"ලස්සන" ඔබ කොහි  ද ?
                      මම අවලස්සන තුළ සිටිමි.
"හොඳ" ඔබ කොහිද ?
                     මම නරක තුළ සිටිමි.
"ප්‍රේමය" ඔබ කොහිද ?
                   මම වෛරය තුළ සිටිමි.
"ප්‍රීතිය" ඔබ කොහිද ?
               මම ශෝකය තුළ සිටිමි.
"සත්‍යය" ඔබ කොහිද?
              මම අසත්‍යය තුළ සිටිමි.
"ආලෝකය" ඔබ කොහිද?
      මම කළුම කළු අඳුර තුළ සිටිමි.
" එම්බා කාලය !..." එතකොට තා සිටින්නේ කොහිද?
       මම කාලයක් නැති තැන සිටිමි.
පැවැත්මනම්  එයයි.
සැබෑව නම් එයයි.
කියන්නට නොහැක
ලියන්නට නොහැක
අඳින්නට නොහැක
මා තුළ 
මට
දිය වෙන්නටද නොහැක.
0.


ජගත් මාරසිංහ.
(කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව)  
        

1 comments:


Powered by Blogger.