කන්‍යාවිය නුඹයි
සූර්ය සිහබාහු කියන්නේ මාර පුද්ගලික අපට වඩා අදහස් තියන මේ අද නිර්මිත දේශපාලන අවකාශයේ විශේෂිත පොරක් බව දැනෙනවා. ඒ ගැන ඒ කවි වලින් එකපාරට දැනෙනවානම් පොතක් තමා. සූරිය වෙනස් අළුත් පරපුරේ කියන්නේ මේ පරපුරේ ලියන්න හැකි පොරක්. කාටත් ලියන්න හැකියි. නමුුුත් ආධ්‍යාත්මික සංන්නිවේදනයයි ඔහු ලියන්නේ. ඒක නිරුවත්ව ලියන ආකාරයයි මාර. ඔයිට ඉස්සරත් සෘංගාර කවි තිබ්බා. ඉතා කුණුහරුප කවිත් තිබ්බා. නමුත් සූරිය ගේ කවි ඊට වඩා වෙනස් වෙන්නේ මේ විපරිත සමාජ කුමක් වූ දේශපාලනය අනුවවිය නොහැකියි. අහම්බෙන් කැකිරාවේ සුදස්සන අපේ අහාමුදුරුවොත් සමග මට එතන දැක ගන්න වාසනාවක් ලැබුනා. ගොඩ කාලෙකට පස්සේ මාරස අළුත් පරපුරේ වැඩක තිබූ තාක්ෂණය දැක්කා. ඒ වගේම ඒ සම්බන්ධව සහභාගි වූ සහ අසූවේ සහභාගී වූ පරපුරේ වෙනස දැක්කා. නමුත් නම කෙසේ වුවත් සූරියගේ කවි උඩට යන්න හදන කවි නොවේ. ඒවල තියන සෙක්ස් කියන නැතිනම් ලිංගික සම්බන්ද ගැන කතා කරනවානම් කව්සිළුමිනෙන් පටන් අරන් එතනට ආ යුතුයි. නමුත් දේශපාලනිකවනම් මේ ලිංගිකත්වයේ දේශපාලනයේ තටු දිග හැරියේ අසූවද දශකයේ මුල තමා. නමුත් මේ කතිකාවතේ අවුල් වුන සංකල්පය අසූවට අවුල් වූ දේමයි.
මොකක්දමේ දේශපාලනයෙන් දාන ලිංගික විරෝධය.
අර කේ කේ සමන්ගේ නේරංංනාවේත් ඒක ගැන හරි දෙයක් කතා කරන්න බැරි වුනේ නිර්මාණාත්මක බස් වහර නිසා තමා.
කතන්දරය බුදුන් ගේ සුද්ධ බුද්ධාගම නොවේ. පරංගින් ආවට පස්සේ තියන වික්ටෝරියානු සදා චාරය සම්බන්ධව නොවන්නේ කියන්නේ කවුද?
කෙලින් කියනවානම් මාරස මෙසේ කියනවා. මරණාකාර සමිතියේත් බුද්ධ සාශනික සංකල්ප වලත් සියලු සංවිධානත් රුසියන් වියට් නාම චීන ඇවැසිනම් අනිත් විප්ලවීය නොව ලෝකයේම පමණක් නොව මහා ප්රජාත්රන්ත්ර වාදී කියා ලාංකේය පරංගි මාක්ස් වාදීන් කියන රටකත් මාරස ඒදා සිරබත් කමින් ප්‍රශ්න කළාවූත් ජවිපේ සහ අද පවතින මාලිමා රජයත් වික්ටෝරියානු සදාචාරය නීතියක් වශයෙන් ගෙනයන බව සැබෑවකි. නමුත් එදා මෙන් පොත් තහනම් නොකළත් ඒ අර එල්ලුන් ගසේ නීතිය අද නිහඬ තත්ත්වයක් පමණි. ලෝකයේම වික්ටෝරියානු සදාචාරයේ පීලි පනිමින් කියානූම ලංකීය නුඹ විසින්ද ල්යන ලද දේ අගයමි
මාරසට සතුටුය.
