මාරස අංගොඩ 05 (අංගොඩ සන්නිය)

අංගොඩ සන්නිය දේශපාලනිකව දැකීමට අදහසක් ඇති නිසා ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ අපි සන්නි යැකුමෙන්ම පටන් ගමු. වරක යක් නැටුමක එක අවස්තාවක යකෙක් කියනවා අපි ගොරවනනේ නැහැ ගෙරෙව්වොත් හපලයි යන්නේ කියලා. ඒකත් දේශපාලනික කතාවක්. අභිචාර විදි නිසා සායනික ක්රමය ගොඩක් දියුන වුනේ අතීතියේ. නොයෙක් රට වල මානසික රෝගීන්ට පෙර කල බොහෝ වද හිංසා පමුනවා තියනවා.

ලංකාවේ අංගොඩ මානසික විද්යායතනය බිහි කළ පසුව තමා අංගොඩ රෝහල මානසික වෙද්ය ආයතනය දක්වා දියුනු වෙන්නේ. නමුත් ඒකපාට සුද්දා මේක පටන් ගන්නේ නැහැ. සුද්දා කියනනේ සමහරු පෘතුග්රීසි කාරයන්ට, සමහරු ලන්දේසින්ට සමහරු ඉන්ගිරිසින්ට. සමහරු තුන්ගොල්ලන්ටම. ඒත් තුන්ගොල්ලන්ටම කියන නියම නම තමා විදේශිය ආක්රමණිකයෝ. පණ්ඩිත බොහෝ අය මේ නම කියනවා අඩුයි. සුද්දම තමා කියන්නේ. සුද්දා පැමිනි පසු ලැබුන දියුනුව ගැන වැඩියෙන් කියන අය වාමාංශිකයන්ද කියලා දැන් තමා හිතෙන්නේ. තම තම නැන පමණනින් ඕන කුණුහරුපයක් කියපුවාවේ.
මානසික රෝගීන් මොනවා උනත් ශ්රී ලංකාවේ මානසික සෞඛ්ය සේවාවේ ක්රමික වර්ධනය බොහෝ ඈතට දිවෙන්නකි. මෙම අපරදිග සායනික ක්රමය ආරම්භ වන්නේ1839 උමතුව පිළිබඳ ආඥාපනත යටතේ උපස්ථානගාර ලෙස බව කලින් කීවෙමි. එවකට පැවැති උපස්ථානගාර තුන රෝගීන්ගෙන් පිරී යාමෙන් පසුව මේවා රෝහල් දක්වා දියුනු කිරීමට සිදුවේ. ඒ වන විටද රෝගීනට සිදුවී ඇති ඇති ඇබැද්දීන් වෙද්යවරුන් ලියන ලද ලිපි තවමද ඉතිරිවී තිබේ. අප කොදෙව්වට පෙර කල කරදරයක් වූවා කියා සාධනය කිරීමට සිල්ලර කාරනා විනා සැබෑ කාරනා නැත. ඒ යුගයේ සිට මෙහි සායන ක්රමය දියුනුවුවද මානසික රෝග නිට්ටාවට සනීප කිරීමක් අදවනතුරුම සියයට සියයක් දියුනු වී නැත. තරමක් සුව වූ පසු තවමද බොහෝ මානසික රෝගීන් සිය කිට්ටු සායනයකින් ප්රතිකාර ගත යුත යුතුය. ටිකක්හෝ සෙල්ලමකටවත් හයියෙන් කතා කළ අවස්තාවල ඔවුන්ට නැවත රොහල් ගතවීමට සිදුවේ. මෙම සායනික ක්රමයේ දුර්වල කම් පරාජය කිරීම නොව ජය ගත යුතු බව අපි දනිමු. සම්පූර්ණ ලිපිය යතා කාලයේ මාරස පලවනු ඇත. පොතක් වශයෙන් එලි දැක්වීමට බලාපොරොත්තුවෙමි. ඒ අතර එහි දුක්කිත කතා පමණක් නොව රසකතාද, ආදර කතාද, ලියන්නට පුළුවන. ඉන් ඇතුලත පිටත දේශපාලන කතා සහ දාර්ශනික කතාද කතා කිරීමට සිදුවේ.
