පී බී අයියා සහෝදරයාගේ අක්කා සහෝදරිය
මෙම සටහන සජීවීව 2025 පෙබරවාරි 18 මගේ උපන් දිනය දා මාරස !!!****1987 අගෝස්තු 15 දා ජේ ආර් ජයවර්ධන රජීව් සමග ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරනවා. පව් කියන මට්ටමෙන්ම රජ් ශ්ශ්රී ලංකා හමුදා කාරයෙකුගෙන් හොඳ ගුටියක් කනවා. ජේ ආර් කියන දක්ෂ රාජ්‍යනායකයා එයාතන්තර මාධ්‍යය වලට ඇහෙන්න වගේ ගහනවා සන්ස් ටීරොක්ස් කියලා. නමුත් මාසයකට පෙර හිටපු ජවිපේ කල්යා මාරයාට පැලැට් වලට ඇවිත් කියනවා අනතුරු දායකයි කෙලින්ම වැඩ කරමු කියලා. එක් දිග කතාවක්. ඒ ගැන පසුව ලියමු.නමුත් කල්යාටත් පස්සේ මට ඇවිත් කියනවා අනිවා ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ ගැන කතා කරන්න ගියොත් අතීතයේ භීෂණ යුගයක විප්ලවවාදී හෝ කිසිම පක්ෂයක සාමාජිකත්වය නැතිව යනවා යනවා යනවා මාරයා ගේ ජීවිතය. ඇත්තටම පොතක් නොවේ පොත් ලබ්බක්. මොකද මගේ සිතීමේ පහසුව නිර්මාණය වුණේ ඒ ලබ්බේ. මම ලියන්න ආසයි 80 අවුරුද්දේ පරංගි වාමාංශික ලබ්බේ තොවිලය කියලා.කෙසේ හෝ හිර විය. හිර ගත වීමෙදි මම හොඳටම බීලා කෙලින් කියලා ඉවරයි මේ ආණ්ඩුවේ මගුල් බලයට පත්වෙන්න ඉස්සරත් මම ජවීපේ පුල් ටයිම් කරලා නැහැ , ඒ මම මගේ සිගරට් අරක්කු වලට ඉඩ දුන්නේ නැති එකයි කලා සංස්කෘතියේ ට්‍රොස්කි වාදී මත පිළිගත්තේ නැති නිසා.හරි ඉතිහාසය පසුව ලියමු. ඒ හිරගෙදරදි මට හමුවෙනවා 1971 ජවිපේ වැඩ කරපු මාර මුනිවරු හතර දෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හිටපු බණ්ඩාර තෙන්න කෝන් . අනිකා මහනුවර ජවිපේ පොරක් පුංචි බණ්ඩාර දසනායක නොහොත් පී බී සහෝදරයා. අනිකා නිසාගල්ලේ ගුණවර්ධන අයියා සහෝදරයා. අනිකා කාලේ ඒජ්යාතන්තර වාදය ගැන කතාකරන්න ගියොත් වියට් නාමයේ විප්ලවය විතරක් නෙවෙයි චී ගෙන් පටන් අරන් ගරිල්ලා ක්ක්රමය සහ මහජන සමාජවාදී විප්ලවය අපේ හදවතින් අවසන් කරන ජවිපේ හිටපු මිටිමිටි අහිංසකම අහිංසක ලෙස්ලි සහෝදරයා. පක්ෂය වැඩ නොකළත් මුංව කටපාඩම් කියලා අදටත් ජීවත්වෙන ගාමිණී මුතුකුමාරණ සහ ප්‍ර.රේම ලාල් දන්නවා. තාම මැගසිමේ ඉතිහාසය නොවේ අප පරම්පරාවට මැගසිමේ ඉතිහාසය තුලින් අංජනම් පෙන්වමුරී ලාංකේය සිංහල සඳහා පෙනී සිටින ලෙස සලකන ඉතිහාසයේ ජානමය ලක්ෂණය ස්වාධීනත්වයට සහ සැමට කැප වූ එදා සිට පවතින ලාංකිකයාගේ විප්ලවය ජීව ගුණය ගැන කතා කරන්න මැගසිම හරහා මාරයා පටන් ගන්නවා ගන්නවා අරන් තියෙන්නේ එක කෙටි කතාවක් විතරයි කියලා මම විතරක් හිතනවා ඇති. මේකත් ටිකක් බලවත් සටහනක් කියලා මාරස විතරක් සිතන සටහනක් වෙන්න ඇති.ඉතින් හිරගෙදරදි මට හමුවෙනවා මහනුවර ශිෂ්යයාඅංශයේ ලොක්කෙක්. තට්ටයක් තියෙනවා. මාරම අහංසකයි. චරිතයක්. 