කිරි පුස්සලාගේ ජාතකයටද " හැඩ වෙණ බලු නද "

              කිරි පුස්සලාගේ ජාතකයටද 

               " හැඩ වෙණ බලු නද  "                



කතන්දර කුමට අසූව පටන්ගන්නකොටම කිව්වලු. මාරසත් නාටක වලට ආසයි. නමුත් අර නලින් ලංකාවේ එයාට විද්යාඥයෙක් වෙන්න බැහැ කිව්ව වගේ මාරසත් තෙරුන් ගන්නවා ලංකාවේ මාරස නාටක කළත් මොක කළත් වැඩක් නැහැ වගේ දෙයක්. ඒක කලකිරීමක් නොවේ. වෙනම පැත්තක යම් දාර්ශනික නොවන ධර්ම කතන්දරයක් වගේ දෙයක්ද මන්දා.

කෙසේ නමුත් පරාක්රම නිරිඇල්ලලා කියන්නේ ඒ කාලේ 61ඉපදුන මාරසෙත් අයියා කෙනෙක් තමා. කොච්චර අයියා කෙනෙක්ද කියනවානම් අද වෙනකන් මාරසනම් පරාක්රම නිරිඇල්ල සමග මුහුනට මුහුන වචනයක්වත් කතාකරලා නැහැ. ඒ ඇයි කියන කතාව සමහර විට මැරෙනකන් කල් දමාවි. ඔව් විජිත ගුණරත්නලා පරාක්රමලා ගැන කතා නොකරන කතාවක් නිකන් ඇද්දේ මාරසත් දැන් වයසක වුනත් අතීතය මතක තියනවා නේද කියන වෙනම දර්ශකයකින්. හත්තෝටුවේගමටත් වැරදුන තැන් ගොඩක් තියනවාද යන්න කතාකළ යුත්තේ මාරස නොවේ නේද දීපානී සහ සුරංජි. මාරස මේවට සහභාගි වෙලා නැහැ. ඈත සිට බලන් හිටියා පමණයි. තවමත් ප්රේක්ෂකයෙක් පමණයි.
ඉතින් මේ වට්ටෝරු කතා ලිව්වේ කුවින්ටින් ප්රනාන්දුගේ "හැඩවෙණ බලු නද" නාට්ය නොවැම්බර් 05කොළඹ එල්පින්ස්ටන් හි ප්රදර්ශර්නය වෙන්න නියමිත බව ඉතාලියේ සිට මාරසට දන්වපු නිසයි.
ඒ ගැන කියන්න කලින් මේ අවස්ථාවේ මට අතීතයක් සිහි වුනා. පරාක්රම නිරිඇල්ලගේ කෘතීන් ගැන මොන දේ කිව්වත් හැම දේකම රසිකයාට මාර සතුටක් ආශාව නිර්මාණය කළා කියන්නේ ඇත්ත. නමුත් සෙක්කුවේ සින්දුව තාම කටපාඩමින් කියන්න හැකි උනත් ඒකෙනම් තිබ්බේ විඳිය යුත්තක්ට වඩා ගත යුත්තක්ද කියන කතාව දිගයි තමයි.ඒකියන්නේ සෙක්කුව කියන්නේ ජනතාවාදී නාටකයක්ම තමා නේද කියන කතාව නැවත අහනවා තමා. ඒ බානට මාක්ස්වාදී තව ගොනෙක් බැන්දද කියලා අහන්න තියෙන්නේ
කොහොම උනත් කාරි නැහැ පරාක්රමගේ නිර්මාන වල සෙක්කුව ගැන කියන්න තියන දේ මේ බලුනද වලින් මතුවෙන එකක් නැහැ. රාලේට මේ පාර සෙක්කුවට බඳින්න අර පුස්සා මේ පුස්සා නැහැ. දැන් කියන්න වෙලා තියෙන්නේ පුස්සෙක්ද බැන්දේ නැතිනම් වෙන මොකෙක්ද කියන කතාව වගේ ගොඩක් දේවල් මහා ගැඹුරකින් තමා.පරාක්රමගේ සිරිමැදුර මාරයි කිව්වට මාරස ඒ ගැන තවමත් මොකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අමතකයි කියන කතාවම තමා. නැහැ ඒක ගැන පැත්තකින් තියන්නේ පරාක්රමගේ බර්ටෝල් බ්රෙෂ්ටේ ගැලිලියෝ ගැලිලි නාටකය ගැන සිහිවෙලා. මාරසට ඒකනම් වැදුනා බොක්කටම. ඒ කාලේ මාරස දුරස්තකරණය කස්ටියක් කියන දයලෙක්තිකයෙන්, තවත් කස්ටියක් කියන අපෝහකයෙන් තවත් කස්ටියක් කියන ද්වාන්දනාත්මකයෙන් හොයන කාලේ. කෙලින්ම අද ඉන්න ජනාධිපති තුමාගේ ජනතා විමුක්ති පෙරමුනේ භාෂාවෙන් දයලෙක්තික භෞතිකවාදයෙන්ම හොයපු කාලය නිසා.