ළමුන් වඩා හොඳ ළමුන් ලොවේ නැත

                         ළමුන් වඩා හොඳ ළමුන් ලොවේ නැත



මාරස ගොඩක් වෙලාවට ලියන එක අඩුකළේ මැතිවරණයක් තියන නිසා තමා. මෙතනදි මාරසට සිහිවෙනවා අර සෙක්ස් වහල්ලුන්ට තමන්ගේ කියන්න හංවවඩු ගහනවා. ඒ වගේම අපේ තරුණ කාලයේදීම අපි ජේ වී පී කාරයේ කියලා හංවඩු ඒ කාලේ පවතින රජයන් විසින් හංවඩු ගැහැව්වා. දැන් තියන ජවිපේ අපි ගැන දන්නෙවත් නැති වෙන්න හැකියි. නමුත් අපි පාරේ යනකොටත් අහනවා දැන් නුඹලගේ ආණ්ඩුවක් ආවා නේද කියලා. ඊට විරුද්ධව කිව්වොත් මිනිස්සු අපිට අනිවා ගහනවා. පක්ෂව කියන්නත් බැහැ. මොකද මාක්ස් ලෙනින් වාදය පිළිගත් මිනිහෙකුට ගොඩක් විභේදනික දේශපාලන දාර්ශනික පැති තියනවා. මේ වගේ අතරමන් වී ඇත්තේ ජනතාව කියන කස්ටියකගේම කොටසක්. ඒ අතරමං වෙලා තියෙන්නේ මිනිස්සු නොවේ. පාලකයොත් කියලා කියන්න බැහැ. ඒ කියන්නේ පැත්තක් නොගෙන කියන්න බැහැ.