නමුත් දේශපාලනිකව ක්‍රිස්තුස්ගේ බුදුන්ගේ රහතුන්ගේ සහ අපේද යසෝලාගේ සහදේව මෑනියන්ගේ ලිංග්රේන්ද්රියන් නොව සංකේතයක්ද ඇදගෙන යා නොහැකය.ඒකලාත් වික්ටෝරියාවට අනුව මහා ප්රජාතන්ත්රවාදය හසුරවා පාලනය කරන්නේ උන්ම පිස්සුයි කියන වික්ටෝරියා මගුලෙන් තමාය.
ඉතින් නුඹගේ කෘති කෙසේ වුවද අද දැකි දෙයින්වත් වික්ටෝරියා සදා චාරය පරංගියාගේ කාලයේදී මතුවූ වික්ටෝරියාවට මහා බලයක් ඇති නමුත් ඒවික්ටෝරියාව මැඩෝනා හෙවත් දේව මෑනියන්ගේ හෝ අපේ ස්වජාතිකයන් සමග තර්ක කරණ විද්වතුන් කියනා පරිදි ප්රාග් අයිසික දඩයමට හෝ ව්‍යාධිවලට අදිපති දේවතාවා වූව්යාධ දේවගේකාලයේ දේවතාවිය වූපශ්චිමරාජනියගේ දේවමාලිගාව මඩු පල්ලිය වූ බවටද නිහඬව ඉන්නවා සේ සූරිය මොන භාහු උනත් ලාංකේය මොන යුගයේ විද්වතුන් උනත් තවම නිහඬයි පමණය.මේ පවතින රජය ඊට හපන් වීමටද හැකිය. අන්නඒකාලකන්නි කම සම්බන්ධව මේලිංගිගත්වය ප්‍රගමණය වූතත්ත්වයන් සමග නුඹ තවත් සිතනු ඇත. මාරස මහාකවියෙකුවත් දාර්ශනිකයෙකුවත් දේශපාලනිකයෙුකුවත් නොවන්නේය. බ්ලොග් කරුවෙක් පමණි.
ඉතින් සූරියා යනු රවිය.මතක තියාගත යුත්තේ ඒකා එකපැත්තකට ආලෝකය දෙන විට ලොක්යේ අනිත් පැත්තට ආලෝකය නැති බවය.
තින් කෙසේ හෝ අද දේශනයකදී සුජිත් අක්කර වත්ත ඉතිහාසයේ කාව්යාක්කාරයා කීවා මෙන් නිමිත්ත සොයා යාම කලාකරුවන්ගේ වගකීමද දේශපාලකයන්ගේ හෝ ජනතාවගේ වගකී මදැයි මාරස නොකියම්.
මක්නිසාද ජනතාව යනු මේ දේශපාලකයන් ඇතුල සියලු හැතිකරය ජනතාව නිසාය.
අවසාන වශයෙන් අද නොකියවුන දෙයක් අසමි. මේ ලොකයේ ඒ කාලකන්නි වික්ටෝරියානු සදාචාරය ලාංකේය බෞද්ධයන්ට පමණක් නොව ලේකයටම පොදුවේ බලපන්නේය. විවිධ කෝණ මාණවලින් ඒවා මැනගන්නවා විනා සිදුවන්නේ එකම දෙයක්ය. අද නව රජයක් යටතේද ඒ පවතින්නේය. ඒ ඇයිදැයි කියන කතාව නැතිව නිරුවතේ සහ සංගාරයේ අයිතිය ඉල්ලා පමණි අද සිදුවූ කටයුත්තද අවසාන වූයේ
ඇත්තනම් ඒ නොව. මේ කුහක පාලක ජාලය වික්ටෝරියා සදාචාරය බලයක් විදිහට ගෙන යන්නේ බලය තබා ගැනීමේ පහසුව සඳහාය
කුහක දේශපාලන ආත්ම වල සැබෑව ඒ යයි මාරස කියම්.
ජගත් මාරසිංහ
18 01 2025
මට තේරෙන්නේ නැහැ මේකිසිවක් ළඳුනේ
උඹේ ඔය මොනර බැලුමට ස්වර්ගෙත් හෙල්ලේ
මසුරන් පුදපු අය නැතුවත්ඕවිල්ලේ
රතියෙන්රතු කරමු අපි ඇස් වල කැල්මේ
( *කිඳුරඟනක්-- සූරිය සිහබාහු)