අපේ විමානයෙන් සදහටම සමුගත් අමිලා විමානිය...........!

අපේ විමානයෙන් සදහටම සමුගත් අමිලා විමානිය...........!


ඊයේ උදේ මාරස සිත්ගත් ඊ පවුරේ වයසින් මුහුකුරා නොගියත් තවත් පැතිකඩකින් දැවැන්ත චරිතයක් සේ දැකිය හැකි අමිලා විමානි කොඩිතුවක්කුආරච්චි සොයුරිය සදහටම සිතීම නවතා දමා ඇති බව දුටුවෙමි. ඒ අකල් මරණය කෙසේ වූවාදැයි ‌විපරම් කළ නමුත් වැඩි දුර විස්තර සොයා ගැනීමට නොහැකිවිය. කිසිදා සජීවීව මාරස දෑසට දැක නැති ඇයගේ වියෝව මෙතරම් කම්පනයක් ඇති කරන ලද්දේ ඒ රූපකායේත් හදවත් ගැඹුරේත් තිබි නිර්ව්‍යාජත්වය නිසා බව දනිමි. නුවර මහාමායා බාලිකාවෙන් සිප් සතර හැදෑරූ ඇය සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජනතාවගේ සිත් ගත් නිළධාරිනියක් බවද ඊ පවුර තුළින් විනිවිදිිිමි. 

දුරකතනයෙන් සහ ඊ පවුරේ පණිවුඩ හුවමාරුව හරහා අපට සමීප වූ ඇය අවසාන භාගයේ රතු දේශපානික ක්‍රියාකාරී කාන්තාවක් වූ බවද සැබෑවකි. ඇයට බොහෝ මිතුරන් අනිවාර්යෙන්ම සිටිය යුතු බවද හඟිමි. කෙසේ නමුත් ඇයගේ වියෝව සම්බන්ධව  අපගේ කිසිදු  ප්‍රාර්ථනාවකින්   කිසිත් නොවන වග දනිමු. කෙසේ නමුත් වෙබ් විරිතේ සහ මාරස ඇස නොදුටු මිතුරියක් සහ විමසීමෙන් යුතුව කියවන්නියක් වශයෙන් සිටි ඇගේ ගිණුම මැකී යන තුරුම වෙබ් විරිත අයත් ඊ මේඝ වළා අතර පාවි පාවී තිබෙනු ඇත. 

ඔබ නැවත ආත්මයක් හෝ භවයක් ඔබේ වාම දේශපාලනික මතවාදය තුළ ‌විශ්වාස නොකරන්නට ඇතැයි හඟිමි. නමුතු මාරස මෙසේ කියන්නම්. ඇවිත් ගියා සේ අමිලා විමානිය නැවත අපේ විමානයටද ඇවිත් යන්න එන්න. නමුත් එනවානම් ඒ එන්නේ ඔබත් නොව ඔබ නොවන්නේත් නොවන බව දැනී ඔබ මිතුරු මිතුරියන් සිහින් කඳුලකින් දෙනෙත් තෙත් කරගන්නවා ඇත.  දැන් ඔබ අතීත මතකයේ උපත ලබා හමාරය. ඒ හරහා සදය සැනසීමක් ඔබ මිතුරු මිතුරියන් කඳුළු අතරින් පිළි ගන්නවා නියතය.

ජගත් මාරසිංහ

31 03 2024

https://web.facebook.com/amila.kodituwakkuarachchi/photos

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.