මොකුත් නොකිය ඉන්න බැහැ නොවේ හැකියි. හැබැයි දේවල් නොකියා ඉන්න බැරි කියන ගායට කියන්න පැති තියනවා. මේ ලඟකදි මාරස ළමා ගීත ටිකක් අහන්න ගත්තා. ළමා ගී ගැන අදට ඉන්න විද්වතුන් සමගත් කතා කළා.
අනේ මම දන්නේ නැහැ. මේ කුමාරතුංග මුනිදාසව විවිධ විභේදනයන් අස්සේ මහා දාර්ශනිික වූත් තවත් කියන්න බැරි කුළ සහ දේශපාලනික සංකෘතික මිනිසුන් කතා කර ඇතත් මේ ගීතයනම් මාරයි. දැන් මේ සැබෑ කුමාරතුංග සහ ළමා ජීිවිතය සම්බන්ධව මාරසටනම් දකින්න හැකි කටු කමිබි වැටක් විතරයි. නමුත් කාරි නැහැ. මේ උඩින් ඉන්න අයත් කවුරු මොනවා කිව්වත් දරුවන් සම්බන්ධව හොයා බලනවා වෙන්න හැකයි.
නමුත් මේ මොහොතේ බලයේ ඉන්න අයට මාරස කිසිත් කියන්නේ නැහැ. මන්ද ඉතින් වසර හැට ගානක් වෙනකන් පිස්සු හැදෙන අතීතයක් තයන කණ්ඩායමක්. නමුත් ඒ අය සමගම හිටි වදකාගාර වලත් හිටි කණ්ඩායමක් ඒ අයට විරුද්ධව ප්රචාරක වැඩ. ඒක වැරදිද මේක හරිද කියලා කයන්න මාරස සිද්ධ සූනියම් වහන්සේගේ දේවාල වල හූනියම් කපන කපුවෙක් නොවේ.
මාරස නැවත ඒ දේශපාලනික ඉතිහාස සහ නව්යකරණ කාරණා නැවත ලියන්න ගන්නේ මහා මැතිවරණයෙන් පස්සේ. ඒ කියන්නේ මේ වතාවෙත් මාරස නිදහස් ඡන්දය තමා පාවිච්චි කරන්නේ. පාවිච්චි නොකළත් අනුපාත ක්රමය සමග ඒක ගණිතමය විදිහකට පාවිච්චි වෙනවා තමා.
කෙසේ නමුත් මේ සියල්ල ගැන සිතනකොට මට නිකන් මේ කාලේ දරුවන් ගැන සිතන කාරණය මාර නිසා කුමාර තුංග මුනිදාස මේ කවිය සිහි වුනා. ඒකයි නන්දා කියන මේ ගීතය දැම්මේ. මේ සියල්ල ප්රචාරණ ව්යාපාරයේදි තාමත් දරුවන්ව පාවිච්චි කරණවා. නමුත් මේ කිසිවෙක්ටත් වඩා මේ දරුවන්ව පාවිච්චි කරන්නේ මේවට සල්ලි වලට ඇඩ් හදන මහා දාර්ශනික මිනිස්සු. ඒවා අපි මේ මැතිවරණයෙන් පසු කතා කරමු. මේ අවස්ථාවෙත් අන්තිම මැතිවරණ විරෝධි වැඩ කරන්නේ ඇඩ්වටයිසින් කාරයෝ තමා. කෙලින්ම නමින් මාක්ස් වාදී ක්රියාවෙන් බිස්නස් තමා.
මේ තත්ත්වය මාරයි. මේක දැන ගත්තම මාර ආතල් තමා. නමුත් මේවගේ සැබෑ කව් ගී අහනකොට ජීවිතේ අමුතුම පැත්තක් පේන්න ගන්නවා. මේ ලිව්වේ බාගෙට. කොටින්ම නිකන් කාන්තාවකගේ පෙකනිය යට කොටස වළලලා මුහුණ ගැන කතා කළා විතරක් වගේ දෙයක් තමා. අපි භූගත දේවල් කතා කරන්න කළ් ගමු. මොකද භූගත කියන්නේ පසුවට කතා කළ යුතු දේවල් තමා. නමුත් මාරසටනම් අළුත් ආණ්ඩුවක් පරණ ආණ්ඩුවක් හෝ මේ පක්ෂ විපක්ෂ සියල්ලන්ටම වඩා අද දැනෙන්නම් මේ පොඩි උන්වතමා. මේ කුමරතුංගලාගේ කව් ගී සින්දු හදවතින් ගයන්නේ ඇත්තටම පොඩි පැටව්. දේශපාලකයෝ මේ මොනවද වෙන්නේකියලා දන්නේ නැහැ. දන්න අයත් දැන් යූ ටියුබ් දේශපාලකයො වෙලා අවසන්. නමුත් වාසනාව තමා ස්වභාවයාගේ නාමයෙන් තවත් අපේ දුවල පුත්තු ටීචර්ල කියන සමහර විකාර වලට පිටින් මේ දේවල් ගැන අවධියෙන් නොසිටියත් මේ දේවල් ගැන ස්වභාවයෙන්ම දැනුවත් වගේ. අර මී මැස්සෝ වගේ. නුඹලා මොන මොන විකාර කළත් ස්වභායාට විඤ්ඤාණයක් නැහැකියන කතාව ගැන‌ මොනවා කිව්වත් ඒ සියල්ලට පොඩි උන් උත්තර දේවි කියලා මාරස කියන්නේ වෙනම තැනකින්. ඒක තේරුන් ගන්න ආධ්යාත්මික ශක්තිය ඇවැසි නැහැ. කුමරතුංගුගේ පමණක් නොවේ ආනන්ද රාජකරුණලගේ හෝ නන්දා මාලනීගේම ගීත විකාර අහන්න ඇවැසි නැහැ. පාන්දරට ඇහැරෙන වයස මාස හතක් ගිය දරුවෙක් පාන්දර කුරුල්ලන් සමග ගයන ගීත අවිඤ්ඤාණික නැහැ. දැනුවත් තමා. කාටද දන්නවාද දැනුවත් කියලා හොයන්න. අදහසක් කියලා තහවුරු කරන්න අයිතියක් කාටවත් නැහැ. ඒ නිසා මාරස කියනවා ඒ අයිතිය ස්වභාවයේ තේරුන් ගන්න හැකි සැබෑ සවිඤ්ඤාණික ජීවියට අයිති තමා වගේ නේද කියලා.
කොහොමත් ලස්සනම ගීත කියන්නේ බස තෝරන කාලේ නොදරුවන් මෙන් පෙනී සිටින සැබෑව දැනෙන අපේ දරුවන් තමා. ඒ නිසාම මුනින්දාසයන්ට මාරස ප්රණාමය.
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
උදය ම පුබුදී
මුහුණට දිය දී
කුල දෙවි නමදී
ගේ දොර අමදීපාඩම් කරනට
පත පොත ගෙන සිත
සිත වෙන දෙයකට
නොහරී කිසි විට
වෙලාව නොවරද
කෑමට ආ සද
ඔහුට වඩා සොඳ
මහතෙක් කවරෙද​
පාසල් යන්නේ
දෙවි ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ
එහි කියවීමට
ලියුමට ගැනුමට
කව් ගී කීමට
දෙවෙනිද කා හට
නින්දට යන සඳ
කුල දෙව් වදිමින
කටයුතු පසුදින
සලකයි නුවණින
හොඳ දේ සිතුමත්
සිතුදේ කීමත්
කී දේ කැරුමත්
නොහරී සිරිමත්
මා පිය සහ ගුරු
නෑදෑ සොහොවුරු
සැමටම කීකරු
සැපතෙකි මේ දරු
ගායනය : විශාරද නන්දා මලානි මහත්මිය
පද රචනය : කුමාරතුංග මුනිදාස මහතා
https://youtu.be/nf7wFRn5WIc
ජගත් මාරසිංහ
22 10 2024

1 comments:

මෙතනදී හොඳදේ සිතුමත් සිතුදේ කීමත් කීදේ කෙරුමත් යන්න ළමයින්ට වටහා ගැනීමට මෙහි ලයාන්විතව ඇතුලත්ය. ඒ අදහස වනාහී බුදුණුවන්ගේ ධර්ම කාරණයකි. හෙඳ දේ සිතුමත් සිතුදේ කිමත් කී දේකෙරුමත් යන්නෙන් අදහස් වන්නේ බුදුනුවන්ට තිබූ මහා ගුණයක් වන යථා වාදී තථා කාරී ගුණයම වන්නේය. මෙන්න මේ බුදුණුවන්ට ඇති ගුණය පාස්සමින් කුමාරතුඟුවන් දරුවන්වබුදුමගට ගත්තාසේය. මේ ඉතිහාසය කිසිදා නොසිදෙන්නේමය. මන්ද දරුවන් වනාහී කාලකදී වෙනස් මතිමතාන්තර සහිත දරුවන් නිමාණය වූවාට සැබෑ දරුවන් නොව මනුෂ්‍ය වර්ගයා බිහිවීම කිසිවෙකුට වැලැක්විය නොහැන. එසේ වූවානම් හෝ වෙන්නේනම් ශිෂ්ටාචාරයක් ලෝකයේ තිබෙන්නටත් නොහැක. මතුවටද එසේ සිදුවන්නේ නැත නොව මිනිසුන් එසේ සිදුවීමට කිසි සේත්ම ඉඩ නොදෙන බව සැබෑවක්ම වන්නේය.


Powered by Blogger.