කිසිදා මේ ලියන ලියුම්කරු පොත් පරිශීනයට ප්රධාන තැන දී ලියා නැත ලියන්නේද නැත. ජීවිතය ලිවීම මේ ලියුම් කරුගේ සිරිතයි. නමුත් ඒවාට ඇවැසි දේ පොත පතින් පමණක් නොව දන්නා කියන විද්වත් අයගෙන්ද උකහාගෙන නම් වශයෙන් ලියමි. මෙය කොටස් වශයෙන් පල කිරීමට වාතාවරණයක් ඇතිවුවහොත් දිගටම මාරසේ පල කිරීමට බලාපොරොත්තු වෙමි. අපරදිග සායනික ක්රමය දැන් ලංකාවට සාපේක්ෂකව සාමාන්යයෙන් සාපේක්ෂකව දියුණු තත්වයක තිබේ. ඖෂද පැත්තෙන්නම් කණගාටුදායකය. එය ලෝකයේද ඒසේම බව සැබෑවකි. මා අපරදිග බෙහෙත් නවතා දමා රස බෙහෙත් බී රෝගය සුවකර ගතිමි. භාවනා ක්රමයෝගද මට මට බොහෝ උපකාර විය. මා මානසික සායනය ක්රමයෙන් මිදුන අයෙකි. ඒහෙත් එහෙත් තවමත් ඇල්කොහොල් විෂ මෙන් බව දනිමි. ඉන්පසු මා පොත් කීපයක්ද පල කළෙමි. මාමෙන්ම තවත්බොහෝඅය ඒසේ කළ අය සිටී. ඖෂධ වල ජ්යාතන්තර මතවල දුර්වලතා කතා කළ විට අපේ කොදෙව්වේ මනෝවිද්යා දාර්ශනිකයෝ කිපෙති. ඒවා ඉදිරියේදී ලියවෙනු ඇත. ඒව ජීව විද්යාවේ සහ මනෝ විද්යාවේ දුරස්ත බාවයේ දේශපාලනය බව දනිමි. ඒ සම්බන්ධව යථාකාරී තතාකාරී ලෙස ලිවීමට මම උත්සාහ කරමි. බටහිර ලිංගික සේවිකාවන් ගණිකා නිවාස වල සිට පැන විත් තම අත්දැකීම් ලියා සමාජ සංවිධාන හැදිය හැකි උවත් ලංකාවේ මානසික රෝගීන්ට තවමද ඒසේ නොහැක. මක් නිසාද හැම විෂයකටම අයිතිකාරයන් සිටින නිසාය. “අංගොඩ සන්නිය” ලිපි වල කියවෙන්නේ උමතුරෝගීන්ගේ සන්නියක් නෙවේ.'' සබ්බේ පුථජ්ජනා උම්මත්තකා” යන බුදු වදන ගත්තත් මානසික ව්යාධි සියලු මිනිසුන්ගේ ගැටලුවකි. ඒ තත්වය සංකීර්ණ වූ විට මානසික රෝහලකට ගොස් අසරණ වූවාට පසු සිංහල වෙදුන් සොයා යාම මනෝ රෝග වලටද සාධාරණය.
1943 දී කොළඹ ජාතික රෝහලේදී පළමු ස්නායු මනෝ වෛද්ය සායනය ස්ථාපිත කර ඇත. ආරම්භයේදී, මානසික සෞඛ්ය සේවා මූලිකවම සපයන ලද්දේ කොළඹ දිස්ත්රික්කය සහ ඒ අවට ප්රධාන ආයතනවල වන අතර මහනුවර, යාපනය සහ ගාල්ල යන නාගරික දිස්ත්රික්කවල ආයතන කිහිපයක් පසුව සංකේන්ද්රණය කර තිබේ. 1960 න් පසුව, මානසික සෞඛ්ය සේවාවන් පළාත් සහ දිස්ත්රික්වලටද ඉන් අනතුරුව ප්රජා පාදක සේවාවක් බවටද ව්යාප්ත විය. පිටස්තර සායනයකින් බේත් ගැනීමේ උපදෙස මත ගෙදර යාමට හැකි මානසික රෝගීන් අටසියයක් පමන මගේ අත්දැකීම් කාලයේ අංගොඩ හිරවීසිටි. ඒ ගෙදර ගෙනයාමට කිසිම නෑදෑයෙක් ඉදිරි පත් නොවන නිසාය. දැන් එය දහත් පැන තිබීම අනිවාර්යක් විය හැක. මේ කිසිත් නොදන්නවා මෙන් මේ ගැන තර්ක විතර්ක කරන අය ගැන කිව යතුතේ. දන්න දේ ලියන්න දී ඉන් පසු කතා කතා කරන ලෙසය. මෙවර වෙනත් දාර්ශනික විකාර කතා කිරීමට පැමිණියොත් තත්වය දුර යා හැකිය. තමුසේ මානසික රෝගියෙක් කියා අත්දැකීමෙන් වඩාත් හොඳන් වෙද්යවරුන්ට මෙන් පිස්සන්ටද කිව හැකිය. ඒ රෝගී නිරෝගී බවේ හැටිය. මානසික රෝගීන ගැන කතා කිරීමට “මාර” පටන් ගත්තෙමි. මා ඇල්කොහොලික් රෝගියෙකි. ඇල්කොහොල් නොව භාවනාවෙන් ඇතිවුවත මානසික ව්යාධිය යනු මානසික රෝගයකි. එහි සලු මහා කියා බේදයක් නැත.
ජගත් මාරසංහ
25 02 2021
( මතු මාරස)


Powered by Blogger.

Follow by Email