ගනිකා වෘත්තියේ හස්ත රේකා සටහන්
අතීත යුගයේ සාමුද්‍රිකා ශාශ්ත්‍රයද පොදු විෂයයක් විය. දහනව වන සියවසේ පැරිසියේ ගණිකා වෘත්තිය ඉතා පුළුල් සංසිද්ධියක් වූ අතර දහනව වන සියවසේ ධනේශ්වරය අතර පිළිගත් පුරුද්දක් වුවද , එය ආචාරශීලී සමාජය තුළ බොහෝ දුරට තහනම් මාතෘකාවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ගණිකාව නිරූපණය කරන කෘති බොහෝ විට අපකීර්තියට හා විශේෂයෙන් විෂ සහිත විවේචනයට ලක් විය. සමහර කෘති ඇයට සැලකිය යුතු අනුකම්පාවක් පෙන්වූ අතර අනෙක් ඒවා ඇයට නියෝජිතත්වයක් ලබා දීමට උත්සාහ කර තිබිණ. නමුත් ලිංගික සදාචාරයේ ලිංගික පිළිකුල/ආකර්ශනයට අමතරව, ඇය නූතනත්වයේ ලකුණක් ලෙස ක්‍රියා කළාය, ලිංගිකත්වය, පන්තිය, බලය සහ මුදල් පැටලීමේ පැහැදිලි ලකුණක් ලෙස පැරණිම විෂයක් ලෙස ජ්‍යෝතිෂය සහ හස්තරේකාවද ඇතුලත්ය.
දැන් සෙවණැලි තුළ සැඟවී ඇති ගණිකා වෘත්තිය, ජ්‍යොතිෂ සහ හස්ත රේකා ශිල්පීන්ටද නූතනත්වයේ සත්‍යයක් වූ අතර, ඔවුන් රාත්‍රියේ කාන්තාවන්ගෙන් ආශ්වාදයක් ලබා ගත්තද, ඔවුන් සමහර විට චිත්‍රාගාරය සහ විද්‍යාගාරය, ගණිකා නිවාසය අතර දුරත් ග්‍රහ ක්‍රමවේද අතර දුරත් එතරම් විශාල නොවන බව සිතූහ. කොටින්ම ඉතිහාසයේ යම් කාලයක වඩාත්ම වැදගත් කාන්තාවන් ගනිකාවන් වූ අතර අද එසේ නොසලකන්නේ පිංපියන්ගේ අන්තර් ජාතික ශරීර අපයෝජන වෙළඳ පොළ ප්‍රචන්ඩත්වය නිසාය. එක් පැත්තකින් මුදලින් සහ මනුෂ්‍යත්වයෙන් ශක්තිමත්, දිදුලන ගනිකාවන් තවමත් කොයි රටේ උවත් විවිධ වේශයෙන් සිටින බව රහසක් නොවේ. නමුත් ලිංගික අපයෝජන හිංසාවේ නාමයෙන් අද ගනිකාවන් ලිංගික වහලුන් වී හිරකරුවන් ලෙස දුක් වේදනා විඳින ප්‍රමානය අන්තර් ජාතිකව සංඛ්‍යාත්මකව වැඩිය. හස්තරේකාව සහ ජ්‍යෝතිෂය සමග සමාජ විශ්ලේෂණයන් ඔස්සේ ඉදිරියට යන විට කාට වුවද හැඟීයන්නේ සමස්ත ගැහැනුන්ගේ මේ ලකුනු සහ යෝගයන් කාට කාටත් සමාන්තරව ඇති බවය. ඒ බව පිළිගන්නා නූතන හස්තරේකා සාස්ත්‍රඥයෝ ටක්කෙටම නිවැරදි බවය. ලාංකේය නිරයන ජ්‍යෝතිස ක්‍රමවේදයන්ට යුරෝපයේ මෙන්සේ සමාජීයව එවන් මතවාද රාමුගත වීමට තවත් කාලයක් ගත වෙනවා නියතය. ලාංකේය රැඩිකල් මතවාදීන් පවා වික්ටෝරියනු සෙවනැල්ලෙන් වැසී ඇති රටක මේවාට කට වසා ගැනීම වඩා හොඳය. නැතහොත් සමාජ අපවාද කෙසේ වෙතත් සේවා දායිකයෝ බොහෝ පිරිසක් තමන්ට අහිමි වීමට නියමිතය. පිරිමි පාඨකයන්වනම් වැඩිකරගත හැකි වීම වෙනම කාරණයකි. අද ගනිකාවන්ගේ ආර්ථිකය අන්තර් ජාලය හරහා ගෝලීය ප්‍රාග්ධනයේ විශාල ගිනුමකට බැරවී ඇති බව ලංකාවේ කාන්තාවන්ද නොදන්නවා නොවේ. නමුත් වික්ටෝරියන් සෙවනැල්ලේ ආශීර්වාදය බලාපොරොත්තු සමාජයකට අපි කුමක් කියමුද? නූතන බුද්ධිමත් පෙරදිග පමණක් නොව අපර දිගද
බුද්ධිමය කුලකයන් තුල සියලු ග්‍රහතාරකා විශ්ලේෂණයන්ද ගෝලීම මතවාද හරහා මහා වෙනසකට බඳුන් වී තිබේ.
(නඅමාරස මතු සම්බන්ධයි)
Jagath Marasinghe
06 09 2025
https://jagathmarasinghe.wixsite.com/mare