සූර්යා යටි පතුල් සහ ‌ ස්ත්‍රී පුක සහ මේ නිමේෂයේ දේශපාලන මොහොත

 සූර්යා යටි පතුල්  සහ ‌ ස්ත්‍රී පුක සහ මේ නිමේෂයේ දේශපාලන මොහොත

මාරස සයිබර් රස්තියාදුවේ යන්න පරක්කු වුනා. මොකද මේ ලංකාවේ දේශපාලනය ගැන හිතන්න ගොහිල්ල වෙන්න ඇති. අන්තිමට මාරස හිතා ගත්තා අර නරිබෑනා නාටකයේ කියනවා මෙන් ආයෙනම් කැලේ ඉන්න නරියෙක් වගේ මම නම් කිසිදා තරමට වැඩියෙන් ඉදිමෙන්නේ  නැහැකියලා

නමුත් නරි බෑනා නාටකයේ නරියා පරාදය වෙනවා කියලා තමා විචාර බොහෝමයක තියෙන්නේ. නරියා පරාජය වෙන්නේ ඒ ගැමිකම නැමති අවකාශයක තිබ්බ පසුගාමී නොවේ දීන වාර්ගික අවකාශයක කියලා දයානන්ද නොදන්න කාරණයක් නොවේ. මේක වෙන දෙයක් ගැන ලියන්න යන ලිපියක් හින්දා ඒ අදහස නතර කළේ දත්මිටි කාගෙන කියලා දයානන්ද පුත් වසන්ත ගුණවර්ධනලාටවත් වැටහුනානම් ඒකත් මරු තමා . දයානන්ද කොච්චර දේවල් නරිබෑනගෙන් කතා කරල තියනවාද කියන කතාව විතරක් ඇති අපිට හඳට යන්න. හඳ මොකටද ඉර තියෙන්නේ.

ඉරට කියනවා සූර්යා කියලා. රවි කියලත් කියනවා. තව නම් බොහෝ ගානක් තියනවා. ඉතින් මේ ඡායාරූපය මාරස ඇහිදගත්තේ අන්තර් ජාලයේ වෙළෙඳ පිටුවක ඇස ගැටිලයි. නමුත් වෙළෙඳ කස්ටිය මේක දාපු ගමන් පොටෝවට රිපෝට් කරල පේන දේ නොපෙනෙන මානයක් කරයිද දන්නෙත් නැහැ. කොටින්ම බලය දාලා සකාවත් ඊ වලින් බය ගන්නලා දඩයකුත් ගහලා මකලා දාවි. ඒවට කියන්න තියෙන්නේ ගෝබලේෂන් වල වැඩ කරන අයටත් වෙන රටවල මානසික රෝහල් අදාල නැහැ ලංකාවටම ඇවිත් නව දේශපාලන සංවිධාන වලින් මනෝවිශ්ලේෂණය කරන් අංගොඩ ගියානම් මාරයි කියලයි. එතකොට බට හිරුන්ටත් හිතේවි තමන්ගේ බිරිඳවත් ලිය වැල් වලින් සරසා පිරිමියෙක් විදිහට හැඩ ගන්වා ආතල් ගන්න ආකාරය. නැතිනම් ආර්කටීන්, ආටේන් බීලා පස්සේ ටිකක් වැඩිපුර අරන් කොමිනිස්ට් වාදයට හෝ ඒකෙම අනිත්පැත්ත වෙන දිව්‍ය ලෝකයටම යන්න . ඒක මරු කියලා කියනවා වනාහී මාරසේ වෙනම සිත් කමක්. අකුරු ‌ගණන් ගන්නේ මොකටද. මාරස හැඩය ගනන් ගන්න.

ඔව් නිරුවත් සුද්දියක්ද කොහෙද මූදේ නාලා වැල්ලේ නිදාගෙන අව්ව තපිනවා. මේව ලංකාවට අළුත් දේවල් නොවේ. අපේ මිනිස්සු සුද්දෝ කිව්වේ පෘතුග්‍රීසි කාරයන්ට තමා. ඒකලාගෙන් අපේ මිනිස්සු ලබපු ලොකුම දායාදය ක්‍රිස්තුස් වහන්සේ තමා. දේශපාලනිකව උනත් ආධ්‍යාත්මිකව එතන නම් පෘතුග්‍රීසි කාරයා තිබ්බ රතු පැල්ලම තරමක් ඉවත් වෙන හැටි ලියන්න තරම් ‌‌දේවල් මේ ලිපියට අදාල නැහැ.

