අවස්ථාවේ විදියට වැඩේ මරු

 

අවස්ථාවේ විදියට වැඩේ මරු





මේ අහිංසක පෙරේරාය. දේශපාලන එක්ස් රොහාන් සමග සිටි පොරකි. පොරක් කියා මා කියන්නේ මේකාට තවම මාක්ස්එංගල්ස්-‌‌ ට්රොස්ක්වද අමතක කරන්න හැකි වුනත් කලක් ආදරය කළ එක්ස් කණ්ඩායමද අමතක කළත් මේකාට පරිසරය අමතක කරන්නට බැරිවූ නිසාමය. මාරයා මේ වගේ දේ වලින් අයින් වී බොහෝ කල්ය. නමුත් අහිංසකයා යනු අංගුලිමාල ලෙස ඉතිහාසයේ මාර කතාවකි.

මේකාගේ ඇත්ත ආදරයට මට මුණ ගැස්වූ සමිතා ඇතුල්දොර ආරච්චි සහෝදරියවත් සිහිපත් කිරීම වටිනවාය. අහිංසක පෙරේරා ලියන ලද මට බලන්නට දුන් පොත මා බැලුවේය.
අනේ ඒක කෙලින්ම ගවේෂණයකි. කලක් එන් ජී ඕ කාරයන් කියා මඩ ගැසීමට සුදුසු පොත් වන්නේ කුමක්දැයි 80 අපි නොදන්නවා නොවේ. මට මීට විචාර ලියන්නට නොහැක. ප්රජාතන්ත්රීය අයිතීන් සුරැකීම ගැන නම දැකි විටත් මටනම් වස බොන්නට හිතේ.
නමුත් අපේ පරපුරට පසු මේ වගේ අහිංසකයා මෙවැනි ගවේශනාත්මක පර්‌යේෂණයක් කිරීමට ගොඩක් මහන්සි විය යුතුය. කවුරුන් උදව්වට ගත්තත් ඒ ශ්රමයයි. මම නුඹට ආදරේ යැයි කියමි. කවුරුන් මොනවා කිව්වත් ධනේශ්වරයෙන් පසු සමාජවාදය යන ඉන්පසු කුමක් වුවත් මල් වැනිය දැන්ද සාධණීයය. මට කළ හැක්කේ නුඹේ නාමයේ ඉතිහාසයේ සදහන් අංගුලිමාලගේ කතාව නොව අදටද ගර්භීණීන්ට ප්රසස්තිය පහල වීමට දේශනාකරන අහිංසක හෙවත් අංගුලි මාල පිරිත තමාය.
ඒක මාරය. අහිංසක නැමති තොප ගේ ආදරවන්තියන්ටත් ආදරවන්තයන්ටත් නොව මිනිසුන්ට මාරය. ප්රජාත්රන්ත්රවාදය සම්බන්ධව අනාගතයේ වියමන් කරන කිසිවෙකුටත් මින් බැහැරට යන්නට හැකියාවක් නැත. ඒ කියන්නේ අහිංසක
නිර්මල සත්ය නොව නිර්මල සත්යට ලගාවීමට අනාගත පරම්පරාවට අත වනා ඇත. මාත් තොපිට ආදරෙයි කියා කියා ඇත. නමුත් මේ පොත සම්බන්ධව දේවල් සිදුවන කාලයේ අප පස් යටය.
ඉතින් ප්රජාත්රන්තවාදය ගැන කතා කරන්න මාරස මේ මොහොතේ කැමැතිය. පසුව කතා කරමු. නමුත් මේ පොත අද නොව හෙට දේශපාලන විශ්ලේෂකයින්ට මාර වෙනු ඇත

ජගත් මාරසිංහ
18 06 2020


Powered by Blogger.