මේ ඉන්නේ අපවෙනුවෙන් කැපවුන මාර කැලැසික්, නැතිනම් සම්භාව්ය හාමුදුරවන් වහන්සේලා දෙපලක්. පිරිවෙන්

මතු මත්තේ බුද්න් දැක බුදු වේවා හෝ නිවන් දකිත්වා.


මේ ඉන්නේ අපවෙනුවෙන් කැපවුන මාර කැලැසික්, නැතිනම් සම්භාව්‍ය හාමුදුරවන් වහන්සේලා දෙපලක්. පිරිවෙන් ගිහි ගණිත ගුරුවරෙයෙක් උනත් මම ගතකල පිරිවෙන් ජීවිතය මාරයි. එතන තමා දේශපාලන ඉව තියෙන්නේ. සියම් නිකායෙන් පටන් අරන් රාමඤ්ඤ නිකායේ බලගන්ලේ පිරිවෙනින් හේන්පිටගෙදර ඥාන සිහ මහානායක ස්ථිවරයන් කරා යන්න ඉඩ අපට තබන්න ඒපා අපේ හාමුදුරුවනේ. නමුත් මගේ ගුරු සකි සඳක් වූ අමරපුර නිකායේ මලවැන්නේ ඥාණාලෝක හාමුදුරුවෝ මට ගොඩක් දේවල් කියලා තියනවා. මට මගේ තරුණ වියේ ගොඩක් ලොකුහාමුදුරු වරු සමග  වැඩ කරන්න සිද්ධ වුනා. නමුත්  මේ උන්වහන්සේලව දෙන්නව මට හමුවෙන්නේ දේශපාලනයේදි වෙනත් පත පොත සහ තවත් විදි වලින්. එහිදී හෙන්ද්‍රික් සිල්වයන් හෙට්ටිගොඩලාගේ ඥාතීන් වූ වල්පොල රාහුල හිමි ගැන කුමට කියන්ද? නමුත් උන් වහන්සේ අවසානෙදි රට ගැන කලකිරුනා.ප්‍රංන්සේ ඉඳන් ඇවිත් යූ ඇන්පී අණ්ඩුව යටතේම උන්වහන්සේ විවෘත කිරීමක කරන කතාව හොයාගන්න බැරිව ගියා. නැත්නම් එතන මේ මාක්ස්වාදී යූ ඇන් පී පැටලීම ගැන ඉඟි මතුවෙනවා.  වල්පොල ලොකුහාමුදුරුවන්ගේ ගෝල නමක් මෙන් සලකන ගල්කන්දේ හාමුදුරුවන් මට නම් පේන විදිහට පරංගි මාක්ස්වාදීන්ගේ පුතිරූපයක් වෙලා. පුතිරූපයක් වෙලාද ඒයාලගේ ආරක්ෂකයෙක් වෙලාද කියන කතාව දායකයෝ සොයා ගනී. මොනතරම් වැරදි කරපු ගණිතය සම්බන්ධව හිටපු පරිවෙනාචාර්ය වරයෙකු උනත් මටනම් හිතා ගන්න බැහැ ඔබ වහන්සේ ඇයි මේ පරංගිකරනය වූ මාක්ස් වාදීන්ගේ මත වලට සමාන දේවල් දේශනා කරන්නේ කියලා. මේ ලියන ලියුම් කරුත් දේශපාලනයක ඉන්නවා. හැබැයි ඒ මෙරමාගේ දේශපාලනය විනා කිසිදු පක්ෂ විපක්ෂ කණ්ඩායම් නැහැ. වල් පොළ හාමුදුරුවෝ ගැන මම අහලා තියෙන්නේ හෙටටි ගොඩලාගේ කටවල් තුලින්ටත් වඩා උන්වහන්සේගේම භාෂාවෙන්. දවසක් ගුවන් විදුලි මැදිරියක ධර්ම දේශනාවක් කරන්න කියපු අවස්තාවක උන් වහන්සේ අහනවා අම්බේ මැස්සෙක් මදුරුවෙක් නැති මේ අදුරු කාඹරයක මම කාට බණ කියන්නද කියලා. නමුත් ධර්ම කරුණු  අතින් උන් වහන්සේගේ සහෝදර භක්තියම වූ ගල්කන්දේ තෙරුන් ඊටත් මාරයි. නමුත්. වල්පොළ හාමුදුරුවෝ පැරිසි ගිහින් විශ්ව විද්‍යාලයක නතර වෙලා තන්ත්‍රයානය මහා යානය ඉන්ගිරිසියට පරිවර්තනය කරලා කළ ධර්ම මෙහෙයට අපි සාදු සාදු සා කියනවා. නමුත් ඒතරම්ම දැනුමක් තියන ගල්කන්දේ හාමුදුරුවන් මේ පරංගි වමේ මත වෙනුවෙන් පෙනීසිටින්නේ ඇයිද කියන කාරනාව යම් යම් පිරිස් තැන තැන කතා කරනවා. මේ දෙන්න හරියට අහසයි පොළවයි වගේ. වෙන් වෙලාත් නැහැ වෙන් වන්නෙත් නැහැ. ඒක වෙනම ගැටලුවක්. ගල්කණ්දේ හාමුදුරුවනේ. ගිහියෙක් වශයෙන් මම තර්කෙට ඒන්නේ නැහැ. හිටපු පරිවෙනාචාර්ය වරයෙකු වශයෙන් ඔබ වහන්සේලා යුගලගේ යුගල බණ පද ගැන තව දුරටත් හිතන්න මට බැහැ.රාජකීය පණ්ඩිත කියන්නේ මාර දැනුමක්. ඒක කරන්න ඉන්නනකොට ජේ ආර් මාවත් හිරේ දැම්මා කිසිදු වග විභාගයක් නැතිව. නමුත් මම සාදු කියනවා. මාක්ස්වාදයට දේශපාලනීකරණය වුනත් මොකකට උනත් ඒවා එකම තමා. නමුත් දායකයන් වූ අපට අයිතියක් තියනවා අදහස් කියන්න. ඒ බුදුන්ගේ ගිහියන්ට දුන් අයිතිය. සාංගීක සාසනය සම්බන්ධව බුදුන්වහන්සේ මිනිස්සුන්ට දීපු ගෞරවය පුදුමාකාරයි. මම මේ කියන දේ කාටත් දැනෙනවා ඇති. පන්සල් වල කුල බේදය සහ අනෙකුත් කාරණා මම ඇද්දේ නැහැ. අවැසිනම් වික්ටර් අයිවන් සහ නන්දන වීරරත්න ඒ ගැන කතා කරාවි. එයාලා කවුරුත් අල්ලන් ඉන්නේ කුලවාදය සම්බන්ධව කොටහේනේ මහ තෙර නමක් ලියපු පොතක්. මේ ගැන රතන හාමුදුරුවෝ නිබන්දනයක් කළා. උන්වහන්සේත දේශපාලනයට ආපුවාම ඒ පොත හැංගුවා කියලා කතාවක් යනවා. නමුත් මම දන්නවා ඒ පොතත් අස්ථාන ගත වුනා. උන්වහන්සේ ඒක හෙව්වා හෙව්වා කියලා මම දන්නවා.