මේ ඡායාරූපයේ වැදගත් වෙන සංනිවේදනය හිරු. නැත්නම් සූර්යා. එයා නැත්නම් රස්නේ අව්ව තව දුරටත් ගියොත් තේජෝ ගුණයට මොකද වෙන්නේ.

     මේ ගැහැනියෙක් වෙන විදේශ කාන්තාවකගේ දෙපා ගත්ත ඡායාරූප ශිල්පියා මොන අර්ථයෙන් ගත්තද කියන කතාව වින්දනය කරන අයට අදාල නැහැ. විඳීමත් විචාරයත් දෙක දෙකක් නොවේ එකම පැත්තකයි නේද?  අපෝහකව කියන කතන්දරය දන්නේ නැතිව විශිෂ්ට කලා කාරයන්ගේ නොවේ කලාකාරයන් විශිෂ්ට කරන්න යන ප්‍රවනතාවයන්ට උත්තර පත්තර පිළිතුරු ජනතාව සපයයි. ඒ අද ඉන්න ජනතාව නොවෙන්න හැකියි. ජනතාව කියන්නේ චලිතය වන සංකල්පීය ස්වරූපයක් වටහා ගන්න භාවිත කරණ එක්  සංනිවේධන අරුතක් පමණයි.

සූර්යා කියන්නේ වෙනම කතන්දරයක්. මාර කතාවක් තියනවා අපේ රටේ දඩයමට අධිපති නැතිනම් ව්‍යාධි වලට අධිපති කියලා නම් කරන ව්‍යාධ දේව මාර කතාවක් මාරසට කිව්වා. මේ සූර්යා ගැන හෙඳින් අහගන්න මෝර පිරිත කියවන්න. තව පැත්තකින් ගයාත්‍රී මන්ත්‍රයේ ඉතිහාසය  ගැන හොයන්න. ඒ හොයන ගමනේදි විඤ්ඤාණවාදය ටිකකට මගහැර තමන්ගේ යුරෝපියන් හිසේ බොත්තම නිවා දමා කියවා සොයන්න. පාර භෞතිකවාදය අයිති වන්නේ ‌ඉතිහාසික භෞතික වාදයට නොවන්නේද කියා තනි උත්තරයක් දෙනකන් මාරස බලා සිටිනවා.

 හැම රටකම සූර්යා ගැන ඉතා ඈත ඈත කියපු දේවල් අද මන්ත්‍ර බවට පත්වී හමාරයි. කොටින්ම මෝර  පිරිත කිව්වට ඒකත් අභය ගිරි යුගයේ බුද්ධ මන්ත්‍රයක් ලෙස ලියන කතාව ‌පස්සේ ලියන්නම්.

කොහොම නමුත් අර ඒ කාලේ හයේ පන්තියේ විද්‍යා පරීක්ෂණයත් මරු. පොල්කට්ටකින් තණකොළ වහලා සූර්ය ශක්තිය දෙස බලන කතන්දරය. ඔව් තණකොළ මැරෙනවා. පොල් කට්ට අයින් කරලා දවසක් යනකොට ආයේ එතැන හරිත වර්ණයෙන් බැබලි තණකොළ සූර්යාට නමස්කාර කරනවාද නැතිනම් සූර්යා අපිට නමස්කාර කරනවාදැයි මාරස දන්නේද නැහැ. නොදන්නේ ද නැත කියා කියන්නම්. අද පවතින බුදු සමයේ සිරිත් විරිත් මහායානිකයි කියන කතන්දරය නොදන්න හේතුවාදී නොවන ඊටත් උසස් අන්දමින් පට්ටපල් මෝඩ හේතුවාදී කතා කියන මාක්ස්වාදී නිර්මාණ ශිල්පියන්ට කියා දෙන්න බැහැ. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වගේ ඒකුන් මොකෙන් බැද්දත් බටහිර මාරයි කියන්නේ හිපාටුවෝම තමා. බටහිර සමහර පැති වලින් මාරයි තමා. නමුත් මේ විද්වත් පශ්චාත් නිර්මාණ ශිල්පීන්ගේ තේරවාදී විරෝධය තනිකරම අර කවුඩෝ පූස් බසින් ඥාව් ගානවා වගේ ස්වභාවයේම සරදමක් විය හැකියි. කතාවට ආවොත් සිංහල බෞද්ධ කියන්න කල්ට් ගැන කතා කරනවානම් ජාතික වාදය පමණක් නොවෙ තමන්ගේ භාෂා ආශාව සිතුම් පැතුම් සහ තම දරුවන්ගේ පාසැල් සහ ඊට ඇති ආහාවන් සහ කුල වාදය නැතත් කුළ බලය පවා ගත යුතු වෙනවා. මේ සිංහල බෞද්ධ විරෝධීන් ඒ කටුව කන්නෙ තමන්ගේ දරුවන්ගෙන්මයි වීම ඉතා ලස්සන අනාවැකියක් විය හැකියි. මේ අනාවැකිය ‌ඒකලා කියන මිත්‍යාවෙන් නොවේ. ඒකලාගේම ජීවිතයේ විද්‍යාවෙන් කියන බව සැලකිය යුතුයි.

