තිරිමාදුරට මගේ ආදරය

තිරිමාදුරට මගේ ආදරය
 

තිරිමාදුර මට නළුවෙකුටත් වඩා කෙලින් කතා කරන අවංකයෙක්. මම 80 දශකය මුල මාර ජනතා වාදියෙක්. දැන් වයසට ගිහින් ඇසූ පිරූ තැන් ඇති නිසා ජනතා වාදයට විරුද්ධ උනත් ඒ ජනතා වාදියා තාම ඇද නැතිව හදවතේ විතරක් නෙවේ ඔළුවෙත් ඉන්නවා කියලා දැනෙන්නේ ජනතාව දුක්වෙන අවස්තා වලදි මට තාම තද වෙන නිසයි. හැබැයි සමාජවදයට නම් ජනතාවාදය පිළිලයක් කියලා දකින නිසා නිශ්ශබ්ද වෙනවා. ඉතින් සෝවියට් සංස්කෘතික මධ්යස්තානයෙ නාට්ය පාටමාලාවක් කරලා නාට්ය ගැන මම දැන් සියල්ල දන්නවා කියලා හිිතපු ජනතාවාදි කාලේ මට ප්රවීණයෝ දෙන්නෙක් සමග ද සොයිසාරාමයේ දහම්පාසැල් නාට්ය උළෙලක විනිසුරුවෙක් වෙන්න ලැබෙනවා. ඒකෙදි මගේ තීරණ ඒ දෙන්න සත පහකට ගණන් ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක ආධුනිකයන්ට ප්රවීණයන් දෙන මෝඩ පාඩමක් වෙන්න ඇති. මම ඒ කාලේ "පරවේණි" කියන නාටකය නටන්න පටන් අරන්. ඒ දහම් පාසල් නාට්ය තරඟයේ අසාධාරණයට ලක්වුන කොල්ලෝ තුන්දෙනෙක්ව මම මගේ නාට්යට ගන්නේ විප්ලවයේ සදාකාලික බලාපොරොත්තුවක් ගැන දවස් ගණන් කතා කරලා. එතනදි මම දකිනවා තිරිමාදුරගේ සැඟවුණ ප්රතිභාවක්. මම මේව කියන්නෙ නැහැ. එයා මේක ගොඩක් අවස්තා වල කියල තියන නිසයි ලියන්න ගත්තේ. කොටින්ම එයා මගේ ඊ පවුරෙවත් නැහැ. ඒහෙත් හදවත් බිත්ති තුළ කුරුටු ගීයක් වෙලා. හේතු වාදියෙක් වගේ මොළයේ බිත්ති වල කුරුටු ගීයක් කියන්න මම කැමති නැහැ. මට හිතෙන්නේ මොළය රොමැන්ටික් නැති හේතුවාදී නිසා නිසා මිනිස්සුන්ට දුරයි කියලයි. හදවත තවමත් මිනිස්සුන්ට සමීපයි. සටහන් ලියන්න වෙන්නේ හදවතින්.
කොහොම හරි මම එදා පැවතුන රජයේ අසාධාරණයට විරෝධය පාලා හිරගෙදර ගෙදර කර ගන්නවා. තිරිමාදුර වේදිකාවේ දුර ගමනක් යනවා. සරත්චන්ද්රයන්ගේනාට්ය වලටත් සම්බන්ධ වුණා කියන ආරංචිය ආපු ගමන් මටදැනෙනවා එයා මොනවා හරි ගමනක් යනවා අනිවා කියලා. ඒ එදා කළා ලෝකයේ හැටි. පස්සේ මම හිරගෙදරින් නිදහස් වෙනවා. සියල්ල මා දෙස නොබලන මොහොතක තිරිමාදුර මට කළණ මිතුරෙක් වෙනවා. සර් අයියා වෙලා අන්තිමට මචං බවට පත්වෙනවා. එයාගේ අක්ක සමග මම සම්බන්ධයක් ඇති