එදා චැප්ලින් සහ මෙදා චැප්ලින්ලා

   එදා චැප්ලින් සහ මෙදා චැප්ලින්ලා 

     වම යනු වමේ ව්‍යාපාරයයි.එයට දර්ශනයක් තිබේ. දර්ශනය සහ ධර්මය තේරුන්ගන්නා පැති දෙකකි. තව ඒවාද බෙදී බෙදා ගණිතමය‍‍ රුක්සටහන් ඇඳිය හැකි තත්ත්වයක්ද තිබේ. නමුත් වමේ ව්‍යාපාරය නැමති අවකාශයට ඇතුලුවීමේ දොරටු ඇති නමුත් පිටවීමේ දොරටු නැති බව මා අසා ඇති කතාවකි. ඒ කතාවක් මෙන්ද අත්දැකීමකි. ඒද ජනකතාවක් විනා අන් කතාවක් නොවේ. ජන කවි, ජන කතා මිනිස් ජීවිත වලින් ගොඩනැගුණ කතන්දර විනා අන් කිසිවක් නොවේ. බුද්ධ සිතීම ගැන මා කියවන කාලයේ ධර්මය යනු කුමක්ද යන්නට උත්තරයක් මා අසා තිබේ. ගෞතම බුදුන් වහන්සේ දුන් අදහසට සමපාතිකව තවත් බුද්ධ සිතීමේ එක් ප්රවණතාවක් වන තන්තයානයේද මේ කතාව මහාමුද්රා ගිතයේ තිලෝපා විස්තර කර තිබුණා මට මතකය. මමද වෘත්තීය ජීවිතය පටන් ගත්තේ පරිවෙණාචාර්ය වරයෙකු වශයෙනි. ඒ අන් රස්සා සහ වෙනත් ව්‍යාපාරයක් කිරීමට නොදන්නා නිසා නොව සිවිල් විකාර ලොක්කන් යන විකාර වළට වැඳ රස්සාව කරනවාට වඩා මා කලක් අතහැර සිටිමුත් යම් ආධ්‍යාත්මික ප්රජාවකට වැඳ වැඩක් කිරීමෙන් මගේ අනුවේගී ස්නායු ක්රියාකාරිත්වය නොමග නොයන නිසා වීීීීමට ද පුළුවන. කොටින්ම ධර්මය යනු තියන දේ පැවසීමයයි බුදුනුවන් දේශනා කර තිබේ. දර්ශනය යනු පවතින් දෙයින් ගොඩනගාගත් වෙනත් පරිවර්තන ඇකඩමික වචනයක් ලෙසද ගත හැක. බුද්ධ දර්ශනය කොහේ තිබ්බ ඒකක්දැයි අද ජීවතුන් අතර සිටියානම් ඩබ්ලිව් එස් කරුණාරත්න මහතාගෙන් විනා අන් කෙනෙකුගෙන් මා අසන්නට අකමැත්තෙකි. එකල්හි නොව මෙකල්හිත් මාක්ස්වාදීන්ට බුද්ධ නැතිවද බැරිය. ඇතුවද බැරිය. දාර්ශනික කියන මාක්ස් වාදීන් මේ ගැන කියා ඇත්තේ කුමක්දැයි දැනගැනීමටද කැමතිය. මන්ද මොනවා උනත් යන විශේෂණ පදය යටතේ ඔවුන් ඔවුන්ගේ මත ප්කාශ කරයි. ක්රියාවන්ද ඒසේමය. ප්රශ්න ඇසීමට නොහැක. ඇසුවොත් වෙන ගැටලුවකි. ජාතික ව්‍යාපාර වල සිටින පරිණත දැනුමක් ඇති අයව මාද ඇසුරු කර තිබේ. දේශපාලනයෙන් පිටස්තරව ගණුදෙනු කර තිබේ. ගණුදෙනු කීවේ මුදල් නොව අදහස්ය ජාතික වාදීන් කියන අයගේ හොස්ස ලඟින් මැස්සා ගියහොත් .ගැටුමකි.