1988 වෙද්දි මැගසින් බන්ධනාගාරය කාල ගෝට්ටියක්. ඒ කියපු මැරුණු නොමැරුනු අයගෙත් සකල ආදර ඉතිහාසයත් මාරස සෞන්දර්යාත්මක පද්ධතියෙන් නිපන්දුවක් මොළයේ සටහන් වෙලා තියෙනවා තමා. ඒ 71න් හිරගෙදරට ආපු කස්ටිය ගැන කියන්නේ මගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ එක වචනයයි. ඒ වචනේ කියන්නේ නැහැ. ඒ වචනයේ තේරුම ජීවත් වෙනකන් පුළුවන් විදිහට ලිව්වාම ඇති කියන කතාව පමණයි.ඉතින් මම මහනුවර පීබී අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද මගේ වයස 64 ක්. බීපී අයියා සහෝදරයා නැත්නම් පීබී ක්‍රේට්ගේ වයස 76ට කිට්ටු වෙලා. යකෝ ප්‍රේම ලා මීට වසර දෙකකට පමණ පෙර පීබී අයියා සහෝදරයාගේ දුරකථන අංකය මට දෙනවා. පිස්සුද කෙලින්ම සසර අතරමංවෙලා තියන මම මගේ අවට ඉන්න අය එක්ක යනවාඒ ගියාමත් මට තේරෙනව ලාංකේය වමේ අර ලෙනාඩ් වුල්ප් කිව්ව බෙදීම් දේ ගැන. මාරසනම් හිතන්නේ ලෙනාඩ් වුල්ප්ලගෙනත් නිදහස් වෙලා ඉන්න ඕන දෙයක් කියලයි.ඉතින් ඉතින් පීබීනම් ජවිපෙන් වෙන්වෙලා පෙරටුගාමීන් සමග බව කවුරුත් දන්නවා. මාරයාට තාම මේ බෙදීම් පැත්තක් ගන්න තැන් ගැන කියාදෙන්නේ අර සත්‍යයජිත් රායි කියපු මාර පොරක් වූ චැප්ලින් විතරක් වෙන්න ඇති.නමුත් මාරස හදවපු ගසපු තැනකට සේන්දු වුනා. ඒ පීබී අයියා සහෝදරයාගේ නෝනව මම දැකලා තියෙනවා විසිට් එනකොට වසර දෙකටම තුන් වතාවක් විතර. ඇය පේරාදෙනියේ විශ්ව විද්යාපාසලෙන් උපාධිය ලබාගෙන මේ අයියා සහෝදරයාව කැපවෙනවා වගේම දරුවෝ ගැනත් කැපවුනා. කෙලින්ම ඒ දරුවෝ දැන් සිවිල් පොරවල්. මේ ටික මම ලියන්න කාලයක් ගියා වෙන්න ඇති. මාරස මාරයා මම ඒ අක්ක සහෝදරීට සින්දුවක් කියපන් බන් කියලා. මෙන්න බොහෝ දුරට. දුක්වින්ද ගැහැණියක්. ඊට අමතරව සහ සහ පිටින් ඇති තෝර ගත්ත පද රචනය නොවේමේ අක්කා සහෝදරියගේ රූපය දැක්කම කෘප්සකයාගේ සිට රෝසලා හරහා යසෝධරාවන් සියල්ල මතකයට ඇවිත් කඳුලක් උනන්නේ මාරසට විතරක් බව මාරස දන්නවා. දන්නවද මේ පැත්තක ඉන්න අයියා සහෝදරයාගේ වයස කෙසේ වෙතත් පීබීගේ ලෝක විප්ලවය ගැන හදවතක් ස්පන්දනය සහ ඉතිහාසයට ඇති ආදරය ඇත. ඒකාට තවමත් ශක්තිය සපයන ගැහැණිය කවුද. අනේ කෙලින්ම කැමතියි ඒ කියන්නේ ඔබේ ආදරයේ ශක්තිය මාරයි විනා පිරමි කන්නාඩියෙන් මාරසටනම් කියන්න තවම නොවේ කවදාවත් බැහැ වගේ. මේ සහෝදරී කියන ගීතය සඳහා සුදුසු නොවේ . ඒ අනුව දෙවනත් කරමින් පොලා පනින මානවීය අවසානයේ ගීතයක් ලියවෙන්නේ කවදාද කියමින් මාරසය මාරයා සටහන අවසාන කරන්නම්.ජයවේවේවා. මැගසිමේ ආදරයට.ජයම වේවා අක්කා සහෝදරියට.මේත් 80 ආරම්භයේ ලාංකේය ස්ත්රියශ්රී වාදීන්ට අමතකවූ චරිතයකින් තවත් චරිතයක් තමා කියා මාරස කියන්නේ හැට හමාරයි සාධක ගොන්නක් මතක කරේ තියාගෙන තමා.කුමට හිස නමා ආචාර්ය කරනදලගේ අභීත වේදනාාත්මක ශ්ක්රමයට ආදරණීය සහෝදරිය.ආදරෙයි විතරක් කියන්නම්.ජගත් මාරසිංහ.2025 17 09