යුගයක ආදරයේ පරස්පර ආදරය

                            යුගයක ආදරයේ පරස්පර ආදරය

    ලෝකයේ මිනිසුන්ට සමාන ලකුන නැතිව බැරිය. බුදුනුවන්ගේ පටිච්ච සමුප්පාදය ගැස කිසිදු දාර්ශනිකයෙකුට උත්තර නැති තැනක් වන්නේද මේ වන් දේ නිසාය. කිසිදු පුද්ගලයන් නොව කිසිවක් ආසන්න වශයෙන් සමාන වෙනවා විනා සෘජුු සමාන වෙන්නේ නැත.
මේ ඡායාරූපයේ වම් පසේ ඉන්නේ නලින්ද සිල්වානන්ය. දකුණුපසේ ඉන්නේ සුනිල් විජේසිරිවර්ධනයන්ය.
මේ දෙදෙනාම මාරස තරුණයෙකු ලෙස ජීවත් වූ අවධියේ අපේ ආධ්‍යාත්මික දර්ශනවාද පමණක් නොව ධර්මය සම්බන්ධ දේද ප්‍රතිවිරෝධයකට ලක්කළ බව මතකය. සයිමන් නවගත්තේගම සහ සුගතපාලද සිල්වා සමග කිට්ටු මානවීය ධර්මාවබෝධය සම්බන්ධ දාර්ශනික වපසරියක චලිත වූ මාරසට අවසානයේ දෙයක් සැබෑ ලෙස කතා කරන්නට ඉතිරි වූයේ මට වඩා මුහුකුරාගිය පරපුරෙන් මේ දෙදෙනා විශේෂ වූවා සේය.
" ඔව් සර් . මට වයස හැට තුන ලබන්නේ. ආදරවන්තියෙකුට දරුවෙක් හට අරන්. එයාගේ වයස මට වගේ දෙගුනයක් බාලයි. නමුත් මට මරන්න බැහැ. මම බොනවා. නමුත් මම ජීවිතේ හොයනවා. මොකද කියන්නේ කියාද ඇසුවේ මාරස මේ දෙන්නාගෙන්ය. දෙන්නගේම උත්තර එක වී මාරසට ශක්තියක් වූ නිසාම දරුවා තවමද නිරුපද්ද්‍රිතව වැඩෙනවා යන්නද වෙනම කතන්දරයකි.
ඒ ශක්තිය සමගම මේ දෙදෙනාගේ තිබි පරස්පරය සම්බන්ධව මාරස දෙදෙනාගෙන්ම ඇසුවා මතකය. නලින් සර්ගේ ප්‍රථම විරෝධය ජාතිකවාදී බෞද්ධ මතවාදයේ ආධ්‍යාත්මික තලයම වන්නේය. සුනිලයන් විභවියේ මාක්ස්වාදය පෙරමුණු කර ලතින් ඇමරිකාවේ ආධ්‍යාත්මිකත්වයද ඇසුරු කර සිනමාව හරහා එදා තරුණයන්ට බොහෝ දේ ධාරණය කළ බව සැබෑවකි. අද පවතින විදර්ශන පාටක ජාලයේ ප්‍රාග්ධන නොව දැනුමේ විබවය දකින විටත් මට සුනිල් සර්ව සිහි වන්නේය. ඒ ලෙසම ජීවිතයේ ගැඹුරුම ආකාරයට ජීවිතය සිඳී යන විට මේ දෙන්නාවද මාරස කාල අවකාශ පදනමින් මොනවදෝ දෙයක් මොළයට මුමුනවා සේය.
මහා මිත්‍යා හෝ විංඥානවාදී පදනමක තියන ‌ග්‍රහ තාරකා ක්‍රමවේදයෙන් නලින් ද සිල්වාගේ උපත 1944 ඔක්තෝම්බර් 20 දාය. නිරයන ක්‍රමවේදයට අනුව ලග්නය අර මාර ප්‍රතිපත්ති තියන ධනු ය.
සුනිල් විජේසිරිවර්ධනයන්ගේ උපත 1951 06 27 ය. කාටත් ආදරය කරමින් ජීවිතය සුසර කරන්නට තැත් කළත් මාළුවාද කාල අවකාශයට සාපේක්ෂකව ප්‍රති පත්තිගරුක තමාය. 
පසුගිය දිනක මේ දෙදෙනාගේ ප්‍රති විරෝධයක් තිබෙනා බව දැන ගත් මාරස කෙලින්ම සුනිල් සර් ගෙන් නැතිනම් සුනිල් අයියාගෙන් ප්‍රශ්න කළා මතකය.
සුනිිිල් සර් කීවේ මෙච්චරය. " කේබී හේරත්ගේ නාට්‍යක් බලන්නට ගියා. මා සමග හිටියා නලින් ද සිල්වා. මම ඇහැව්වා අබයගිරිය සංස්කෘතිය සම්බන්ධව ‌දේවල්. අනේ මන්දන්නේ නැහැ මට බැනගෙන බැනගෙන ගියා.
මෙයම මම නලීන් සර්ගෙනුත් නොඇසුවානම් මාරස මාරසක් වීමට නොහැක. ඒත් කිව්වේ ඊට ප්‍රතිවිරෝධී අදහස් නොවේමය. දෙදෙනාම කියන්නේ ප්‍රතිවිරෝදී යමක් නොව නොතේරෙන වගේ දැනුනත් පේන ‌සැබෑවක්ම වන්නේය.
දෙදෙනාම මාර මාක්ස්වාදීන් විදිහට සිටියේය. අවසානයේ සිද්ධාර්ථ සාඛ්‍ය සිංහ වූ බුදුනුවන්ගේ බල ‌රේඛා විශ්වයේ මොනවදෝ දේ සොයන්නට පටන් ගත්තා සේය.
එක් අයෙක් මළේය. . 
මාරසටනම් මේ දෙන්නා සමග ආදරණීය ජීවිතය ගැන සිහිකරන විට කාල් මාක්ස්ගේ දාස් කපිතාල් ග්‍රන්ථයේ ඇති විනෝද ළදරු වලිප්පු නොව බුදුනුවන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය ගැන කියන්නට නොහැකි දෙයක් දෙදෙනාටම තිබුනා සේය. එක් අයෙකු තවම ජීවතුන් අතර නිසා සුනිල් අයියාට නැතිනම් සුනිල් සර්ට දීර්ඝායුෂ පතමින් මාරස ඉල්ලා සිටින්නේ ඒ දේවල් මහා පරිමාණයෙන්ම ලියා දැමීමට හැකි වේවා කියාය. දෙන්නගේම ඡායාරූප වලට මයික්ක්‍රපෝන් ගත්තේ ප්‍රකාශ කිරීමට වඩා දෙදෙනාම ලියන දේ මාරයි කියා සිතුන නිසාය.
ඉතින් එක් අයෙකුට නිවන් සැප ලැබේවා. අනිත් අයට දීර්ඝායුෂ වේවා.
මහා දේවල් ලියන්නට ඇති දෙයක් කෙටියෙන් ලීවාට පාඨකයෝ කමත්වා!
ජගත් මාරසිංහ
09 05 2024
https://jagathmarasinghe.wixsite.com/mare





Powered by Blogger.