ඉතින්  ඉස්සරහට ගියොත් සූර්යාගේ ආධ්‍යාත්මක ශක්තියේ බලය ගැන විමසන්න මාරසට නොවේ ඔබට අවසරයි. ඉතින් මාරස සූර්යා දෙවැනි පිටුව නිම කරන්නම්. හෙට උදයේත් එයා ඒ කියන්නේ  රවි නැතිනම් සූර්යදිව්‍ය රාජයා උදේ 06 විනාඩි 09ට අපට පායනවා. අම්බේ අප්‍රියල් පළවනදා මෝඩයාගේ දවස උදා කරනවා. අනේ මන්දා ඒ කියන්නේ ජනතාවගේ දවසද නැතිනම් ජනතාව මෙහෙය වන දේශපාලය දන්නවා මෙන් සිතා සැනසෙන විකාරයේ දවසද කියලා.

කොහොම නමුත් සූර්ය වන්දනාව ගැන නොයෙක් ස්ත්‍රෝත්ත පමණක් නොවේ මන්ත්‍ර පවා තිබෙනවා. හේතු වාදී ව්‍යාපෘතිය යහපත් වැඩක් කළ නමුත් එයාලව අතරමං වුනානම් එක කළේ මාක්ස්වාදීන් කියලා මාක්ස්වාදී කිසිම සංවිධානයක් පිළිගනනෙ නැහැ. මොකද ඡංද පදනමට බයටත් වඩා තමන්ගේ පක්ෂයේ මුල් කාලිනකයෝ දේශනාකරන ලද සූර්යා ගැන මේ හරිද කියන ප්‍රශ්නය. නැතිනම් විංඥාන වාදය හරිද භෞතික වාදය හරිද කියන කතන්දරය.

මාරස කෙලින්ම ඉල්ලා සිටිනවා ඒභ්‍රම් ටී කෝවූර් සහ කාලෝ කියපු කතා අපේ පක්ෂය පිළිගන්නවා. කියලා. දෙවියන් නැත. ඒවා මිත්‍යාය කියලා ජනතාවට කිව යුතුයි. මට මතකයි සන්නස්ගලගේ දේශපාලන ව්‍යාපාරයේදිනම් එයා කෙලින්ම කිව්වා ජ්‍යෝතිෂය බොරුයි කියලා. ඒ වගේ කොන්දක් තියනවානම් ඔයාලගේ දර්ශනයේ අදහස් කෙලින් ජනතාවට කිව යුතුයි. නැතිනම් පෑනෙන් කතිරය ගසා මුගුරෙන් උත්තර දෙන්න ලෑස්ති පිරිසක් තමා ආදර ජනතාව කියන්නේ. මාරස කියන්නේ ධනේශ්වර ලේබල් වලින් යුත් පිරිස මිනිසුන්ව රැවැට්ටුවාට ඊටත් වඩා විදයාත්මකව මිනිස්සුන්ව රවට්ටන්න වාමාංශිකයන්ට අයිතියක් නැහැ කියලායි. හැකිනම් ජනතා විමුක්ති පෙරමුනෙන් අස්ගිරි මල්වතු විහාරයට ගොස් ඒ කරපු වැඩේ ඉස්සර තමන්ගේ පක්ෂයේ නායකයන් නොකලේ ඇයිද යන්නත් තමන් කළේ  ඇයිද යන්නත් සම්බන්ධව දේශපාලනික න්‍යායික විස්තරයක් ‌ලියන්න. බැරිනම් නිකන් ඉන්න. ඒ කියන්නේ ඔයාලා කවුද කියන කතන්දරය න්‍යායිකත්වය දන්න අපට වඩා ඉතා හොඳින් ජනතාව දන්නවා කියන කාරණය ඉගෙන ගන්න ලස්සන අවස්ථාවක්.