ලංකාවේ බුලත් කඩය සහ බෙහෙත් කඩය වනාහී අනාදිමත් කාලයක සිට සිරි ලංකාවේ මාර සිංහල කියන නමින් යන ව්‍යාපාරය. ඒවා කවුරුන් කෙසේ කීවත් ජාතිකය. දෙමළුන්ද බුලත් කයි. ජාතික මතක් වන් වෙනම සාධනිය මානසික කෑමක් වන සිංහල පමණක් නොව දෙමලද බුලත් කඩ ගණනනාවකට මා ගොස් තිබේ. එකම විලාසයකි. ඒක්කෝ එහි ලොක්කා ගසාගෙන ඇත්තේ කොට කලිසමකි. නැතිනම් කැහැපට ගැසූ සරමකින් සැරසී ඇත. නැසිනම් අමුතුම හැඩයක චීත්තයක් හෝ ගවොමක් ඇඳි ගැහැනියකි. වචනයක් කතා කිරීමට නොහැක. සෑම බුලත් කඩයකම දෙවියන් සහ බුදුන් පේන්නම පදර්ශනය කර ඇත. හඳුන් කූරු පුසුඹ නහය නොව පෙනහලු සොලවන්නේය. ඒහෙත් මදිපාඩුවක් කියන්නට නොහැක. හැකිනම් කියන්න කියා අභායෝග කරන්නටද පුළුවන. සම්භාවිතාවත් සමග මා මේ කියන ඒවා සියයට පහක් පමණ වෙනස් වන්නට හැකිය. ඒහෙත් සියයට සියයක් ඒ අමුතු ඒකාධිකාරය නැති බුලත් කඩ පවතින්නේද නැත. ඒ බුලත්කඩ කාරයන්ද බෙහෙත් කඩ කාරයන්ගෙගේද හොස්ස ලඟින් මැස්සා යන්නට බැරිය. මේ තත්ත්වය එක නගරයකට එක කඩයක් නිසි පවතින තත්ත්වයක්ද නොව. උදාහරණ කියන්නට ගායක් නැත ඇවැසිනම් සොයා බැලිය හැක. පන්සල් ගැන මේ තත්ත්වය වෙනස්ය. මා මේ කීවේ ජාතික ලකුනේ සංවිධාන සහ ව්‍යාපාර වල මුල් ගැන පමණි. දේශපාලනය ජාතිකත්වය ගැන උපදෙස් දීමට මා අයට අයිතියක් නැත. කොටින්ම ලාංකේය සියලු ආණ්ඩුවල වැයික්කි වල මුලාදෑනින්ගේ අරුතින් අපිවන් පිරිස වනාහී පඟිරි නැට්ටන්ය.
කෙසේ නමුත් මා ගෙවූ ජීවිත කාලයේ පරිණත භාවය නිසාදෝ මට දැන් සිතෙන්නේ වමට ඇතුලුවීමට මෙන්ම පිටවීමටද දොරටු බොහෝ ඇති බවය. ඒහෙත් මාක්ස් වාදය සම්බන්ධව යම් දැණුමක් ඇතිව වමට ඇතුළු වූ කිසිවෙකුට පිටවීමේ දොරටු නැතිබව සාධනය කළ හැකිය. ඔවුන් වෙනස් කරන්නේ භාෂාව පමණි. එයාලා අදහස් වෙනස් කරන ආකාරය මළ විහිළුවකි. බුදුන්ව මාක්ස් වාදියෙකු කිරීමටත් මාක්ස් වාදියෙකු බුදුන් කිරීමත් සියල්ලන්වම අල්ලා දෙවියන්ට සම්බන්ධ කිරීමටත් ඔවුන්ට ගතවන්නේ අසුරු සැනක කාලයකි. නව දේශපාලන විකල්ප කණ්ඩාම් සියල්ල කතා කරන භාෂාවනම් වෙනස්ය. උදාහාරණයක් ලෙස පැන්ටසි අර්තයෙන් කතා කරන්නා වූ සියලු අදහස් වල ඉලක්කය අවසන් වන්නේ අද වමේ අඳුරු කුටියෙන්මය.මා අඳුරු කුටිය කියා කියෙන්නේ මිනිසුන් විසින් බිහි කරගන්නා න්‍යායන් අති නිවැරදි නමුත් ඒවා යථාවක් වන්නේ කාලය තම තමුන්ගේ තර්ක වලට අනුව නොව කාලය සහ අවකාශයට අනුව බව නොදැන වන්නට බැරිකමක් තිබේ නම් ඒ කෙලින්ම නොදැණුමය. නමුත් කොළමක් ලියන විට කොළම් භාෂාවෙන් කියන්නේනම් මේ සියල්ලන්ටම සිදුවී තිබෙන්නේ මාක්ස් වාදීන්ට වමෙන් පිටවීමේ දොරටු නැති කමය. එහි අනිත් පැත්තද ඒසේය. අනෙකුන්ට පිටවීමේ දොරටුවද ඇතුලුවමේ දොරටු බොහෝය. මේ පිටවීමේ දොරටු ඇත්තේ පාග්ධනයේද තමුන්ගේ ඔළුවේද යන්න ගැන සංගයානා පැවැත්වීමට ඇප් නිෂ්පාදනය කිරීමට කිසිසේත්ම අවශ්‍යතාවක් අද නැත.

