අනේ අපේ දෙවැනි ළමා විය බිංදු බිංදු මල්ම වන්නේය.

අනේ අපේ දෙවැනි ළමා විය   බිංදු බිංදු මල්ම වන්නේය.        
         අනේ වැඩිහිටියන් ගැන මතක් වෙනකොටනම් පළමුව සිහිවන්නේ අම්මා තාත්තාවය. නමුත් මට තාත්තා මතකයක්  නැත. මන්ද මා ඉපදී වසක් ගතවන්නටත් ප්‍රථම එයා එයාගේ ලෝකයේ ගමන සම්පූර්ණ කරන්නට ගිය නිසාය. නමුත් මට නොව කාටත් අම්මා තාත්තා සිහිවෙනු නියතය. ඒ ඇයිදැයි කියා සොයන්නට ත්‍රීපිටකයත් මාරය. නමුදු අපි ඒ පසක තබා මේ ගැන හෙව්වේ ‌පෙඩ්රික් එංගල්ස්ගේ " පවුල පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි " කියන පොත හරහාය. ඊට ආවේශ වී අවසානයේ අප නොදන්නා ඉන්ගිරිිිසි දුකසේ පරිවර්ථනය කරගනිමින් මෝගන්ලාගේ පවුල් ඉතිහාසයද කියෙව්වේය. සාකච්ඡා කළෝය. අවසානයේ තේරුන් ගත්තේ පරංගින් අපට මේවා දුන්නාට ඒකේ නායකයන් මේවා සම්බන්ධව විචාරශීලී වන්නේ තමන්ගේ දේශපාලන වැටුප සඳහා පමනදැයි යන දේවල්ය.

      නමුත් බටහිර හෝ පෙරදිග කොහෙන් ගත්තත් වයසට යනවා කියන්නේ අර අපේ චූටි කාලයේ බුද්ධාගම  පොතේ තිබූ කතාවමය. මව්කුසින් බිහිවන ළදරුවා අවසානයේ ඒ ලෙසම ජීවිතය ඉවර කරන්නේය. අතරමග මාරක ගැන මාරස ලියා තිබේ. හැබැයි ඒ ලියාතිබෙන්නේ අපේ බුදුනුවන් කර්මපලවාදය ගැන ලියන ලද ධර්මයෙන් වෙනස් කළ නොහැකි කතා විනා මාරස උද්දච්චකම් නොවේමය. නමුත් වයස 55න් විශ්‍රාම ගැනීමට ඉඩ දෙන්නේ ඒ ඒකලාට ජීවිතයේ ජීවවිද්‍යාත්මකව ගත්තත් කල් ඉකුත් වී ඇති නිසාය. නමුදු මානසිකව කල්ඉකුත් වන්නේ නැති බව පිස්සු හැදෙන්නට පෙන්වා ඇත්තේ ලෝකයේ විශිෂ්ට කලාකාරයන්ය. ඒ සම්බන්ධව තේරුන් ගැනීමට මධ්‍යම ප්‍රතිපදාව අනුදකිමින් සිය දානවේල සප්යාම් වූ වයස 85ද ඉක්මවා අදටද ජීවත්වන භීක්ෂූන් වහන්සේලා මාරම මාරය.

      කොතරම් අතීත දැනුමක් ඇතත් පුදුමාකාර ලෝක දැනුමක් ඇතත් ජීවිතයේ වයස හැට පැන්නාට පසු ඒකලා පොඩි ළමයින්ය. බාර්ලි බෝතලයකට සූප්පුවක් ගසා වතුර දී හිස අතගාන්නේනම් එයාලා මාර්ග ඵලයකට යනවා වැනිය. සිය දෑසින් කඳුලු වගුරුවන්නේය.

       මේ වැඩිහිටි ආදරය සියලු ගෝත්‍ර තුළද තිබෙන බව මාරස දනිමු. නමුත් මේ අපේ කොදෙව්වේ වැඩීහිටියන්ට සලකන ආකාරය විශේෂිත බවක් තිබේ. ඒ ගැන දේශපාලනිකව පසුව ලියමු කියා සිතේ. නමුත් මේ සටහනට අදාල වන්නේ සෑම වැඩිහිටියෙක්ම ළමා - ළදරු මානසිකත්වයේ යුක්ත බවය. 

