මිනු නාලන්දාවේ අතීත මතක

                                              මිනු නාලන්දාවේ අතීත මතක

         මේ වමේ ඉන්නේ මම මාරයා. මැද්දේ ඉන්නේ ක්වින්ටස් රේමන්ඩ්. දකුනේ ඉන්නේ ජයතිලක අයියා දන්නේ නැහැ මම බේඩන් පවල් ගැන. දවසක් මේ මැද ඉන්න ඒකා බොල වලානෙදි මාව හමුවෙලා ස්කව්ට් වලට වර කියනවා. මාත් යනවා. අන්ත්මට මම ජනාදිපති සම්මානයත් ඇරගෙන ඉන්දියාවේ යනවා. ‌රොඩ්නි අයියා මේ මැද ඉන්න ඒකා මම දන්න විදිහට පොලීසියේ උසස්ම තනතුරකට ගියා. නමුත් කිසිදා මාරයාව හමුවන්නේ නැහැ. නමුත් ආදරරේ බව දන්නවා. ජයතිලකයා කියන්නේ පොරක්.  තවමත්   ආමි වගේ පොරක්ම තමා. මාරයානම් ඉතින් පිස්සෙක්නේ.නමුත් බාලදක්ෂ  ව්‍යාපාරයේ  සියලු පදක්කම් දිනල මාත් ඉස්කෝලේ කාලදිම ඉන්දියන් ජම්බෝරියටත් ගියා. ජේ ආර්  කිව්වා කිසිදු බාල දක්ෂයෙක් ජනතා විමුක්ති  පෙරමුනේ හිටියේ නැහැ  කියලා/ ජගත් මාරසිංහ වන මම ජ ව් පෙ වැඩ නොකළත් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පෙනී සිට වසර දෙකක් මැගසිමේ හිර බත් කෑවා. නමුත් මේ මැද්දේ ඉන්න ඒකා කුවින්ටස්. ඉස්කෝලේ මගේ සැබෑ ගුරුවරයෙක්. කියන්න තියන දේවල් ගොඩයි බන්. අනිකා ජයතිලකයා. කියන්න ඇවැසි දේ ගොඩයි. කවදා හරි හමුවෙයි. නැතිනම හමු නොවිය හැකියි. මාරයාව මරන්න බැහැ. මේ පොටෝව ගත්තේ මාතලේ මානවක සමුලුවේදි. උඹල ගාව පොටෝ නැහැ බන්. මාරයා ගාව තියනවා. ආදරෙයි රොඩ්නි අයියේ. ජයතිලක අයියේ. වෙලාවක මාව බලා යන්න වරෙල්ලා. උඹලගේ ලොකුකම් මට ඇවැසි නැහ. ආදරය විතරක් ඇවැසි තමා. ජය වේවා තොප දෙන්නටම.

ජගත් මාරසිංහ
05 02 2024


Powered by Blogger.