ව්ප්ලවයේ ගිනිසිළුවෙන් අත පුච්චා ගැනීම

 


ව්ප්ලවයේ ගිනිසිළුවෙන් අත පුච්චා ගැනීම

අසම්මත වූත් සම්මත වූත් පිරිමින් කිප දෙනෙකු සමග නිදිවැදි සමාජවාදී ලියක් මා මිතුරෙකු සමග සරණ ගියේය. සරණ ගිය පසු නව පෙම්වතා සමග නැවුම් සංසර්ගයට ඇය ඇද පැළද ආවේ රතු නයිටියකි. රතු නයිටිය රුධ්රය සමග සම්බන්ධය. එය මානව ඉතිහාසයේ කතන්දරයකි. ඒ මානසිකවූත් ආධ්යාත්මික වූත් කන්යා සිවියයි. මොන මාක්ස්වාදී වුවද මොන භෞතිකවාදී වුවද මොන පශ්චාත්නුතනවාදී වුවද මෙය සැබෑ වක් බව මාරස දනී. මානසික කන්යා සිවියේ වපසරිය භෞතික කන්යා සිවියටත් වඩා බලවත් ය.එය කදුළින්ද සිනහවෙන්ද බලපොරොත්තුවකින්ද පිරී පවතින දිව්ය ලෝකයක් හෝ කොම්නියුස්ට් ලොකයක් වැනි යුතෝපියාවක් බදුය.මාරස මේ ලියන්නේ ලාංකීය දේශපාලනික මිනිසාගේ දේශපාලනික හදවත ගැනය. ඔවුන්ට නිදහස් අධ්යාපනයත් නිදහස් සෞඛ්ය සෙවයත් සමස්ත ගැහැණුන්ගේ ආදරයේ කන්යා සිව් ය බදුය. එහෙයින් සුද්දාගෙන් පසු සියලු ආණ්ඩු පෙරලා දමනු ලැබුවේ ලාංකීය කාන්තාවගේ ලේ ඇට මස් නහර වලින් උත්පාද කරනු ලැබූ ශිෂ්යයන් විසිනි. ඒ ගමින් නගරයට පැමිනි ටයි කෝට් ඇදගත් මැද පංතියේ නූතන කම්කරුවන්ගේ හර්දශාක්ෂයයි. ශිෂ්යයන්ගේ අරගල වලට හොට දැමූ ජේ ආර්, ප්රේමදාස, රනිල්,මහින්ද හොට බිම ඇණ ගත්තේ ය.දැන් සිදුවන්නට දෙයක් නැත. සියල්ල සිදු වී හමාරය.
ලාංකීය දේශපාලනයේ රාජ්ය පාලන බලය ගොවිගම පන්තියට හිමි වූ ආකාරය සහ එය අනාගත් අයුරු සොයා බැලීමට තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ උඩරට කැරැල්ල ග්රන්ථය අනගිභවනීය ය. විප්ලවයේ ගිනිසිළුව ශිෂ්යයන් යැයි කතාවක් තිබේ.එය ගූ ගොඩක්ද නැතිනම් සාධාරණයේ ගිනි සිළුවක් දැයි මාරස නොසොයමි. දැන් දැන් මිනිසුන් විසින් බලාපොරොත්තු ඇතිකරගෙන තිබූ රජය නොව ආණ්ඩුව ඊට අත තබා ඇත. එක්කෝ අත් පිලිස්සෙනු ඇත. නැතිනම් සෝදා ගත නොහැකි වනු පරිදි සදාකාලිකව ගද ගසනු ඇත. නමුත් ආණ්ඩු පාලකයන්ට මාරසට කියන්නට දෙයක් සේකරයන් ඉතිරිකොට නැත.එයා ගේ මුහුදු පුත්තු නාටකයේ ගීත මාරසට සිහි වේ. මේ නුබලගේ සිහින නොව නිදහස් අධ්යාපන සහ නිදහස් සෞඛ්ය සේවයට අත තැබීම පිළිබඳ ලාංකීය ජනතාවගේ හර්දශාක්ෂය යි.
" එපා පුතුනේ මූදු යන්නට රෑ දවාලේ හිතු මතේ
ඔරුව යන්නේ මකර කටටයි සුළං පහරට අසු වෙතේ
මහා මේරුවෙ හැපී පොඩිවී ඔරුව සුන් වී යනු ඇතේ.
ටිකිරි පුතුනේ කැඩුන ඔරුවෙන් කවුරු මෙගොඩට ගොඩ වෙතේ.
Latest


Powered by Blogger.