මේ වන්ම තත්ත්වයක් මත්ලෝලී සංස්කෘතියටද තිබේ. කෝටාල් , කසිප්පු කාරයන්ටත්, කුඩුකාරයන්ටත්, ගංජා කේරල හෝ වෙනත් ඕනාම මතට ඇබ්බැහි වූවන්ටත් ඇතුළු වීමේ දොරටු විනා පිටවීමේ දොරටු අහම්බයක් බව කෙලින් පැවසිය යුතිය.මේවා මාර කතාය. එසේනම් මේ වනාහි දෙපැත්තම මත් සංස්කෘතියක් වන්නේද? මේවාට නම් වශයෙන් උත්තර දෙන්නට මා ඉක්මන් වන්නේ නැත. ඒවා අපටත් වඩා හොඳින් අද ජංගි කොට ගසා සිටින කොල්ලන් විසින් ඉතා නුදුරු කාලයේ උත්තර දීම සිදුකරණවා නොඅනුමානය. කොටින්ම මතට ඇබ්බැහි වූවන්ගෙන් සියයට ඉතා පුංචි සංඛ්‍යාවක් මත නවතා තිබෙන්නේ මරණාසන්න අත්දැකීමක් ආසන්නයේදී බව කවුරුත් දන්නා කාරණයකි. විප්ලව වාදී වේශයද ඒසේමය. ඒ තත්වය තවත් නමකින් භීෂණයක් වැනි දෙයක් පැමිණි විට ඔබටම බලා ගත හැක. ඉතිහාසයේ ශාක්කිකාරයන්න් ලෙස ඇවැසිනම් මාරසට අසූව දශකය ගැන කියාගෙන කියාගෙන යා හැකිය. ඔය අද කතා කරන සමහර පඟිරි විලාසිතා කාරයන්ගේ සැබෑව අපි අත්දැකීමෙන් දනිමු. නමුත් එවැනි විප්ලව වාදීන් ගැන කතා කිරීමට වඩා පැරෂුට් ගැන කතා කිරීමෙන් අපරදිග විද්‍යාවේ දැනුමවත් ලබා ගත හැකි වනු ඇත. ඇස් ඉස්මත්තෙහි පිටවීමේ දොරටු ඇතත් වමට කෙසේ වෙතත් මාක්ස් වාදී වමටනම් දොරටු නැත්තේමය. පෙනෙන්නේ නැතිද යන්න ගැනද සොයා බැලිය යුතුය. ඒ කෙසේ වෙතත් වමේ දොරටුවෙන් ඇතුළුවූවන්ගේ බොහෝ දෙනෙකුගේ හෘර්ද ශාක්ෂිය සම්බන්ධව මාරස ආදරේය. ඒ ඔවුන් එදා තිබි අවංක බව නිසා නැතිකරගත් දේ බොහෝ නිසාය.
ලාංකේය හේතුවාදී ව්‍යාපෘතිය කෙලවා දැමුවේ මිත්‍යාවට වඩා වමටය. එය වමේ උන් සැබෑවටම නොදන්නේය. මන්ද විද්‍යාව උන්ගේ ආගම නිසාදැයි සැකයකි. බොහෝ වම්මුන් දයලෙක්තියකය ඒතිහාසිකය යන්න ගැන දන්නේදයැයි නොදනිමි. හේතුවාදයනම් කදිමට දනී.