පාස්කු ප්‍රහාරයද බෞද්ධ කතෝලික විරසකයද මේ !!!

 පාස්කු ප්රහාරයද බෞද්ධ කතෝලික

විරසකයද මේ !!!


පාස්කු ප්රහාරයද බුද්ධ ජේසුස් ආධ්‍යාත්මිකත්වයේ විරසකයද මේ ..........

******************************************** *මාරස*
සයිබර් රස්තියාදුවේ යන ගමන් මේ චිත්රයදැක්කා. ඒක අමුතුයි. ඒකේ ලියලාතිබ්බ දේ අමුවෙන් පරිවර්තනය කළාම නොදැනෙනවා නොවේ. ඒ කියන්නේ
"කඳු දිය ඇල්ල කුරුසය සහ වන්දනාකරුවන්"
ඔරිජිනල් ඔයිල් හෝ චිත්ර මුද්රණ සහිත යේසුස් ක්රිස්තුස් දේවානුභාවයෙන් යුත් ආගමික අධ්යාත්මික චිත්රය කියලා මේකත් විකුනන්න තමා අන්තර්ජාලයේ දාලා තිබ්බේ. සියල්ල විකිනෙනවා.
වගේම ක්රිස්තියානි කතෝලික නිකායන් ගොඩක් තියනවා. නමුත් දේශපාලනිකව ලොකු ක්රිස්තියානිය තමා. පරංගි මාක්ස්වාදීන් කියනකතාවට මේකත් අයිතියි. පරංගි තමා ලාංකේය සංස්කෘතිය වෙනස් කළේ. ඒ ගැන ලියල තියෙන්නේ අපිට වඩා නොක්ස්ලා වගේ අය වගේ කස්ටියක්.
ඉතින් පසුගිය කාලේ තිබ්බේ යුද්ධයක්. ඒක කරපු අයත් දැන් ඒගොල්ලන්ගේ ආරක්සාවත් ඉවත් කරනවා. මේක දැන් මේ මොහොතේ කිසිත් සිතන්න බැහැ නොවේ පුළුවන්. ධනේශවර ප්රජාතන්ත්රවාදය කියන්නේ තරඟයක්. ඉතින් ඒ තරඟයක් අවස්ථාවේ කවුරුත් හුරේ සහ තරඟ නීතිය තමා.
නමුත් පසුගිය යුයකදි ඒ කියන්නේ 71 න් පසු මේ එන් ජී ඕ අහෝසි වෙනකන්ම මේ පල්ලි තමා විප්ලව වාදය අවසාන කරන්නේ කියන කතාව ගියා. යම් යම් චින්තර පොරවල් සහ ඒ අයගේ දියනියන්ගේ සහ විවිධ ක්රියා කලාප විවේචනය වුනා. ඇන්ගිලිකන් කතාද සමහර පොර චින්තන සම්බන්ධව දැඩිව විවේචනය වුනා. නමුත් වාසනාවට ඒවාට එරෙහි නොවන විදිහට එක් පැත්තකින් සාමයක් ලංකාවට ගොඩක් දුක් විඳපු පරම්පරාවක් ඒ පරම්පරාව නැති උනත් ලබා ගත්තා තමා. තවත් දේ ලබාවි. නමුත් මේක ලංකාව. විජයානන්ද දහනායකගේ උඩරට කැරැල්ල කියවනකොට දැනෙන දෙයක් තමා ඉතිහාසය නොවේ ලාංකේය දේශපාලනය හරිම අමුතුයි කියන කතන්දරය. අනේ මාරස ජීවත් වෙන තෙක් මින් මතු එසේ නොවේවා කිව්වට තේරුමක් නැහැ. මොකද වමේ වාදයේ අද බලය මාක්ස් වාදය තමා. අවිඤ්ඤාණය කියන්නේ කුමක්ද ඒ බලය වෙන්න එච්චර වෙලා යන්නේ නැහැ. මේ අපේ සමාජයේ උනොත් මොකද වෙන්න කියනදේට වෙන පොත් පත් කුමට. උඩරට කැරැල්ලම ඇති. මාරසට මතකයි ඒ ගැන නොකියා උනත් කිය කියා ගුණදාස අමරසේකර ඉන්දුලංකා ගිවිසුම අවධියේ හිරගෙදර ඉන්නකොට නිකුත් කළ ගණඳුරු මැදියම දුටුවෙම
අරුණලු කියලා පොත කියෙව්වා. ඒ ගැන ඒකේ අරුණලුනම් අමරසේකර කියපු හැටියට වෙනස් විදියකට වගේ අද පේනවා. නමුත් ඒකේ දෙවෙනි කොටස අමරසේකර දැක්කට වඩා වෙනස් වෙන්නත් හැකිනේ.
කෙසේ උවත් කාරි නැහැ. මාරසගේ වග කීම බාගෙට හරි ලියන එක. ඒ කියන්නේ යමක් යමකට අසමානනම් යමක් නියතයක් සමග යමකට සමානයි කියන කතාවම තමා. මොකක්ද මේ නියතය. ආන්න ඒක තමා යම් කාලයක සිංහල බෞද්ධ කියන කතන්දරයෙන් අන්දපු වත් කස්ටිය ඒ කාලේ ජවිපේ දඩයම් කරන්න ගියා කියන කතාව කළා. අන්තිමට සුනිලා ජවිපෙන් අයින් වෙච්ච හැටි සහ ඒ දේශපාලනය මේ දැන් ඒ කාලේ විමුක්තිගී නිවේදක බුද්ධිලත් දන්නවානවා ඇත්ත. ඇත්තටම එහෙම ඇත්තක් තිබ්බත් නැතත් ජවිපේ ඒකාලේ ඒක විසඳගත්තා අනිවා.
