නාගරික විප්ලව වාදයේ පසුකාලීන යථාර්තය ගැන ‌බයිලා කියන්නන් වෙනුවෙන් ආදරයටය!

 නාගරික විප්ලව වාදයේ පසුකාලීන යථාර්තය ගැන ‌බයිලා කියන්නන් වෙනුවෙන් ආදරයටය!
  • පශ්චාත් හෝ මොන කුණුහර්පයක් කියාහෝ තමන්ට නැවත කඩා බිඳදමනවා කියා  කිරිබත් කියා බෙරි බත් උයාගෙන කෑමටද අයිතියක් නැත. කරන්නේ නොදන්නා නිසා කිරිබත් ‌වෙනුවට බෙරිබත් උයා කා ඒ කෑවේ සැබෑ ‌ඓතිහාසික කිරිබත් කියා සාධනය කිරීමට නැවත ගැමුණු කුමරුගේ කිරිබත් රතුපාට ඇඳුමකින් සැරසී හෝ වෙනත් මතවාද සමග සංසංදනය කරමින් අපි නොදන්නා ඉසව්වක කතන්දර කතා කිරීම පමණි. මා පරංගි මාක්ස්වාදීන් කියා කතා කරන විට නිහඬව සිටි අධීනයන් අද නාගරික මාක්ස්වාදයේ මියයාම ගැන කතාකරති. තොපටද පරංගිකමින් නිශේදනය වන තුරු වෙනත් මාක්ස් වාදයක් උරුම නැති බව ඒ පරංගියන්ටම අපි කියමු්‍
  • මා මේ ඡායාරූප පෙළ දැම්මේ එදා යුගයේ සැබෑ පුරුෂ්‍යන් කියන්නට නොව අදට වඩා එදා ඒකලා යමක් කළ බව කියන්නටය. රංජිදම් ගුණරත්නම් පේරාදෙනියේ සිටියාට ජය ගන්නට බැරිව සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයයි. ඒ අන්තරය ගැන කියන කලය. මෙතන පළමුව සිටින්නෙ ගෙවිඳුය. කෙලින් වැඩක් කිරීමට ඔහුගේ මතවාදයට අනුව ඔහු තවමත් වැඩක් කරන්නට හදයි. ඒ සාර්තකද අසාර්ථකද යනු මට කම් කිම්. දෙවනුව සිටින්නේ නිමල් කරුණාසිරිය. එදා ආයුර්වේද කොමසාරිස් වූ ඔහු අද මානව හිමිකිිමිකම් කොමසාරිස් වරයෙකි. ඒද මට කම් කිම්.  දිගට දිගේ ‌‌ඡායාරූපයේ ඉන්නේ මොන ආකාරයෙන් එදා භීෂණ අධිකාරීන්ට ගොට්ට අල්ලන්නා වූ පරංගි මාක්ස් වාදියන් නිදහස් වන්නට හැදුවත් ආදරයේ ඇතැඹුලක් බව එදා නොව අදත් කවුරුත් දන්නා වූ හේමන්තයාය. ඒකාට මා ථේරවාදයෙන්ම නිවන් සුව පතන්නේ පරංගියන්ගේ ආගමක් නැති වුවත් අද අර ඔලු දෙකක් පෙන්නන්වන්නා වාගේ වූ දෙපත් දාර්ශනිකයන්ට අභියෝගයක් විදිහටය. ඒකලා එක වේලාවකට එක ඔලුවක් පෙන්වයි. මර්ධන එනවානම් තවත් එකකි. හැංගෙනවානනම් තවත් එකකි. අටුවා ටීකා නැතිව මෙහි ලියා දමන්නේ ආනගත පරපුරට ආදරය ඇති නිසා නොව යන මග කිලිටි බව කියන්නටය. ඔය කාටත් නොතේරෙන නොව තොපම කියන මිනිස්සුන්ට සත පහකටවත් තේරෙන්නේ නැත. එක දෙයක් වනු ඇත. තොපට රට යන්නට හෝ ආතල් කිතල් ජීවිතයක් ගත කරන්නට මාර පාදමක් නිර්මාණය වනු ඇත.
  • මා පියසීලි විජේගුණසිංහ නැමති විප්ලවවාදී කොමිනියුස්ට් පක්ෂයේ සාන්තුවරිය කියා එදා මා සිතා සිටි ඇයව හමුවීමට හැර ඇගෙන් අසාගෙන ගොස් හමූ වී ඇත්තේ ජේ බී දිසානායකන් පමණි. මා ඒ ගමන ගිය කල පියසීලී කිව්වේ සුචරිතයන්ට බ්‍රෂ්ටයා කියාය. මා කලක් එය සෙව්වෙමි. ඒ වචනයේ අර්ථථයගිලිහී යන්නා කියා මම එදා තේරුම් ගත්තේ ඉතා අපහසුවෙනි. ඉන්ගිරිසියෙන් කියවන බ්‍රෂ්ටයින් කුමක් කතා කළද ඒ නමේ තේරුම එදා මා දැන ගත්තේ කම්කරු මාවත විකුණන අහංකාර පත්තර කාරයන්ගෙන් පමණි. අඳෝ මැයි. සුජිත් රත්නායකගේ චිත්‍ර බැලීමට පැමිණි ට්‍රොස්කිවාදී මහා විචාරකයෙකුගේ ඡායාරූප දැක මට ඇති වූයේ දුකක් නොව පරංගි මාක්ස්වාදය ට්‍රොස්කිවාදයටද කාන්දු වී ඇත්තේ කෙසේද යන භෞතිකයයි. 