උනගේ හේතුවාදය දෙබිඩිය. විප්ලවවාදී කොමිනියුෂ්ට් සංගමයේ එකල අධ්‍යාපන වැඩ පිළිවෙල හේතුවාදය දාර්ශනිකවම ප්රතික්ෂේප කළ අයුරුද මතකය. අනිත්වා තාම අංජනම් ඇල්ලීම ගැන හරසුන් අංජනම් කතාය. නොදන්නා ජ්‍යෝතිෂයේ දයලෙක්තිකය ගැන උපහාසාත්මක යල් පැන ගිය පරණ කතාය. ස්වභාවයේ දයලෙක්තිකය පොතේ තිබෙන ආකාරයටම හිතන්නට බැරි බව සමහරු දන්නේද නැත. ‌ අවසානයේදී මොවුන් කලාවටද කෙලවා දමා හමාරය. සිනමාවේ මහා ප්ර්තිහාර කළ වියත් ඇඳුරන් විය යුතු ශිල්පියෝ යාපනය පුස්තකාලයත් සමගම ගිනිගත්තාදැයි සැකයකි. උනගේ මිතුරන්ද ඒ ගින්න නිවන්නේ නැත. ඒ නරක නාමයන් ගන්නට සිදුවන නිසාය. නැතිනම් තමන්ගේ වෘත්තිමය සාධකයක් නිසාය. මාක්ස්ගෙන් බුදුන්ට මාරුවූ මාක්ස්වාදී වාමංශික නාමයන් ගැන ලියන්නට අවශ්‍යතාවක් මාරසට නැත. ඒ ඒවා කවුරුත් දන්නා නිසාය. එහෙත් එසේ මාරුවුණා කියා සිතා සිටියාට වාම මාක්ස් අවකාශයේ පිටවීමේ දොරටු නැත. ඇති දොරටුවකින් පිටවුනහොත් ඒකලා අවජාතකයාය. අපතයාය. පාවාදෙන්නාය. මෙව්වා ලියවගෙන පල කරන්නට මට ගෝලයන්ද නැත.
කෙසේ නමුත් වාසනාවකට හෝ අවසනාවකට වාමාශික දොරටුවෙන් ඇතුළු වීමට අතලොස්සකට මෙන් මටද ඉඩ සැලසුවේ මාක්ස් ලෙස තර්ක කළ හැකි නමුත් ඒ ජීවිත වල වටිනාකම පපුවට දැනුම් දුන්නේ ඇත්තටම දේශීය සහ විදේශීය සැබෑ කලා කරුවන්ය. කොටින්ම මේ කොළම චැප්ලින් සහ ජීවිතය ලෙස නම් තැබුවේ චැප්ලින්ට ගෞරවයක් ලෙස යමෙකු සිතන්නේනම් එය නිවැරදිය. අපේ පරපුරේ තරුණ විය ගෙවුනේ අසූව දශකයේය. ඒ දස වසරෙන් භාගයක්ම මා ගෙවන ලද්දේ අසහනයෙන්, පීඩාවෙන් සහ සිරගතවය. කෙසේ හෝ අසූව දශකයේ මා නැරඹූ සිනමා කෘති මට අමතක වන්නේනම් මා මළ දාටය. ඉන්ද මට බෙෂ්ට්ලාව චැප්ලින්ලා ගැන ඇත්තේ වෙනම බුදු අදහසකි. ඒ අද භාවිත පැන්ටසි වචන වලට ඔබ්බෙන් ඔවුන් පසේ බුදුවරුන්ටද අභියෝග කළ පිරිසක් හෙයිනි.