කෙසේ නමුත් ඒ ලාංකේය විප්ලවවාදී පක්ෂවල සංවිධාන යටපත් කරන්න එන්නේ එන් ජී ඕ් කියන සියල්ල යට ගියා. මාරස මේ කියන කතාවට සුනන්ද මහේන්ද්රගේ නූතන පොත් සහ විග්රහ ගත හැකි නමුදු මාරස ඒක කරන්න යන්නේ නැත්තේ අද සුනන්දත් හිටපු මැතිවරණ කොමසාරිසුත් අයියයි මල්ලියිවෙලා අර ජනමාධ්ය වලට අළුත් අළුත් නිවුස් සපයනවා වගේ තත්ත්වයක් නොවුනත් ජනමාධ්ය විසින්ම ඒ තත්ත්වයට ඒ දෙන්නව පත්කරනවා නොවේ පත්කරලා ඉවරයි කියන කාරණය නිසයි.
කොහොම උනත් මේ මොන බෞද්ධ කිව්වත් සිංහල බෞද්ධ බිහිවන යුගයෙත් මාර විදිහට ගැටුමක් පරංගියා සිටි යුගයෙත් තිබ්බත් අන්තිමට ගොන්සාල්ස් වේල්ස් පූජයන් සහ තමත් අතර මදින් මර්සර්ලින් ජයකොඩි පියතුමාලා සමග මාර විදිහට බෞද්ධ කතෝලික සමගිය විශිෂ්යෙි.
ඒ තවත්ත මාරස පාස්කු ප්රහාරය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. ඒ තවත් ප්රහාර සහ යුද්ධය සම්බන්ධවූ විව්ධ උපායන් තිබුුු නා නොවේ එවා එසේ වෙනවා අනිවා නිසා. පාස්කු ප්රහාරය විතරක් නොවේ සියලු ආගමික සහ යුද්ධමය තත්ත්වයන්ට ඉතිහාසයේ සිටම සැබෑ මිනිසුන් විරරද්ධයි තමා. නමුත් දැන්නම් නම් නොකිව්වත් කාගේ කාගෙනුත් ඉල්ලන්නේ නැතිවෙලා ගිය විකාර මතුකර නැවත බෞද්ධ හෝ හින්දු හෝ මොන සිංහල හෝ මොකා හෝ අරගෙන සිංහල කතෝලික සහ ඊට ප්රතිපක්ෂව ඇතිවිය හැකි ප්රතිවිරෝධාත්මක තත්ත්වය දේශපාලන උපායක් විදිහටවත් මතුවීමට ඉඩ නොදීම විශේෂයෙන්ම අගරද ගුරුගේ විතරක් නොවේ ඊට ප්රතිපක්ෂව නිකන් ගස්ටනයක් දීමට ඇති ඉඩ කඩ ඇති භෞද්ධ පල්ලයට මෙන්ම පන්සලටද බලයක් ඇති බික්ෂූන් වහන්සේලගේ සහ සැමගේ සැබෑ මානව වාදයයි කියලා. සමහර විට මාරස වන් දෙයක් මෙහෙම කිව්වම මේ මොන බේබද්දෙක්ද කියල අතහැරල දාන්නත් හැකියි. නමුත් මාරසටන් තේරෙනවා අද තියන ජ්යාතන්තර තත්ත්වයන් සමග සහ දේශපාලනිකව මේවා ඉස්සරහට ගැටලුවක් නොවන බව නිකන් කතන්දර කීවට මේක හොඳනැහැ කාඩිනල් තුමනි. ඒ වගේම මහා නායක වරුනි. මහා ගැටුමක් නොගියත් මේ කාඩිනලනල් සහ මහා නායකලා දේශපානය කරනවා කියන කතන්දරය හොඳටම ඇති නේද?
මෙතන වැදගත් වෙන්නේ මහා දර්ශන වලට වඩා සාමයේ මාර්ගයේ ප්රධාන ව්යුහය වන ආදරයයි. ඒකයි මේ චිත්රය දැම්මේ. මාරස දේශපාලනිකයි. නමුත් දේශපාලනික බලය තේරුන් අරන් සහ බලය ක්රියාත්මක වන පැත්ත ඉතා හොඳින් දන්නවා. දැන්නම් පාස්කුව දුර ගියා ඇති වගේ කියලා සයිබර් රස්තියාදුවේදි නිකන් මාරසට කිව්ව වගේ දැනුනා.මේ කතාව සියලු ක්රිස්තියානුවෝ අත් හරින්න. බෞද්ධයෝත් අත් හරින්න. මාරස කෝමත් නිකන් නිකන්ම කතා කියන අවකාශයක්නේ. කවදා හරි මේ ගැන නොසලකා ගැටලවක් මතු උනොත්..............
බෞද්ධ වුනත් මාරසට පාදුවා පල්ලිය සිහියට ආවා.
මොකද සෙන්ට් ඇන්තනීස් මුනිවරයා කියනවා වගේ කාගෙත් දරුවෝ වැදගත්.
Latest


Powered by Blogger.