කරගත්ත ගමන් මම කෙලින් එයාට කියනවා මචන් මේ වගේ දෙයක් වෙලා තියනවා උඹගේ කැමැත්ත අවශ්යයි කියලා. මේක කෙලින්ම කියනවා උඹෙයි මගෙයි යාලුකම තිබුණාවේ උඹලා එක් උනත් වෙන්වුනත් මම ඒවට හොට දාන්නේ නැහැ කියලා. කොටින්ම ඔය මගුල් මට වැඩක් නැහැ කියලා. ඒක ඇත්තක්. අද අපි වෙන්වෙලා ඉවරයි. නීතියේ කෙහෙල්මල් නියෝග විනාශ වෙලා යනකොටත් තිරිමාදුර අදටත් මට මචං. මචං කියන්නේ මාර භාවමය ප්රායෝගික වචනයක්
මේ අතර කාලයේ තිරිමාදුරයා එයාගේ වෘත්තීය නාට්ය කලාවෙන් ගොඩක් දුර ගියා. නමුත් එයා වේදිකාවට එනකොට විවෘත ආර්ථිකය තිබ්බත් වෘත්තීය කලාවක් අපේ පොළවේ තිබ්බේ නැහැ. කොටින්ම වතුර බෝතල් විකුනන්නවත් තිබ්බේ නැහැ. නමුත් මට හිතෙනවා වෘත්තීය මට්ටමක උනත් තිරිමාදුර කලාවේ පතිවත රැක ගනී කියලා. මම අභියෝග කරනවා පුළුවන්නම් රැක ගනින් කියලා. ඒත් ඒක කරන්න බැරි දෙයක්. එහෙම කරන්න ඕනත් නැහැ. මොකද ගෝලීය තත්වයන් යටතේ පතිවතේ හැඩය වෙනස්වෙලා. ඒකට කොන්දේසී කලාකාරයෝ විසින්ම නිර්මානය කරගන්නා මේ මොහො දේශපාලනිකව මාර මොහොතක්. සමාජ දේශපාලනික කතන්දර කොහොම චලනය වුනත් සැබෑ කලාවට අවංකත්වය ආදරය කියන කතන්දරය සදාකාලිකයි වගේ දෙයක් තියනවා. මම මෙතන ලියන්න යන්නේ ආදරය ගැන
මම කොහොමත් තප්පරෙන් පංගුවක කලාවටත් ආසයි. ඒකේ උපකරණය තමා කැමරාව. ඒක කරන්න අද විශාල ප්රාග්ධනයක් අවශ්යයි. ඒත් ඒකට මිනිස්සු විකල්ප හොයනවා. මම පැපරාසින්ටත් ආදරෙයි. මේ ඒව අමුවෙන් හදාරපු යුගයේ ගත් ඡායාරූපයක්. මේක ලියලා දානකන් මේක කිසි කෙනෙක් දැකලාවත් නැතිව ඇති. මේ තිරිමාදුරගේ එයාගේ අම්ම තාත්තට තියන ආදරය පැපරාසියෙකුගේ ඇස හොරකම් කරපු අවසථාවක්. බලපන් මා පිය සෙනහස නෙවේ පුතු සෙනෙහස කොච්චර ලස්සනද කියලා. උඹ ආර්ට් කරන්න සුදුස්සෙක් වශයෙන් මා වචනයක් හරි කියලා තියනවානම් මේ ඡායාරූපය ඒකට සාක්කි දෙයි. උඹ දෙමව්පියන්ට ආදරේ වගේම තමා මචන් ගුරුවරුත්. උඹ යන ගමන මරු. ආදරෙයි. නුඹේ ප්රතිභාව ගැන මට අලුතින් කියන්න දෙයක් නෑහැ. මම බලා ඉන්නවා. හැම දාම අළුත් දෙයක් කරන්න හදන උඹේ හද ගැස්ම දිහා.
ජගත් මාරසිංහ
17 10 2020
1


Powered by Blogger.

Follow by Email