  • මේ චරිත ගැන ඉතිරිය මේ මොහොතේ නොලියමි. ඔබ දිගහරින්නේනම් මා මාගලේ කණපිට පෙරලා මිනිසුන්ට දකින්නට මොනවා හෝ ලියමි. 
  • මේ කාලයේ නලින්ද සිල්වා කළ මාර වැඩ ගැන මා කුමට කතා කරනුද? අදටද අනාගතයේ බෞද්ධ තත්ත්වයකටම පත්වීමට නියමිත බව කිව හැකි විදර්ශනලා කතාව පටන් ගත්තානම් මරුය. කොටින්ම හේතුවාදය දයලෙක්තිකයෙන් කියවන ලද දයලෙක්තික චින්තනය ගැන මාක්ස්වාදයෙන් කියවා බර්ටන් රසල්ලාගේ හේතුවාදයෙන්ම අපට කෙලවුන තැන්වත් මතක් කලානම් විදර්ශනලාත් නිවන් දකින්නේ බෞතික වාදයෙන් නොවේ අපෝහකයෙන්ම යැයි සිහිනද මම දකිමි. අද කියන පරංගි කතාන්දර විකාරක් වී ඇතැි බොහෝ අයට ලියන්නට හැකි බව නොදන්නා අඳ බාලයෙක් නොවන පිරිසකගෙන්ම එක් අයෙක් පමණක් වූ මාරස මෙසේ කියමි්‍ ආදරය සහ ජීවිතය ගැන දන්නා ලංකාවට පමණක් නොව ‌ලෝකයටම කුමක් හෝ අප කළ යුතුය ය් ඇදහූවා වූ එදා නම් ගම් රූප හොයාගන්නට බැරිවූ කොළඹ විශ්ව විද්‍යාලයේ හොල්මන් කලා සේ අද පෙනෙන චරිත කීපයක් පමණක් මම දැමුවෙමි. ධර්මසිරි සහෝදරයාද මට මතකය. චම්පික  ගැන ‌කිසිත් මතුනොකලේ මතුවට මතු කිරීමට සඳහාටත් වඩා මට වැදගත් වූයේ මා දුටු කොළඹ කැම්පසයේ ‌කැන්වසයේ මැකී යන චිත්‍රයන් නැවත ගොඩ දමනවාටත් වඩා සත්‍ය කියන්නටය. කොටින්ම අර සීගිරි චිත්‍රවලට කලුතෙල්ද මොනවාද ගැසූ පසු පර්යේෂකයන් කළ දේ වගේ දෙයක් කරන්නටය. නාගරික විප්ලවවාදයේ අභාවය ගැන කතා කරන ඈයන් දයාන් ජයතිලකයන්වද ‌මනෝ විශ්ලේෂණය හෝ මොන මගුලක් හරි කරනවානම් අනගිය. ඒකටද කැමති නැති නම් වෙන කළ හැකි දෙයක් කරන්නට ආරාධනා කරන්නේ ආදරෙන් විනා දේශපාලන කුහක කමකින් නොවේ. මන්ද මාරසගේ පක්ෂය මෙරමාගේ පක්ෂය විනා වෙන සංවිධානයක් පිළිගැනීමට තරම් මා මනසක් නැති නිසා නොව එවන් දෙයක් නැති නිසාය.
  • මේ මා ඡායාරූප දැමූ ගෙවිඳුවලාට පුෂ්පෙලාට, රතන හිමියන්ට, දයා පතිරණයන්ට, ධර්මසිරිලාට, හේමන්තලාට, පමණක් නොව එදා කොළඹ කැම්පසයේ ජනතාව වෙනුවෙන් කියමින් හෝ මිනිසුන් වෙනුවෙන් කැපවුන සදා කාලික අමතක කළ නොහැකි හෘර්ද ශාක්ෂියක් නිතර සිහිවන නිසාය. නාගරික විප්ලව වාදියන් මාරසේ පරංගි මාක්ස්වාදය පිළිනොගැනීමට හේතු මතුවට ලියනවා ඇත. 

  • (අඩුවක් ඇතොත් ඒවා පුරවනු ඇතැයි සිතමි)



1 comments:

දයා පතිරණ මම කැමති සිසු නායකයෙක්. ජවිපෙ සහෝදරයන් ඔහුව ඝාතනය නොකළ සාකච්ඡා පමණක් කළා නම් ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබුන.


Powered by Blogger.