමට පෙර වාගේය. අර වරෙක රොහාන් පෙරේරා කිව්වාද කොහෙද කියා මතක තියන සුසීමා චිත්‍රකතා ඒ කාලයේ සතුට පත්තතරයට අඳින ලද සුසීමා කතාවේ ෂෙල්පෝන් අංජනම් පෙන්වූවා වාගේය.

මතක තබා ගත යුත්තේ මාරස කියන්නට තියන දේ කියන්නේ වෛරයෙන් නොවන වගයි. කවුරුන් හෝ එසේ සිතා ගන්නවානම් ඒවාට මාරස අවසර කිම්ද? පරාක්‍රම නිරිඇල්ල වන් විශිෂ්ට නිර්මාණ හිල්පියෙකු සමග මාරස කිසිම ගැටුමක් නැත. ඒ කාගේවත් විශිෂ්ඨ කමක් නිසා නොව බුදුනුවන් කී ධර්මයේ නාමයෙන්ම පමණි. මාක්ස්ලා එතනට එකඟ නැතිනම් මාරස හැර යන්න කියා කියනවා විනා අන් මොනවා කියන්නද.

සියලු කලාකාරයන් මෙවන් මිරිඟුවන් කුණුරුපයෙන් කඩා තිබේ. මේ ලගකදී පශ්චාත් කියා කුනුහරුප කියන ගායකයෙකුට ආදරයට වචනයක් කි විට ඒකා කීවේ මහා වැදගත් කතාය. ඒවාට කියන්නේ කලාව නොව විකලාව කියාවත් නොව ආදර රසිකයන්ගේ හද බිඳෙන බව පමණි. මාරසනම් යෝජනා කරන්නේ මේ ‌‌පරංගි මාක්ස්වාදීන්ට උදාවන ථේරවාදී සැබෑවේ සාපය කියාය. මේකට කළ යුත්තේ මෙත් වැඩීම පමණි. නැතිනම් ඒකුන්ට තව තවත් දේවල් සිදුවනු නියතය. අවසානයේදී වීදි ගීත ගායනා කරමින් හිඟා කමින් සිට සිගරට්ටුවක් බී කොහෙන්දෝ පැමිනෙන ජ්‍යාන්තර අරමුදල් වලින් පුද්ගලික රෝහල් වල සැප ගනිමින් මියැදෙනවා පමණක් නොව. ඊටත් වඩා රාජ රාජ්‍යාත්ම උත්තමයන්ගේ ගරු සැලකිලි ලබා තමන්ගේ ඇරියස් පියවා ඊගාව ලෝකයේ කාලිදාසයන්ලා මෙන් විකාරයක් කරනවා නියතය. ඒවා ජනතාවට විකාර වුවද මේ ලාංකේය පරංගි මාක්ස්වාදීන් දැන් ඉතින් උපැස් සකසා බලා සිටිය යුත්තේ එකෙක් පටන් ගත්විට දහස් ගණනක් තොපගේ කෘති නරඹන්නට ඉතා වේගයෙන් පොලා පනින බවය.

අජිත් තිලකසේනයන් වයසක නිසා මාරස කිසිත් ලියන්නේ නැත. ලියන්නට ඇවැසි දේ මාරස සතුබව හැත්තෑවේ දශකයේ මැද සිට අද දක්වා සජීවීව ඇති බව ඔය ලියන්නා වූ හේතුවාදීන් දැන ගත්තානම් ඒ ඇතිය.

කාලෝ පොන්සේකා ඒබ්‍රහම් ටී කොවුර් සමග මාර කළන මිතුදම් ගොඩනගා ගැනීම සම්බන්ධව හේතුවාදය පැත්තකට දමා දේශපාලනිකව ලියන හේතුවාදියෙකු ‌සිටීදැයි සැක සහිතය. ජනප්‍රියත්වයට ලියන දුහුනකු නොව කරුනු කාරණා සහිත කොටින්ම අජිත් තිලකසේනයන් ගැන ලියන්නට කේ කේ සමන් කුමාර දැන් එකඟවන්නේද? එකගවන්නේනම් ඒ හේතුවාදී සංදේශය නිසාද? නැතිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නිසාද? දැන් අවසන් කාලයේ ගතකරන අජිත් තිලකසේනයන්ගේ හේතුවාදී සංදේශයේ විභවයන් සමග මට ඒ ගැන නොසලකා ලිවීමට අයිතියක් සිංහල බෞද්ධ සංස්කෘතියෙන්නම් නැත. හේතු වාදී සංදේශයෙන්නම් ඇත. නමුත් ඒ නිසා ලිවියයුතුය. තර්කය ජීවිතයනම් කවුරුත් ඊට ලෑස්තිය. ඒ ප්‍රාග් කොමිනියුස්ට් යුගයේ මිනිසා ලෙස මාක්ස්ලා අර්ථ දැක්වූ බව බර්ට්‍රම් රසල්ගේ ගෝලයන් වූ කොවුර්ටවත් කාලෝටවත් දැනගැනීමට නොහැකි වූයේ කේරල ජාතිකයෙකු සහ වෙනත් ජාති ප්‍රශ්නයක් නිසා බව අප දන්නේ නැත.

