2025 ඔක්තෝම්බර් 18 ගුරු මාරුව

             2025 ඔක්තෝම්බර් 18 ගුරු මාරුව


2025 ඔක්තෝම්බර් 18 ශනිදා මිථුන රාශියෙන් කටක රාශියට ගමන් කරන බව නිරයන ග්‍රහසංකල්ප අනුව සම්මුතියකි. ජ්‍යෝතිෂ දැනුම් පද්ධතිය සැකසී තිබෙන්නේ පොළවේ ජීවත්වන මිනිසාගේ ඇසට පෙනෙන අප වටේ සූර්යා කැරකෙනවා කියාවිනා සූර්යා වටේ අප කැරකෙනවා යන තැන කියන කතන්දරයට සාපේක්ෂකව නොවන්නේය. 

නිරයන සම්මුතියට අනුව 2025 ඔක්තෝබර් 18 ශනිදා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ප.ව 07 49‌ට මිථුනයේ සිට කටක රාශියට සංක්‍රාන්ත වේ. ජ්‍යෝතිෂ දැනුම් පද්ධතිය ගොඩනැගී සහ ගොඩනගා තිබෙන්නේ පොළවේ ජීවත්වන මිනිසාගේ ඇසට පෙනෙන අප වටේ සූර්යා කැරකෙනවා කියා විනා සූර්යා වටේ අප කැරකෙනවා යන තැන කියන කතන්දරයට සාපේක්ෂකව නොවන්නේය. 

නිරයන සම්මුතියට අනුව 2025 ඔක්තෝබර් 18 ශනිදා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ප.ව 07 49‌ට මිථුනයේ සිට කටක රාශියට සංක්‍රාන්ත වූ ගුරු නැවත දෙසැම්බර් 05 වෙනිදා මිතුනයට ගොස් 2026 ජූනි 02 දා නැවත කටකයට පැමිණ 2027 ජූූූනි 27 දක්වා කටකයේ චලිත වේ.

ග්‍රහතාරකා ක්‍රම වේදයට අනුව ග්‍රහ මණ්ඩලයේ මුණිවරයා නැතහොත් දාර්ශනිකයා ගුරුය. කොටින්ම මිනිසාගේ උප විඤ්ඥානය හෙවත් ඊගෝව ගැන කියවෙන සංකල්පය ගුරුය. ග්‍රහ සංකල්පයකට අතීත මිනිසාගේ අත්දැකීම් සියලු දේ කුලක ගතවී තිබේ. ඒ බැවින් මේ කාල වකවානු තුළ තමන්ගේ ඊගෝව වෙනස් වන අයුරු තම තමන්ටම අත්හදා බැලිය හැකිය. මාරසනම් දකින්නේ අනිත්‍ය කියන සෙනසුරු මාරුවටත් සියලු ග්‍රහයන්ටත් වඩා වැදගත් වෙන්නේ උප විඤ්ඥානය නියෝජනය කරන ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහ සංකල්පය බවය. මිනිසා මිනිහෙක් වූයේ ඊගෝව නිසා තමාය.

සියළු භාෂාවන් වලින් අන්තර්ජාලයේ පලාපල විස්තර ලියවී ඇති අතර විවිධ භාෂාවන් පරිවර්තනය කර ගැනීමද කරගත හැකි නිසා ජ්‍යෝතිෂය පිළිනොගන්නා අයටත් අද ක්‍රීඩාවක් විදිහටද මෙය අත්හදා බැලිය හැක. මාරස පල අපල ගැන විමසන්නේ පුද්ගලිකව පමණක් බවද මාරස පාටකයෝ දන්නා බව හඟිමි. ලෝකායත ජ්‍යෝතිෂයෙන් දේශපාලනය සම්බන්ධව සිතිය හැකි දේ මේ කාලයේ කෙසේවත් මාරසනම් නොලියනු ඇත. නමුත් පෙරදිග සහ බටහිර ජ්‍යෝතිෂ නැන වතුන්ගේ ලිපි වල කරන ලද ඉතා සංකීර්ණ විස්තර ඇතුලත්ව තිබෙන බවද සටහන් කළ යුතුය. 

ජගත් මාරසිංහ

18 10 2025

Latest


Powered by Blogger.