වරක් ඒලියන් සිල්වා ශූරීන් කියා තිබෙන්නා වූ අරුතින් වැද්දෙකු සහ ගම් වැද්දෙකු මෙන් දෙබිඩි චරිතයක් ගත කිරිමට මාරසට බලපෑම් කළ මේ යුගයේ මා මේ කොළමට ගන්නේ චැප්ලින්ගේ චිත්තරපට තුනක් පමණි චැප්ලින්ගේ "මොඩන්ස් ටයිම්" සිනමා කෘතිය බලා අවසාන වූ මොහොතේම මා වමේ අවකාශයේ දොරටු ඇරගෙනම ඊ්‍ට ඇතුල් විය. කොටින්ම චැප්ලින් මාක්ස්ගේ පාග්ධනය කෘතියට අටුවාවක් රූප මගින්ම සාධනය කළා සේය. අනතුරුව මා දිවි ගෙවූ විකාර රූපී සමාජයේ මට මගේ දරුවා සමග තනි වෙන්නට සිදුවූයේ පාදඩ කෝටාල් බීමක් නිසාය. එහි යථාර්තය ලියා පල කර තබා තිබේ. පොත් විකුණුනද නැවත මුද්දරණයට කිසිවෙක් නැත. එදා මා වටා වුන් සියල්ල මා අතහැර යන කළ මට මගේ දරුවෙකු සමග තනිවී මහා කට්ටක් කන්නට සිදුවූයේ අහම්බයෙන් නොවන වග මා දනිමි. ඒවා සමාජ දේශපාලන හේතුය. ඒ පිටුපස වික්ටෝරියන් ථේරවාදී කුහක කමට ඔබ්බෙන් වමේ කුහක කමද තිබි බව මට සැබෑවකි. නමුත් එදා දරුවෙකු සමග තනිවීම නැමති කට්ට කෑම සාමාන්‍යක් වීමට බලපෑවේද චැප්ලින්ගේ "ද කිඩ් " යන සිනමා කෘතියයි. සියල්ල දමා ගිය පසු දරුවා පමණක් ඉතිරි වූ පසු මා දෙවැනි වර නැගිට්ටේද ද කිඩ් යන සිනමා කෘතිය නැවත නැවත බැලීමෙන් සහ මෙනෙහි කිරීමෙනි. එහෙත් චැප්ලින් කිඩ් වලින් මවන දරුවා මා සමග තනිවූ දරුවාට වඩා මහමෙරක් වන් වෙනස්ය. මන්ද ඒ දරුවා ඒ පියාගේ මනසේ කිසිසේත්ම තමුන්ගේ දරුවෙක් කියන සංකල්පයේ තබා නිර්මාණය කර නොතිබුණේය. බර්ටොල්ඩ් බ්රෙෂ්ට්ගේ් හැදූ මව සහ වැදූ මව ගැන මව් සෙනෙහස සහ චැප්ලින්ගේ හැදූ පියාගේ පිය සෙනහස හුණුවටයෙන් ප්රශ්න කර තිබූ ආකාරයටද ඔබ්බෙන් පිරිමියාගේ අභාවය අභාවයාගේ අභාවය කරමින් පිරිමියා සහ ගැහැණියද දරු සෙනෙහස පමණක් නොව අහස පොළව වන් මව් පිය පරතරයේ දරු සෙනෙහස හරහා චැප්ලින් අපව වෙනම භාව ලෝකයකට ඔසවාගෙන යනවා සේය.
මා සිතුවේ චැප්ලින්ගේ කාර්යභාර්ය ඒ චැප්ලින්ගේ කෘති දෙකෙන් පසු මගේ හදවත නිහඩ කළ බවය. නමුත් වයස අවුරුදු පනස් නවය වන විට මට නිදා සිටින විටද චාලි චැප්ලින්ගේ ලයිම්ලයිට් පෙනෙන්නට විය. ඒ ආදරය නිසායැයි ඔබට තර්ක කළ හැක. තව දුරටත් වයස් පරතර ඇති ආදර කාලය නිසායැයි සාමාන්‍ය කරනුු ඇත. නැත මාරස කියන්නේ ලයිම්ලයිට් ආදරයේ ආදර වන්තියගේ දිිවි බේරගත්තේ පිරිමියා නොවන වගය. සැබෑවටම දිවි බේරාගත්තේ ගැහැනිය ලෙස ඊට සාපේක්ෂකව අප හදවත වර්ගකර ගණු ඇත. එහෙත් තව ඒ තර්කයෙන් හිට්ලර් වන මිනිසුන් ගැනද පැවසීමට කරුණු නැත්තාද නොවේ. එහිදි චැප්ලින්ගේ සිය ලාබාල පෙම්වතියට චැප්ලින් මෙවැනි අදහසක් පවසයි. "ඔබ ඔබේ වයසේ ඉන්නා විට ඒසේ පෙනේවි. නමුත් මගේ වයසට ආ පසු මා කියන දේ තේරෙයි."
අප තරුණ වියේ ඔබ අපට දුන් කමටහන අත් දැකීමට පුළුවන් වූයේ බොහෝ කල් පසුවී බව සැබෑවකි. චැප්ලින් වැනිි කලා කරුවන්ගේ සිනමාව පරණයයි කියන්නන්ටද මට පැවසිය හැක්කේ චැප්ලින් 1992 (Chaplin (1992)) සිනමා කෘතියේ එක් අදහසක් පමණකි. කාලය තමන්ගේ සතුරෙකු ලෙස වර්ග කළ චැප්ලින්ටම කාලය තමන්ගගේ මිතුරා නොවුනාද යන ගැටලුව හෝ යථාව තමන්ගේ ජීවිතයේද ආදරයක් වනු ඇත..
චැප්ලින්ගෙන් පටන් ගත්තේ නූතන චැප්ලින්ලාගෙන් අවසන් කිරීමේ කොළම් මාලාවක ආරම්භයක් බව ලියා තැබිය යුතුය. මේ ආරම්භයක් පමණි.

_ජගත් මාරසිංහ_
14 09 2020


1 comments:

https://lankacitizens.com/social/එදා-චැප්ලින්-සහ-මෙදා-චැප්/


Powered by Blogger.

Follow by Email