සිංහල‌ බෞද්ධ කියන මිත්‍යාවාදීන්නම් මේවා ඇද්දේ නැත. මේ අනතුරු අඟවන්නේ අද සිටම ඒවාට ලෑස්ති වෙයල්ලා කියාය.

පළමු සැරිය නිමි.

පලමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්රබන්ධ
කිරෙන් සපිරි අපෙ ලක් දිව අසුවුනි ඉංග්රිසි රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආව හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරට
ඔවුන් අතර හිටිය නෛයින තම්බි කියල කෙනෙක් යසට
සොදින් මසන් ගත් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්න බෑ අල්ලන්නට ආන්ඩුවත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උනා කොතලාවල කියා සොඳට
සිතලා වැඩ කරන එකම ජෝන් නමින් පුර සිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව මම පෙලින් පෙලට
අල්ලස් දී පොලීසියට කෙස්ගස් හන්දියේ ජයට
නෛන තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටුවෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට
එක්ක ගොසින් පොලිස් බටයො දොලොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොන් පිට ලේන්සු දී අදින්න
සල්ලි දීල ඔවුන් අතට යන්න කිවුව සූදු පොලට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න
ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස් වට
ගාගෙන තුන් හූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක් නෝට්ටු කොල දැම්ම ඊට
නැග ගත්තා රික්ශෝවට අපෙ මැතිඳා යයි විගහට
දකිමින් මේ හෙට්ටි අයියා නෛන සලම් දැම්ම හොඳට
එන්න කාරියම් වන්ඳකු තංගලි සොල්ලුම් ගෝමුට
ආවන්ගදු විලයාර්තු තාපන් කාරු ඔන්දුකිත්ත
ඔන්න ඉතින් වාව කියල එක්ක ගියා ගේ අතුලට
තට්ටු හතක් නැග්ග කලට නෛනගෙ ඒ සූදු පොලට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මතිඳුට අනින්න
බාසෙන් කිවුවා නෛනා එළුව ගියා දුන්නු අනට
දැනගෙන මේ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොලට
බලන්න පුදුමයි මහතුනි නෛනගෙ ඒ සූදු පිටිය
එතනට චන්ඩියා තමයි සේද වත්තෙ ජොන් ගොයිය
දිනන්න අත ගත්තු ගමන් මැතිඳට ඔහු ඔරව හිටිය
කොහෙන් ආපු දෙමළකුදැයි කියල ජෝන් නැගිට සිටිය
කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සින්හ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්න කොතලාවල කියුව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට
පැන්න කලට චන්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්න
දුන්න මැතිඳ පයින් එකක් බිඋ රන් කිරි කටින් එන්න
ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳර අනින්න
කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න
වේගෙන් පැන්නා මැතිඳා ඒ උනාට ඉදිරි පිටට
උඹද මිතුරෙ හතර ගාතෙ චන්ඩිය කියමින් මෙතනට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්න
ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෛන පැන විගහට
අතින් පයින් නෙමයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනින් මේක කියුව නමුත් පත්තු නොවිනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෛන තම්බි මතිඳ දුන්නු මරු පහරට
නෛනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
ගෙවුවයි දඩ බොහෝ දෙනෙක් බැරි වුනි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මතිඳ ගත්ත ඔවුන් හැම එලියට
ඇත්තයි අපි මල් පුදන්න ඕන මෙහම වීරයින්ට
එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල්වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිතයෙන් වලකින්නට
දෙකක් පාර බැගින් දුන්න මිතුරනි එය මතක් වෙන්න
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳට වැඳ ගියයි යන්න
එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්න
හැමදාමත් මතක් වෙන්න ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩ්යේ අපේ තියන අහේතුවට
(දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාටකයේ පද පෙළකි.)

https://youtu.be/7rpnDXumi14


Powered by Blogger.