මෙන්න මෙතනදි ගැලිලියෝ සිහිවන්නේ බර්ටෝල් බ්රෙෂ්ට් ගැන ගැඹුරින් කතාකළ ආචාර්ය මයිකල් ප්රනාන්දු කියන ලද ගැඹුරු අදහසක් නිසා. ඔහු ඒකාලේ කිව්වා බ්රෙෂ්ට් කියලා තියනවා කියලා නූතන යුගයේ නාටක අපෝහක භෞතිකවාදී වියයුතුමයිකියලා. ඒ කියන්නේ අද සිටින ජනාධිපති තුමාලාගේ පක්ෂයේ නාමයෙන් අන් වචන නැතිව බ්රෙෂ්ට් නාටක ද්විගටනාත්මකව විය යුතුයි වගේ කතාවක්. මේ නම් වගේම මේ දර්ශනය සම්බන්ධවත් සෙක්කුවම තමා.
කොහොම උනත් කාරි නැහැ පරාක්රමගේ සිරිමැදුරටත් වඩා මාරසට අමතක නොවන මාර වැඩක් තමා ගැලිලියෝ ගැලිලි.
පිස්සු හැදුනා මටනම්. ඒකෙන් පස්සේ ජයවර්ධන මාරස කොටුකලේ නැතිනම් බලාපොරොත්තුව තිබ්බේ ඒබ්රහම් ටී කෝවූර් ගැන කෝවූර් දැක්ම කියලා නාටකයක් කරන්න කොහොම උනත් මේ මතකයේ තවත් පැත්තක් තමා ගැලිලියෝ වෙන්ට් එකේ කරපු ප්රදර්ශන මාරයත් ඒ කාලේ මාරයාගේ ආදරය චූටිත් නැරඹුවා කියන කතාවමයි. ඒක දවසේ දර්ශන දෙකම නරඹලා මිනුවන්ගොඩට ඒකිව ගිහින් දාන්න විදිහක් නැහැ. අන්තිම බස් එක ගියාම ඒකිත් සමග ගැලිලියෝ ගැලිලි සහ අපෝහකය ගැන කතා කරකරා පත්තර වෑන් වල මිනුවන්ගොඩ යනවා මතකයි. ඒ කාලේ විතරක් නොවේ දැනුත් මාරසට ගැලිලියෝ සිහියට එනවා. මොකක්ද කරුමෙකට එච් ඒ අසනීපයෙන් කොළඹ මහරෝහලේ ඉන්නකොටම මාරසත් යම් ලෙඩකට නොවේ ලේඩක් නොවී ආතල් ඒකට කොළඹ ඒ රෝහලේ සිටියා මතකයි. ඒ බලන් ඉන්න බැරි දුකක් වින්ද අවසානයක්. ඒ අපේ කාලයේ ගැලිලියෝ මැරුන අවස්ථාවක වසන්ත විට්ටච්චිටත් ඇස් වලට කඳුලු ආවා මතකයි. ඒ අවස්ථාවේ රෝහලේ රොගියෙක් විදිහටම හිටපු මාරසට වසන්ත කිව්වා මේකනම් දරා ගන්න බැරි දුකක් කියලා. පරාක්රමගේ මම ආදරය කළ ගැලිලියෝ නාටකයේ නළුවා මැරෙනකන්ම මාරස ස්වභාවයා විසින් මාරසව එතනම තිබ්බා. බ්රෙස්ගේ ගැලිලියෝ මාරසට සෙට් වෙන්න ඇත්තේ මාරස ගණිත පැන්ටසි කාරයෙක් නිසා වෙන්නත් හැකියි.
කෙසේ හෝ දැන් චූටීත් නැහැ. එච් ඒත් නැහැ. ඒ නාටකයත් නැහැ. නමුත් පරාක්රම නිරිඇල්ල අධ්යක්ෂක වරයාත් ඒකේ පූජකයෙකුට පණ දුන් කුවින්ටීන් පුනාන්දු සහ අධ්යක්ෂක පරාක්රම නිරි ඇල්ල තාම ඉන්නවා. ඒ කාලේ අපි සියල්ල යම් යම් පැති වල හිටියත් ඔක්කොම මාක්ස්වාදී වම්මු තමා. ඉතින් ඒ අවස්තාවලමේ පූජකයෙකුට ගැලිලියෝ නාටකයේ රඟපෑ කුවින්ටින් මට මතකයි මීගමුවේ යම් රහසිගත විදිහකට දේශපාලනය කරමින් වීදි නාටක කරමින් ඇවිදින හැටි. මීපුර නගර සභා රඟහලේ ඒ කාලේ හිටපු නාට්ය ප්රෙක්ෂකයන්ගෙන් එකෙක් තමා මාරසත්. ඒකාලේ කොළඹත් මොරටුව සහපානදුරෙත් නියෝජනය කළා තමා. මගේ අම්බේ. ඒකාලේ අපට තිබ්බ දේශපාලන සහ නාට්ය පිස්සුවක තරම දන්නේ ඒ නිසාම රස්තියාදු වුන චූටිලා වගේ කෙල්ලන්ම විතරක් වෙන්න ඇතිද මන්දා
