රාලේ බැඳපන් අපේ පුස්සාගේ හැඩ වෙන බලු නදද මේ

           රාලේ බැඳපන් අපේ පුස්සාගේ හැඩ වෙණ බලු නදද මේ



මාරස කුවින්ටින් ප්රනාන්දුව දන්නේ 80 දශකයේ මීගමුවේ මීපුර නගරශාලාවේ සිටයි. තොප්පියක් දමා ගත් පොත් පයිල් අතේ තබා ගත් සමහර දිනවල කැමරාවක්ද අතින් ගත් තරුණයෙක් නිකන් මොකක්ද අමුතුම වැඩක් කරනවා සේ දැනුනා. මට මතකයේ විදිහට අම්බලමක නඩේ නාටකය මීගමුවේ වේදිකා ගතවෙන්නේ නිකන් තොපේ ජනතාවාදී දේශපාලනයට කෙලවනවා කිව්වා වගේ.

සැබෑවක් ඊට පසු ආවේ ඉන්දු ලංකා ගිවිසුම. මරණීය තර්ජන තියන තැන් වලට ජවිපේ නම ගෑවුණ අයත් ගාල් වුනා. රංජිදම්ලා පීබී ලා සහ බණ්ඩාර තෙන්නේලා වන් ජවිපෙ හිටමු මාර පොරවල් ගාල් වුනා. දේශපාලනය කෙසේ වෙදු බුද්ධි සහ කුවින්ටීන් ඒ අතරේ හිටපු කලාව සම්බන්ධ සැබෑවටම දක්ෂතාවයකටත් වඩා මාර අරමුණක් තිබ්බ පොරවල්
කෙසේ හෝ ඒ අරමුණ ඒ අයගේ දැන් දිනලා අවසානයි. ඉතින් පරාක්රම නිරිඇල්ලට අධ්යක්ෂණයට දීලා මැගසිමෙන් ඉතාලියට පැනල ගිහින් දස දහසක් බලාපොරොත්තු මැද අපව හමුවෙනවා හැඩ වෙණ බලු නද කියන නාටකය සමග.
හැබැයි මාරම වේවි. කවුරු කිව්වත් පරාක්රම නිරිඇල්ලත් සමාන්තර හේතු වාදියෙක් තමා. නමුත් කුවින්ටීන් කියන්නේ කෙලින්ම හේතුවාදියෙක්. නමුත් මාරස කිසිදා මේ දෙපැත්තෙන් පැති දෙකක ඉඳන් තීරණ ගන්නේ නැහැ. ඔය කියන න්යායාත්මක දේ වලින් සොර්භාත් හේතුවාදී තමා
විහිළු ඇවැසි නැහැ. ඒ යුගයක හැංගුන පූජකයෙක් වෙලා ඉතාලියට ගිය කුවින්ටීන් මෙන්න භිෂණයෙන් තොර තමන් පැතූ දේශපාලනයක් තියන අපේ රටටම එනවා හැඩ වෙන බලු නද කියන නාටකය සමග.
ඒකේ අධ්යක්ෂක වෙන්නේ පරාක්රම නිරිඇල්ල. ඒකාට අපි ආදරය කරන්නේ සෙක්කුව නිසා තමා. තවත් වීදි නාටක පැත්තෙන් පතාක යෝධයෙක් .එයා කරපු සිරි මැදුරත් මිනිස්සුන්ට පිස්සු හැදුන සිනමා කාතියක් තමා. සමහර මාර පොරවල් කියනවා පරාක්රමගේ නාටක ජනතාවාදී නමුත් සිනමාව මාර සම්භාව්ය කියන කතා.
ඒවා වෙනම ගැටලු. මේ පවතින්නේ අද ජනතාවාදී ආණ්ඩුවක් තමා. ඒකද මරු සම්භාව්යද මරු කියන කතාව මේ දේශපාලනය වෙනස් කළා වගේම ජනතාවම තීරණය කරයි. ඒ නිසා මා ඉක්මන් වෙන්නෙ නැහැ
මැරුණයි කියා හිතන් හිටපු මිතුරෙක් මැගසිමේ හිටපු මට නැවත දකින්නට ලැබීම මේ කලා කටයුතු වලට වඩා වැදගත් තමයි.
ඔව් පරාක්රම නිරිඇල්ල. අර ගැලිලියෝ කියනවා වගේ සියල්ල ආදරයට යටත් තමා.
කුවින්ටීන් සහෝදරයා. ඔබ පැතූ ලෝකය නොවුනත් ඔබ පැතූ විදිහට ඒ තත්ත්වය ආරම්භ වූ මොහොතක ඔබේ පැමිනීම මාරසටනම් මාරයි .
ආදරෙයි මචන්.
මෙහෙම දේකුත් අනාගතතේ විය හැකියි. ඒ කියන්නේ ජනතා වාදය සම්භාව්ය වලට වඩා හොඳයි කියන සංකල්පය. මොක ජයගත්තත් මුන් දෙන්නගේම මනුෂ්යත්වය ජනතා වාදයට යට කළ නොහැකියි.
- අපි බලන් ඉන්නවා හැඩ වෙණ බලු නද තුලින් නුඹලා අතින් සෙක්කුවේ මුන්වත් වසර විස්සක්වත් ඉඳීද කියන කතාව නොවේ වැඩක් වේවිද කියන කතාව. ඒ මචන් ජනතා අභාලාෂය. මේ දයලෙක්තික යුගයේ නාටක ගැන බ්රෙෂ්ට් කියපු කතා යුගයක් නොවේ . සමහර විට ජනතාවාදි නාට්ය මාරයි ට්රොස්කි කියන සම්භාව්ය කතා අනාත වෙනනත් හැකියි. කෙලින්ම ලෝකය පවතින්නේ ඇත්තක නොවේ කියපු නීට්ෂේ මාර වෙමින් පවතිනවා වගෙම ඒකාගෙන්ම අවසන් වෙන්නත් හැකියි.
නමුත් අපි බලන් ඉන්නවා පරාක්රම නිරිඇල්ල සහ කුවින්ටින් ප්රනාන්දු මේ අළුත් ආණ්ඩුවේ මේ කරන්න හදන වැඩේ ගැන.
ජය වේවා මචන්
ජගත් මාරසිංහ
23 10 2024


Powered by Blogger.