වැඩිහිටියන් බුදුනුවන් සහ සරත්චද්‍රයන්

වැඩිහිටියන්  බුදුනුවන්  සහ සරත්චද්‍රයන්
           වැඩිහිටියන් ගැන කියන්නට ගත්තේ විශේෂ කාරණාවක් නිසා තමාය. සමහර විට මාරස පරංගි මාක්ස්ලාට විරුද්ධව වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා යන්නෙන් චූන් වෙන පිරිසක් ඇති බවද මාරස දන්නා නිසාය. ඒ චූන් වනාගී කුමක්ද යන්න කොහෙන් කතාකරන්නට ගියත් පරංගි ඇස් වලින් බලන දැක්මට අනුව උන් ප්‍රථමක සාධකය වනවා සේය. මාරසටනම් ඒ ජොලියකි.

         මේ ඡායාරූපයට ගෙන තිබෙන්නේ අපරදිග සහ පෙරදිග වැඩිහිටි නිවාස වල ඡායාරූප දෙකකි. ඒ සම්බන්ධව නැවත ලිවිය යුතු නැත. පරංගි කෝණයකින් බලන විට ලාංකේය වැඩිහිටි නිවාසවල ඉන්නේ මනෝමූලිකව ගැහැණුන් වැඩි ප්‍රමාණයකි. එහෙත් මනෝමූලිකත්වයේ වැඩි මානසික අර්ධය විසඳන්නට ගිය කල ඒ ගැහැනුන් වනාහී පිරිමි මූලික මානසිකත්වයකම තවත් මොකක්ද දෙයක් වෙනවා සේය. යුරෝපයේ වැඩිහිටි නිවාසයේ රූපය සොයා ගත්තේද සයිබර් රස්තියාදුවේ දසත කරනම් ගසාය. එවන් වැඩිහිටි නිවාස ලංකාවේ හෝ කොහේ හෝ තියනවානම් වැඩිහිටි වීමට බෙහෙත් බී ලාංකේය පිරිමි විශාල සංඛ්‍යාවක් සිය කැමැත්තෙන් වැඩිහිටි නිවාස කරා යන්නටද නොහැකියාවක් නැත.

          ප්‍රංශය ගැන අපේ මහා පශ්චාත් නූතන දාර්ශනික පොරවල් කතා කර ඇත. නමුත් ඒවායේද ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන නොව විශෝධන මධ්‍යස්ථාන වලද ඇත්තේ ටීසී හෙවත් තෙරපි ඔප් කොමිනියුටි යන ක්‍රිස්තියානි පූජකයන් වහන්සේලා පිරිමැද ගේන විශෝධන  නීතියමය. කුප්පියාවත්ත බෝධානන්ද  හිමියන්ව සැබෑ මාධ්‍ය සාකච්ජාවකට  අල්ලා ගැනීමට තරම් ලාංකේය මාධ්‍ය දියුනු නැත. දියුනු වී ඇත්තේ උන් වහන්සේගෙන්ද ථේරවාදය ගැන පරංගි දෙසනදේම අල්ලා සල්ලාප හුටපටයේ කෑල්ලක් දමා වෙළඳ දැන්වීමක් දමා කීයක් ‌හරි හොයාගෙන නික්ම යාම පමණි.මේ හේතුව නිසාම මේවිශෝධනය සම්බන්ධව විශේෂිත අත්දැකීම් ඇති කුප්පියාවත්ත බෝධානන්ද ලොකුහාමුදුරුවන්ගේද රටට වැදගත් නොව ජීවමාන සැබෑ ආදර දැනුම සැඟවී ඇත.මේ කියන්නේ උන්වහන්සේගේ වැඩ සටහන් වලට ගොස් බොහෝ දුරට යමක් හැදුරූ මාරසම තමාය.

      වැඩිහිටියන් සම්බන්ධව ලස්සනම කතාව මට මතක් වන්නේ ගෞතම බුදුනුවන්ගෙන්ය. ඒ උන්වහන්සේගේ පියා වූ සුද්ධෝධන රජුගෙන්මය. පළමුව බුදුනුවන්ට සුද්ධෝධන වැඩිහිටි පියා කිව්වේ මට නිගරු නොකර වෙන රාජ්‍යකට ගොස් හිඟා කන ලෙස ඉල්ලීමකි. එතනදි සිද්ධාර්ථ නොව බුදුනුවන් මාර රැඩිකල් කතාවක් දේශනා කළෝය. ඒ නුඹේ රාප්‍යයයි පියතුමෙනි. මගේ රාජ්‍ය වනාහී බුද්ධ රාජ්‍යයැයි දේශනා  කළෝය. සාපේක්ෂකව සුද්ධෝදන යන  සිද්ධාර්ථ පියරජ නිහඬව මාලිගයට ගොස් කෙසේ සැතපෙන්නට ඇත්දැයි මාරසටනම් සිතන්නට නොහැක.

