බත් කෙන්දේ අසිරිය

                         බත් කෙන්දේ අසිරිය


 මාරස සයිබර් රස්තියාදුවේදී මේ බත් කෙන්ද දැක ඇස හිටියේය. ගැහැණු ශරීරය සහ ස්වභාව වටපිටාව සමග ඡායාරූප ගන්නවානම් ගැහැනියකගේ බත්කෙන්ඩ ගැන දැනුවත් විය යුතුය. මන්ද බත් කෙන්ඩට දෑස් නාභිගතවූ විට ඇගේ මුහුණද අපට පේන්න ගන්නේය. ආශාවෙන් පටන් ගෙන ඇගේ ජීවිත කතාවම කිව හැකි තතත්වයක් මතුවේ. 

 මේ නව වීදි ඡායාරූප කරනය කියන සංකල්පීය අදහසින් ගත් ඡායාරූපයක් සේ දැනේ. 

10 Types of Street Photography You Should Know in 2024  පිටුවෙන් මාරස මේ ඇහිඳ ගත්තේය. පසුබිම සම්පූර්ණයෙන්ම නීති ගරුග ස්ථානයකින් ඇය පාර මාරුවෙනවා මෙන් ‌පෙනේ. ඒ හෙවනැල්ලත් සමග මේකිගේ බත්කේන්ඩ නාභිගත කර තප්පරයෙන් පංගුවකදී ෂටරය තද කිරීම මාරය. මේකා දැකි ඒකිගේ නැලවිල්ල පමණක් නොව ජීවිතයේ ආශාව සහ කාමයද පමණක් නොව මහා දේවල් කියන්නට සමත් තප්පරයෙන් පංගුවකි මේ ඡායාරූපයද, 

    හයි හීල්ස් නැතිනම් අඩි උස සපත්තු ගැහැනුන් දමන්නේ බත්කෙන්ද සුදිලීමටය. අඩි උස සපත්තු දැමීමෙන් ගැහැනුන්ගේ ගර්භාෂයට හානි වෙනවා කියන ඇලපති කතා කම් කිම් වුවද ගැහැනුන් බත්කෙන්ද ඉතා හැඩයට තබා ගන්නේ ඒ නූතන වික්ටෝරියන් මිෂනාරී නීති රීත්ත් සමග ලෝකයට ප්‍රදර්ශන කාමය ගෙන දිය හැකි ස්ත්‍රී ශරීරයේ ප්‍රධානතම ඉලක්කයක් නිසා තමාය.
මන්ද මේ දුටු පමනින් ඊලඟට රසිකයාගේ සිත යන්නේ කළවා වලටය. ඒ සිතුවිල්ල ලිංගික ආශාව හරහා ඇගේ පියවුරුද දෙතනද දෙතොලද දෑස්ද යන මනෝ චිත්‍රය මතුවේ. ඉන් පසු සිත දුවන්නේ ඇගේ මනසටය. කෙලින්ම ඉන්පසු රසිකයා අහන්නේ ඔබ කවුද කෙල්ලේ හෝ ගැහැනියේ කියාය. රස වින්දනය ඇතිවේ. පසුව රසිකයා ඇය ගැන කවියක් ගොතනු ඇත. කොටින්ම මේ නූතන වීදි ඡායාරූපයෙන් ඊට ඉඟියක් මතුවේ. මද්දහනේ මෙතරම් දිග සෙවනැල්ලක් ඇතිවිය නොහැක. සවස් භාගයද නොවන්නේ මේ පැහැසදිලි ආලෝකයේ නිරාමිස කලාත්මක බාවය නිසා දැයි සැකයකි. නැමුත් ඇය ආරක්ෂිතව ගමන් කරන්නේය. ඒ කියන්නේ ඇගේ ජීවිත ගමණ ආරක්ෂිතව යන්නේය. මේ වීදි ඡායාරූප ශිල්පියා මරේ මරුය. ඒකිගේ බත්කෙන්ද තප්පරයෙන් පංගුවකින් ෂටරය ඔබමින් අපව ගැහැනු ශරීරයක පමණක් නොව මහා සමාජ දේශපාලනයක අතරමං කර මොකක්දෝ මහා කතන්දරයක් කියනවා මෙන් දැනේ.
     සැබෑවටම වරක් ෂර්ලෝක් හෝම් කියනවා මෙන් මිනිසෙකුගේ  පැලැන්තිය දැන ගැනීමට පාවහන් පමණක් ප්‍රමාණවත්ය. 
     
        මේ නූතන වීදි ඡායාරූූප කරණය වනාහී ‌ඉතා ගැඹුරුය. එනිසාම ඉතාම සරළය. ඉතින් කෙල්ලේ උඹ යන ගමන අපට දැනේ. ඒ අපේ ආශාවේ වින්දනයයි. නමුත් ඡායාරූප ශිල්පියානම් මාරය. ඒකා ගැහැනු ශරීරයේ නිළ දන්නා අනර්ග පොරකි. ජය වේවා කියමින් සටහන අවසාන කරම්
ජගත් මාරසිංහ
14 01 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.