ආදරයේ ගීතිකාව මාරස (ii )

 ආදරයේ ගීතිකාව ii 

       ආදරය කරන්න පටන් ගන්නේ පුදුම ආධ්‍යාත්මික නිදහසකින්. ඔන්න පිරිමියටත් ගැහැනියටත් ඊට පසු අර ඊර්ෂියාව පහල වෙනවා. දෙන්නම අතීතය ගැන අහන තත්වයකට පත්වෙනා. කොහොමත් පුරුෂ ආදිපත්‍ය තාම තියනවා. ස්ත්‍රීන් සහ එයාලාගේ සංවිධාන කොතෙක් තිබ්බත් තාම ඒව වෙනස්වෙලා නැහැ. සුනිලා කුසුම්ලා හිටියනම් මාරස කියනවා ලෝක නීතියට වඩා බලවත් සම්ප්‍රධාය කියලා. කිසිදු සමාජවාදය බිහි කරපු රටකට ඒක වෙනස් කරන්න බැරි වුනා. ගන්න.    රුසියාව, වියට් නාමය- චීනය- උතුරු කොරියාව. කිම් ඉල් සුන්නම් උතුරු කොරියාව ගැන කියපු දේවල් ලෙනින්ලට වඩා වෙනස්. අද ඇත්තටම ඇමරිකාව බය උතුරු කොරියාවට. නමුත් මේ බ්ලොග් සටහන ඒ ගැන නොවේ ආදරය ගැන.

    ආදරය අපි අපේ කාලේ ඉගෙන ගත්තේ ත්‍රී පිටකයෙන් නොවේ. සෝවිට් ‌පොත් හරහා. ඒකත් මාරයි. සෝවියට් කතන්දර ලංකාවට සැබෑවක් වගේ. එසේ කියන්නේ මා මැගසිමේ සිරකරුවෙක් විදිහට ඉන්නකොට එක පැත්තකින සී අයි ඩීය. අනිත් පැත්තේ බන්ධනාගාර නිළධාරීන්. මම අම්මට දෙනවා ලියුන්  කකුලෙන්. අම්ම ඒවා චූටිට දානවා. චූටි කියන්නේ මගේ ඒ කාලේ පෙම්වතිය. මේ නම සැබෑ නම නොවේ. එසේ කියන්නෙත් හෘද ශාක්ෂිය නිසා. ඔව් එතනදී විප්ලව වාදී කොමිනියුෂ්ට් සංවිධානය කියපු ජනතා වාදය භංග වුනා ප්‍රායෝගිකව. කෙලින්ම අම්මා ජනතා වාදී කෘතියක් නොවන බව කියන්න හැක්කේ ඒවල ජීවත් වූ මිනිසුන්ට විනා අනිත් චන්ඩාලින්ට නොවේ.

     ඒ සමගම කියන්න දෙයක් තියනවා. ආදරය විවාහයක් හෝ විවාහ ජන මඩලට ඇතුලු වෙන්න බැරිව ගියත් කිසිදා යමෙකුට කළ ආදරය අමතක කළ නොහැකියි. ඒකට තමා ස්වභාවයේ සිහින බිහිවෙලා තියෙන්නේ. ඒ මත තමා මාර විදිහට විරහ ගී මාර මාර විදිහට කරලියට එන්නේ. ප්‍රථම ප්‍රේමය මාරසට අදාල නැහැ. ප්‍රථම ‌ප්‍රේමය දන්නේ කාන්තාව. ඒකිට තමා කන්න වැඩෙන්න දෙන්න තන් දෙකක් තියෙන්නේ. සිය ගානක් හෝ ලිංගිකව සතුටු කළ හැකි ඒකිට. අවසානයේ මිනිස් වර්ගයා වෙනුවෙන් දරුවන් හදන්න හැකිත් ඒකිට. ආදරය තියෙන්නේ ස්වභාවිකවම ගෑනු ගාව. මිනිස්සු නැතිනම් පිරිමි ආදරය සම්බන්ධව කාල් ගගා කවි සින්දු ලියනවා පමණයි.

      අපි තන්ත්‍රයානයට යමු. ආදරය වර්ධනය වීමට කාලය අනිවා ඇවැසියි. විශේෂයෙන්ම ඒ කාලය තුල කුලුපග විය යුතුයි. ඒ කියන්නේ දෙදෙනාගේ තියන ප්‍රතිවිරෝධයන් සම්බන්ධව දෙදෙනාම තේරුන් ගැනීම.එසේ නොවුවහොත් සතියකින් දෙකකින් සම්බන්ධය අවසානයි. ඒකා මගේ ‌පෙට්ටිය කැඩුුු කියයි. සම්බන්ධය විකාරයක් වෙයි.

   ආදරය කියන්නේ කලකට පමණක් පිපෙන මලක් නොවන බව කිව්වේ තිලෝපා කියන තාන්ත්‍රික බුදුවරයෙක්. රාජනීෂ්ද ඒ ගැන වනලා තියනවා. ගෞතම බුදුනුවන්ගේ හැම දේශනයකදිම මේ ගැන කතා කරලා තියනවා. හිතයි මා මාක්ස්ව අමතක කරයි කියලා. ඒ දෙන්නගේ ආදරයත් ඒ කියන්නෙ  මාක්ස් සහ ලින්ඩගේ ආදරයත් එක් මානයකින් බුදුණුවන් සිහි කරනවා වගේ

අද තියෙන්නේ ආදරයක් නොවේ. වෙන මොකක්ද දෙයක්. මා ඒ දේවල් දන්නවා. දහස් ගානකගේ ආදරය සම්බන්ධ ප්‍රශ්න මාරස විසඳලා තියනවා

ආදරය කියන්නේ කිරීමක් නොවේ.

ඒක වීමක්.

අන්න ඒ වීම හදාගන්න. අර සමනලයා රොන් ගන්න එන්නේ හදාරලා නොවේ. කිසිවෙකුට හදාරා ආදරය කළ නොහැකියි. මොකද ආදරය කියන්නේ කිරීමක් නොවේ වීමක්

නැත ලොවේ අන් රසඳුනා - ආදරය සේ සුව දෙනා කියලා 

සරත්චන්ද්‍රයන්ද ලිව්වේ ආදරයේ ඇති පදන් කට්ට කාලා කියලා 

මනමේ සිංහබාහු විතරක් නොවේ මළගිය ඇත්තෝ ගැන දන්න  කස්ටිය දන්නවා.

ආදරයේ වේදනාව

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක.................
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා.............

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා.............................
රැජින පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා..............................
එන්න මා‍ සොයා......

ආදරයේ වේදනාව......

ජීවිතයට හිමි ලතැවුල
ඔබ තුරුලට ලංවූදා...........................
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා..................................
එන්න මා‍ සොයා........

ආදරයේ වේදනාව........

https://youtu.be/qmk7fBgpKXs

ජගත්  මාරසිංහ

21 10 2023 

https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:

හොඳ විග්‍රහයක් මෙය.
ජයවේවා


Powered by Blogger.