      අපේ පුතාත් දුවත් ඒ වගේම අපේ අම්මා තාත්තාගේ පමණක් නොව බාප්පාගේ හෝ සියලු වැඩිහිටියන්ගේ තත්ත්වයට වඩා අපේ ගුරුවරුන්ගේ සහ මිතුරන්ගේ ඒ තත්ත්වය තේරුන් ගත් විට මොකක්ද දෙයක් ඔබට වෙනවා අනිවාය. 

       වයස කියන්නේ කාලයය. කාලය යනු විදු ඇසින් නොව සිතීමෙන් ගත් කළ වෙනස් වීම මැනීමේ මිම්මක් තමාය. සූර්යාත් දැන් විශ්වයට සාපේක්ෂකව හොඳටම මහලුය. මේ නිසා පරිසර වේදින් කියන්නේ සූර්යාටත් අප ආදරය කළ යුතු බවය. වැඩිහිටියන්ට අප ආදරය කිරීම යනු පිංකමකටත් වඩා අපේ යුතුකමක් ‌වීම මාර ආදරයේම කාරනාවක් වන්නේය. මොන පිංද කිව්වලු. ඒ අපේ දරුවන්ටත් වඩා අහිංසකය. සමහරු බස තෝරන්නේය. සමහරුන්ට කතා කරන්නටත් නොහැක. 

     මාරස සරළ අත්දැකීමකින් සටහන නිමකිරීමට ආසාය. අපේ අම්මා සිංහල අවුරුද්දට සැරසෙන්නේ සිය දූ පුතුන් එයාව හොයා එනකන්ය. ඒ පුදුම ආදරයක්ය. සියල්ලෝ එනකන් ඒ ඇඳන්  යට තවානේ දමා තිබෙන කජු ගෙඩියක්වත් අපට කෑමට අවසර නැත. නමුත් ඒකලා ඒකිලා එන්නට පරක්කු වුනොත් දෑසේ කඳුලු ගුලිය. ළඟ සිටින බාලයා ඒවාට වන්දි ගෙවිය යුතුය. සියයකට වැඩිමල් වී ඉපදුනත් එක්කෙනෙකුටවත් බාල වී ඉපදෙන්න එපා කියා ජන කතා තිබේ. ඒවා සත්‍ය තමාය. නමුත් බාලයා මේ අවුල තේරුන් ගන්නේ වැඩිහිටියෙක් වූ පසුවය. ඒ ඊටත් වඩා වේදනාවක්ම වන්නේය. මේ වේදනාව යන පදය යෙදුවේ දුකක අර්ථයෙන් නොව දේවල් සම්බන්ධව සම්බෝධය අරුතින්ම විදිහට ගත්තානම් තවත් හොඳය. 

    දැන් මේකට ගීතයක් දාන්නට මාරස අසමත් වාගේය. කෙලින්ම නවයාට නොහොත් නවරත්න ගමගේට ඇමතුමක් ගතිමි.  මචන් මහගම සේකරගේ පද රචනයක් වූ දයාරත්න රණතුංග ගායනා කළ ගීතය මාරනේ කියා කීවේය. 

ඉතින් අපද දැන් වැඩිහිටියන්ය. අතු අග පිපුණ මල් තමාය.

බිංදු බිංදු මල් අතු අග පිපි මල් බිංදු බිංදු මල් අතු අග පිපි මල් අහසේ තරු ගණනේ පිපී මඳ සුළඟේ ලෙළදෙන්නේ පුංචි කැකුළු මල් රේණු ඉහෙන කොට​ වටවී උඩු ගුවනේ බඹර වැල් කිංකිණි හඬවන්නේ වළාකුලෙන් බැස සුරංගනාවන් අතු අග රඟ දෙමිනේ තාලයට චාමර සොලවන්නේ රිදී කඳන් මෙන් බෙදී තැනින් තැන​ රිදී තොරණ ලෙසිනේ ගුවන් තල තලමල බබළන්නේ සොඳ ගෙතුමෙන් කළ පබළු පෙළින් පෙළ​ කිනිති බරිනි නැමුණේ පුරා හඳ පායන සේ දිස්වේ

https://youtu.be/q1oIbuKa3kg

ජගත් මාරසංහ

11 06 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.