විශේෂයෙන් මතක තබා ගත යුත්තේ මාරසට කිසිදු වාම දේශපාලන හෝ යාන්ත්‍රික භෞතිකවාදය ලෙස ට්‍රොස්කිවාදීන් හඳුන්වන ලද හේතුවාදය යන වචනය ගෙන බෞද්ධ දර්ශනයට පැටලවූ කාලෝ පොන්සේකා නම් විද්වතා සමගද කිසිදු ගැටලුවක් නැති බවයි. ඒ සමාජ පොරත්වය ලබා සියල්ල පැටලවන ලද යුගයක් වුවද විදර්ශන නම්වලින් තවමත් කළ එලි බසින ඇත්තන් ඒ නමින්ම එනවානම් මේ කියන දේවල් කෑවට බීවාට මාරසට කම් කිම්.

මේ සූර්යා වයසය. දැන් විශ්වයට සාපේක්ෂකව අවසානය ඔන්න මෙන්න කියා  මාක්ස් එංගල්ස්  කීවේය. ලාංකේය බුද්ධි වාදී මාක්ස් වාදීන්නම් තවමත් පොත් ප්‍රකාශකයන් සහ කලාවේ බුද්ධි වාදය උතුම් කොට සලකන්නේය. මහා විප්ලව වාදී නාටක ලියා ඒ සම්බන්ධව සියල්ල අත්හැර වාමාංශික පක්ෂ වල පුල්ටයිමස්ලාට දක්නට ලැබෙන්නේද මහා වීර කාව්‍ය ලෙස පපඩම් නාටක කරන ලද මහා නූතන වාම වීරයන්ගේ ඉහල මැද පන්තියේ පන් ගන්නා කලා ගුරුන්ගේ ප්‍රති විරෝධයම වන්නේය. නැතිනම් නාටක චිත්‍රපට ගැන මහා මාක්ස්වාදී වීර කාව්‍ය ඔස්සේ විමසන නව වාම විමර්ශකයන්ගේ විවේචයකන්ගේ මහා කැමරා පන්තිය. මහා  තිර රචනා පංතිය. මේවාට කියන්නට වචන ලස්සන නමුත් නොකියම්. එසේ කරණ තමුසෙලා දැන ගත යුත්තේ කිසිසේත්ම තමුසෙලාගේ පන්ති සහ තමුසෙලාගේ දර්ශනය නූගත් නව නාකීන් හෝ කොල්ලන් තමුසෙලාගෙන් නිපන් මේ රික්තකය පුරවනවා නියත කියාය. ඒ වැඩි ඈතක නොවේ. තමුසෙලා වැටුන මොහොතේම උන් ඉපදෙන්නට පටන් ගෙන තිබේ.

  සූර්යා විනාශඋනාවේ. ස්වභාවය විසින් වෙන දෙයක් උනාවේ කියා හිත හදා ගන්නට කලින් අතීතයේ ප්‍රාග් ‌ඉතිහාසික යුගයේ සිට මේ සූර්යා සියල්ල දැක නැතිද? එදා මිනිසාගේ සිට බුදුනුවන්ලා මහා වීරලාටද මාක්ස්ලාටද කිව් නොකී කප්පරක්ම සූර්යා ආලෝකයෙන් ඡායාරූප ගතකර තිබෙන බව දන්නෝ දන්නවාය. ඒවාද චලිතයට අදාලයැයි කියන මාක්ස් වාදීන්ට බෞද්ධ දර්ශනය දන්නෝ අනිත්‍යය ප්‍රථමක සාධකය කරගෙන උත්තර දෙන විට මේ සියල්ල රඟපාන ලද්දේ මොහොතේ රංගනයන්ය. ඒවා කරන්නට හැකි වූයේ අර අහිංසක පුරවැසියන් නිසාය. නැතිනම් මාරස නොදන්නා වූ වැඩි ජනතාවක් වූයේ පල්ලියේනම් මාරය.

