මේ කියන පදටික ගිලිහී ගියේ හේතු වාදී නැතිනම් යාන්ත්‍රික වාදී ව්‍යාපෘතියෙන් විය නොහැකිය. නමුත් ඒ මේ මහරෑ හමුවූ ස්ත්‍රිය නොව ඒකිගේ ඇඳුම් ගැලවූ විට සෑම පිරිමියෙකුටම දැනෙනා වූ හිස් තැනක් මාරස මෙන්ම අනෙකුන්ද දැනෙනවා ඇත. සක්වා ලිහිණි නැවත නැවත බලා මේ ගීතය ඇසෙන විට ඒ දෙගුන වන්නේය තෙගුන වන්නේය. නමුත් ඒ ගීතයද කවියද දැනෙන විට කුහකත්වයේ ධර්මයක් දැනුනත්අපි කාටත් ලස්සන නොව සැබෑ මනුෂ්‍යත්වයේ ගීතයක් ලෙසද ගතහැකිය.
ගීතරචනයද සංගීත රචනයද කියා වාද විවාද ඇතිවූයේ මාරසද අර අද සෘංගාර කවියන් මෙන් උක්දඬු කොන උක් ගසක්වත් නොහපා උක්වතු වලටද සැබෑ දේශපාලයයක් අහිමිද කියන අසූවේ දේශපාලන යථාවෙන් මත්වී සිටි කාලයේදීය.නමුත් මේ වන විට කවුරුන් කෙසේ කීවද සියල්ල පද වලට පමණක් සීමා වී තිබේ. කෙලින්ම දැන් අද නිර්මාණ ලියන්නෝ පද වෙනුවට දමන්නේ ඡායාරූපය. නැතිනම් විවිද උදෘතය. සමහර විට දුර නොගොස් තිබ්බත් ඇසුම් දැකුම් රුකුල් යන කුමාරතුංගයන් දුන් දේද පොත් ලිවිමට ඒක්කාසු විය හැකිය. ඒ කිව්වේ ඕඩීයෝ විෂුවල් නොව තම තමන්ගේ ලිංග සංකේත ක්ෂාර පිටපත් දැමීමද ලෝකයේ තිබේ. ඒවා මෙහේ දැම්මත් කම් කිම්
අපිද ඉන්නේ ලෝකයේ මැදය.අපිට ඉර පායනකොට තවත් පැත්තකට රාත්‍රියයි. රාත්‍රිය යනු මහා දවාලක ප්‍රතිවිරෝධයයි. සක්වා ලිහිණි ගැන ලුහුඬින් කියවෙන්නේ සක්වා ලිහිණියන් යුගල දිවාකළ එක්ව හැසිරෙන අතර රාත්රියේදී එකිනෙකාගෙන් වෙන්ව වෙසෙන පක්ෂීහු වෙති. ඒ කියන්නේ අර තමන්ගේ ගතිගුනය අහසට දී ග්‍රහ තාරකා ක්‍රමවේදය මගින් මිනිසා අහස් ප්‍රස්ථාරද හැදුවා මෙන් වැඩක්ම වන්නේය. තවත් පැත්තකින් පුරාණ කාව්‍යවල ඇති මහා කෘති වල සැලලිහිණියාට වඩා අපි දන්නවා කියන මහන්තත්ත දේවල්ද තවමත් බොහොය. උන් දන්නේ ඒ අඩු පරාසයක්ම වීම වුදද මේ කාව්‍යයේ ගොඩ ඒන්නේ කෙසේදැයි ලියන්නට ගියහොත් බොහෝ ආධුනිකයන්ගේ සැබෑව යටපත් කරමින් සේකරවන් අයට රාජ්‍ය බලයක් හිමිවීම අරුමක් නොවන්නේමය. ඒවා අදාල නැත කියා මාරස මියගිය සේකර වෙනුවෙන් බොල් පිලිමයක් නොවන ගල්පිලිම ලෙස සිටින බුදුන්ගෙන් සේකරයන්ගේ ගීත සාහිත්‍යයේ ප්‍රචලිත නොව හැම විටම අපි බුදුන්ගෙන්ද ඒසේ නැතිවුවත් කාගෙන්වත් අහන ඒ පදටිනම් මාරය. දැන් ඇසිය යුත්තේ මිය ගියත් ජීවත්වන සේකරයන්නේ නොව සේකරයන්ගේය. මතක තබාගත යුත්තේ මරණයටද ජීවත්වන මෝඩයන් සිතනවා මෙන් අන් කිසිම අදහසක් නැති බවය. .ඒ නිසාම බුදුනුවන්ම වස සුවහස් මිනිසුන්ගෙන් මාරස මෙසේ අසන්නේ පලක් නැතිනම් දිවි නහගන්නට නොවන බවද මාරස කිව යුතුය. දිවි නසා ගන්නේ කුමට. බුදුන් වහන්සේ කීවත් නොකීවත් අප සැවොම ජීවිතේ පලක් නැති බව දන්නවාය. මන්ද පලයකට හේතුව සොයා ගන්නට නොහැකි නිසා නොව පලක් ඇතත් නැතත් මේ නිමේශයේ අපට කටයුතු ඇති නිසාය. සක්වා ලිහිණියද යම් පොර යුගයක පොරවල් විසින් උඩ දමන ලද දෙයක් වීමට හැකි බව පෙනේ. නමුත් ඒ කාව්‍යයේ සැබෑ තැනද වන්නේ නොවන තැනද වන්නේ මේය කිව්වා පමණි. ඇවිසි විට මාරස ලියන්නට නොපෙලඹෙන්නේ නැත. මන්ද ආදරය කොතනද ඒ අඳුරකි. අඳර වනාහී කොයි පැත්තෙන් බැලුවත් මාර ආශීර් වාදයක්ම ලෙස දකින්න.
*ජීවිතේ යම් පළක් ඇත්නම් කිමැයි ඒ මට කියා දුන මැන!
මේය,,,,,,,,,,,,,,
පද මේය................
මේ දෙකෙන් දැනෙන්නේ කුමක්ද යන්න සෙවීමට සක්වා ලිහිණියේ පද වලට පෙර
https://youtu.be/9CjLTVGx8Fc
"අවුකන පිළිමය"
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක් යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි
අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහට ම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි
කෙළෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත
ඔබේ පා මුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන
මහගම සේකර - සක්‌වා ලිහිණි කාව්‍ය ග්‍රන්ථය - 1962 - 53-54 පිටු
ජගත්මාරසිංහ
01 02 2025