   වාමාංශිකයන් කවුදයයැයි අවබෝධ කර ගැනීමට අපේ වාමාංශිකයන්ට පේන්නම දුප්පත් කිරිබත් මේසයක්  කෑමට මෙවර අළුත් අවුරුද්දට අන්තර්ජාලයට ඒකතු කිරීමට තරම් විදර්ශන කන්නංගර හිතලා තිබ්බා. ඒක වෙනවා කියලා මම ඇතුලු තව ඒක් සර් කෙනෙක් දන්නේ ගොඩක් කල් සිටයි (සර් කවුද කියන එක එයාම කියාවි). තව දුරටත් තම මතවාදය ගැන පොළව සමග විදර්ශන සිතනු ඇත. ඒ කියන්නේ ආපසු යාමක් නොවේ. ගෞතමයන් දෙසුවා සේ අප පැහැදිලිව තබා ගත යුත්තේ සිහියයි.            සයිමන් විසින් පරිවර්තනය කර ඇති පාවුල් පියසේගේ විප්ලවය සහ සංවිධානය කියවනවා නෙවේ අවබෝධ කරගෙන ඇත්තෙ විදර්ශන කණ්නංගර තවත් එක් අයෙකු පමණක් වූවා සේ මට දැනේ. පිරිවෙන් භාෂාවෙන් විද්‍යාලංකාර ක්‍රමයට හෝ විද්‍යෝදය ක්‍රමයට මෙයා ලියා නැත. ඒ සම්බන්ධව අපවත් වූ මළවැන්නේ ඤාණාලෝක ස්ථිවර මට කමත්වා.

ජගත් මාරසිංහ

04 15 2021



Powered by Blogger.