මගේ කාර්යය ප්‍රශ්න කිරීම සහ ගවේෂණාත්මක ය. (Alex Webb)

       මගේ කාර්යය ප්රශ්න කිරීම සහ ගවේෂණාත්මක ය. (Alex Webb)


ඇලෙක්ස් වෙබ් යනු විචිත්රවත් හා සංකීර්ණ වර්ණ ඡායාරූප සඳහා ප්රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. ඔහු 1979 සිට මැග්නම් ඡායාරූපවල සාමාජිකයෙකි.1952 මැයි 5 එක්සත් ජනපදයේ කැලිපෝනියා සැන් ප්රැන්සිස්කෝ වල උපන් බව පැවසේ.ඇලෙක්ස් වෙබ් බොහෝ විට සමාජ ආතතීන් ගහන සමාජ දේශපාන මොහොතවල් සොයමින් වීදි දිගේ සංචාරය කරන ලද ශිල්පියෙකි.

“මගේ කාර්යය ප්රශ්න කිරීම සහ ගවේෂණාත්මක ය.” ඔහු පවසයි. "පිළිතුරු සැපයීමට වඩා ප්රශ්න අසන, යම් මට්ටමක නොපැහැදිලි බවක් ප්රකාශ කරන ඡායාරූප ගැන මම විශ්වාස කරමි." යනුවෙන් ඔහුගේ ඡායාරූපකරණය සම්බන්ධව ඔහු පවසා තිබේ. (Alex Webb St. Augustine, FL, USA. 1989. © Alex Webb | Magnum Photos) යනුවෙන් සඳහන් කර ඇති මේ ඡායාරූපයෙන්ද ඔහු අපෙන් ඉතා ගැඹුරු ප්රශ්නයක් අසන බව පෙනේ. මීට පිළිතුරද අප එකිනෙකා අතර විවිධ විය හැකි බව සැබෑවකි. එසේම පිළිතුරක් නැති එහෙත් විශාල ජීවිත කතන්දරයක හැඟීමක් පිළිතුරක් සේ ඉතිරි වීමටද ඉඩ ඇත. මාරස වීදිඡායාරූප සයිබර් වෙබ් වීදි සොයා සයිබර් රස්තියාදුවේ යන කල කැලිපෝනියාවේ තිබී මේ ඡායාරූපය හමුවිය. රසික ඔබෙන් මාරසට නගන්නට ඇත්තේ ඒක් පැනයක් පමණි. මේ ඡායාරූපය රස විඳීමෙන් ඔබට යම් ව්යාකූලත්වයක් දැනුනාද? ඒ කුමක්ද යනුවෙන් පමණි
Jagath Marasinghe
02 09 2022
Masters Of Photography Alex Webb




Powered by Blogger.