කොහොම නමුත් මේ ගැලිලියෝ පූජකයා වන කුවින්ටින්ව මට නැවත හමුවෙන්නේ ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව වැඩ කරන්න ගිහින් මැගසින් බන්ධනාගාරෙදි. ඔව් අපි ඒක ඇතුලෙත් ලස්සන නාට්ය කළා මතකයි. ඒවා මටනම් මතකයක් විතරයි. වේදනානම් ගොඩක් තාම තියනවා.
ඉතින් හිරගෙරින් පසු ඉතාලියේ සැබෑ පූජකයෙක් වගේ සිටි කුවින්ටින් මෙන්න එනවා තමන්ගේ රචනයක් පරාක්රම නිරිඇල්ලට අධ්යක්ෂණයට දීල ඒ වැඩ කටයුතු කරන්න.
හරි කුවින්ටින්. නියම වැඩක්. අතීතය විදිහට හිතපුවාම හිතන්නවත් බැරි දෙයක්. ජවිපේ මරණයෙන් බේරෙන්න වගේ ඉතාලියට පිටස්තර වූ මිනිහෙක් ඒ පක්ෂෙම කෙනෙක් ජනාධිපති වූ අවස්ථාවක තමන්ගේ රංගනය පෙන්වනවා කියන කාරණය.
නමුත් නාටකය ගැන කියන්න විචාරාත්මක දේ දැන් කියන්න නාට්ය ගැන අළුත් පරපුරක් ඉන්නවා. ඒ පරපුර තීරණය කරයි මේ අයිතිහාසික සාධක සමග ඒ නාටකයත් මරුද නැතිද නැතිනම් කුමක්ද කියන කාරණය.
කෙසේ හෝ වේවා පරාක්රමගෙන්නම් අහන්න දෙයක් තියනවා. සෙක්කුවට දැන් බැඳලා තියෙන්නේ පැඟිරාවද පුස්සාවද කියලා. ජනතාවාදී නාටක කොච්චර ලස්සනට කළත් වේ වගේ දේවල් අවලාද නොකර දෙන උත්තරය මේ හැඩ වෙණ බලු නද තුලින්වත් උත්තරයක් නැතත් සැනසිල්ලවක්වත් තිබෙනවාද කියලා.
මා මිත්ර කුන්ටින් සහෘදයාට සහ පරාක්රම නිරිඇල්ල සහෘදයාට ජය‌ වේවා කියා
පතමින් මේ වර්තමානය පසසමින් ලියන ලද අතීත මතක සටහන අවසාන කරන්නම්.
ලිපිය අවසන් කළ යුත්තේ කොතනින් උනත් මේ අතීත සටහන අවසන් කරන්නේ සෙක්කුවේ ගීතයකින්මයි.
පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කළයි කිරිපුස්සා...
සරුබිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා...
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා...
ආයෙත් සෙක්කුවෙ
මේ සරුබිම හොයන්න
බඳිනවදෝ කිරිපුස්සා...
රාළේ බැඳපන් කිරිපුස්සා...
රාළේ බැඳපන් අපෙ පැඟිරා...
රාළේ බැඳපන් කිරිපුස්සා...
රාළේ බැඳපන් අපෙ පැඟිරා...
කිරිපුස්සා... අපෙ පැඟිරා...
කිරිපුස්සා... අපෙ පැඟිරා...
වැඩක් නෑ බං...
අර පරාක්රම මහත්තයා කියනවා වගේ
අපි සෙක්කු ගලක් වටේ ඔහේ ගාටනවා...
පැගිරා හොරා කියලා පුස්සව ගේනවා...
පුස්සා හොරා කියලා පැගිරාව ගේනවා...
එකම තැන කැරකෙනවා...
කියලා වැඩක් නෑ...
ජගත් මාරසිංහ
29 10 2024

Related Posts


Powered by Blogger.