     නමුදු සිය යුවරජකම හෝ කුමක් හෝ දෙන්නට සිය පරපුරේ සිද්ධාර්ථයෝ නැත. උන් වහන්සේ සියල්ල ප්‍රතික්ෂේප කර ගොස්ය. රාහුල කුමරා ගැන තිබ්බ බලාපොරොත්තු නැතිකරන ලද්දේ යසෝදරාගේ සිද්ධාර්ථ ආදරයදැයි කීම විමසීම ගොඩක් දුරය. අවසානයේ සුදොවුන් රජ තමන්ගේ අභිමානයෙන් නන්ද කුමාරයාව මිනිස් චර්යාවේ නීති සමග එකඟව නිර්මාණය කරගත්තේය. අපේ සිද්ධාර්ථ ‌ගෞතම බුදුනුවන් නන්ද කුමාරයාවද මහන කර සාම්ප්‍රධායික ‌චෙතිසිකයෙන් වෙනත් මගකට යොමු ‌කළෝය.

     සුද්දෝධන රජතුමා වැඩිහිටියෙක් විදිහට කෝප වූයේ නොව නැගිට්ටේද නොව මිනිසෙකු විදිහට කෙලින් සිට ගත්තේ එදාය. කෙලින්ම ගොස් බුදුනුවන්ට ඇඟිල්ල දික්කර කතාකරන ලද්දේ වැඩිහිටි මිනිසුන්ගේ තිබෙන සැබෑ ගෞරවත්වය ත්‍රීපිටකටද සමගාමී කරමින් වගේය. ඒවා අද භාෂාවෙන් ලියනවානම් පුත මේ වගේ වැඩ මින් මතු නොකරන්න කියා හයියෛන්ම හයියෙන් කීවේ ඇඟිල්ල දිගුකරය. වචනයක් කතා නොකර බුදුන් විනයක් දැම්මේ සියල්ලන්ගේම එකඟත්වය මතය. මින් මතු බාල දරුවෙකු මහනකරගන්නවා නම් අනිවාර්යෙන්ම වැඩිහිටි දෙමව්පියන්ගේත් භාරකරුවන්ගේත් අවසරය අනාවාර්ය කියාය. පිරිවෙන් ගුරුවරයෙකු විදිහට මේවායේ වේදනාව සහ සැබෑව මාරස කියන්නට ගියොත් පිස්සු හැදෙන්නේ නැත. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනු නියතය.

      සිංහභාහු නාටකය කරන අප රට සෘෂිවරයෙකු වුවද මාක්ස්වාදියෙක් නොවූ නිසා නිකන්ම නිකන් මහ ඇඳුරු  සරත්චන්ද්‍රයෝ මේ සුදොවුන් කතන්දරය ගීතයකට ගත් බව අප දනිමු. සිංහයාගේ පුත් සිංහභාහු සිය වැඩිහිටි පියා සමග සටනට එන කළ මේ ත්‍රීපිටක කතන්දරයම ඒකා ගීතයක් කළා සේය.

"පුතු සෙනේ මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා"

"පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදා කල් නැත දුක් දෙවන්නේ"

        සිංහභාහු නාටකයේ පිටුපසින් විත් සුදොවුන් රජතුමා අපටද ඇඟිල්ල දික්කරන්නා සේය වගේ කතාවක්  සරත්චන්ද්‍රයෝ ‌ලෝකයටම වෙනම සෞන්දර්ය විභවයකින් කියා දුන්නා සේය. වැඩිහිටි කියන්නේ සෙල්ලමක් නොවන වග බුද්ධ ධර්ම සංහිතාවන්ගේ ඇති අයුරු පින්තූර රාමු වේදිකාවකට මද්දලත් සමග කියන්නේ පුරාණ නාට්‍යමය අනුසාර සහිතව සරත්චන්ද්‍රයෝය. ඔහු  කියන ලද්දේ ධර්මය අප ආදරය කරන කලාවෙන් නැවත කියන්නේ මෙසේය කියා සේය. එහෙයින්  වැඩිහිටියන් වූ අපටද දැන් ඒ ගැන සිතන්නට දේ බහුලය.

       කෙලින් කටින් කියන්නේනම් පුතුගේ ඇසින් දේ විමසමින් තාත්තාගේ ඇසින් සරත්චන්ද්‍රයෝ  ලෝකය කලාත්මක වෙනම කෝණයකින් දැක්කේ වැඩිහිටි ආදරයේ සැබෑව මෙන් සිතෙන්නේ වයසට ගියාට පසුව වන්නටද ඉඩ තිබේ.

https://youtu.be/InhrCitmixs

ජගත් මාරසිංහ

10 06 2022

https://jagathmarasinghe.wixsite.com/mare

 




Powered by Blogger.