නමුත් සූර්යාගේ නැතිනම් රවි ශක්තියට ආධ්‍යාත්මිකත්වයට විරුද්ධව භෞතික දේශපාලකයන් නිහඬව ආධ්‍යාත්මික ජනතාව අන්දන්නේ තමන්ගේ වාසියටය. ඒ හෙට දවසේ විප්ලවය නොව ජනතාවගේ අදහස් වලට විරුද්ධ වූ මිනිසුන්ගේ විනාසය යන්නද තීරණය කරන්නේ ජනතාව බව මහා බුද්ධිමතුන් දැන ගත්තානම් ඉතා අනගිය. සමහර විට එසේ නොවන්නටද ඉඩ තිබේ. ලෝක සම්ප්‍රධාය කොයි මොහොතේ කෙසේ වනවාදැයි අප නොදනිමි. හෙට උදෑසන හිරු පායනවා කියන විද්‍යාත්මක සහ ප්‍රත්‍යක්ෂ කතන්දරයත් සැක සහිතය. විද්‍යාත්මකව ඒ බාහිර ප්‍රතිරෝධ නිසා වෙනස් වන්නට හෝ සූර්යා සදහටම නැතිවන්නටත් සම්භාවිතාවක් තිබෙනවාය. ප්‍රත්‍යක්ෂ ආකාරයෙන් ගතහොත් කර්මපල වාදය මීට බල පාන වග දනිම්. ඒ විද්‍යාව කියන ගෝලීය උෂ්නත්වය වන් කතන්දර කර්ම පල වාදයේ නැත. ඒ සම්බන්ධව වෙනම ලිපියක් ලියනවානම් වැඩ දායිකය. අනෙක ආගමික සංකල්ප සියල්ල වෙනම තැනක තබා සටහන් කරන්නැයි ඉල්ලන ජ්‍යාතන්තරයද හිපටුවන්ට සාපේක්ෂකව හරිය. පොඩ්ඩ වැරදුනත් නැතත් තම මත වාදයට එරෙහිව ගැහන්නට බනින්නට එන යුගයට පසු යුගය දෙපක්ෂයේම ක්‍රියා කාරීන් සහ සතුරන් ලෙස සලකා මරා දැමූ කාලයම වන්නේය. නමුත් දකුණේ යුද්ධයෙන් පසුද උතුරේ යුද්ධයෙන් පසුද ජනතාව යුද්ධයක ජීවත් වූ නිසා ඒ මනස් විෂෝධනය තත්ත්වයට පත්කර සුපැහැදිලි කළ යුතු බව දෙස් විදෙස් විද්වතුන් කීවේය. එසේ සිදුවූයේ නැත. ළමා දූෂණ වලින් ආරම්භ වී රටේ අපරාධ සම්බන්ධව අප කුමක්  කියන්නද. ඒවා සුපුරුදු පරිදි  පොලීසි වල ස්ථම්භ ප්‍රස්ථාර වල සටහන් වී ඇතුවා නිසැකය.

අවසානයේ ඇසිය යුතුව ඇත්තේ අප කොදෙව්වට සූර්ය වංශය සහ චන්ද්‍ර වංශයේ ක්‍රියාකාරී දායකත්වයට තොප කුමක් කියන්නේද කියාමය. 

චන්ද්ර බිම්භ යුරු ඔබෙ වත පවසයි
මුදු හදවතක තතූ
ඉන්ද්ර නීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනෙක රතූ
අන්ද මන්ද දැඩි චණ්ඩ සිතුම් ඇති
දුහුනන් මැද දෙරණේ
ඉන්ද්රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ හමුවේ
අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ
හෙටත් උදෑසන පිබිදුනු දෙනෙතින්
අප හමු විය යුතු වේ
ගායනය : නාරද දිසාසේකර
සංගීතය: නාරද දිසාසේකර
පද. : කරුණාරත්න අබේසේකර

https://youtu.be/f6T60ihRzJc

ජගත් මාරසිංහ

01 04 2024

https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.