අපේ රටේ තියනවා මාර කලාප. අභය ගිරියේ බුද්ධිමය ආලෝකයෙන් ඇතිවූ තවත් උප කලාපයක් තමා ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ. මේක සුජිත් අක්කරවත්ත හරියටම සලකුනු කරලා තිබ්බා. ඒ කියන්නෙ කෑරගල පිරිවන ගැන. ඉන් ඔබ්බට කියනවානම් අභයගිරි කාළ අවකාශයේ සඳකඩ පහන සහ සමාධි බුදුරුව, කුට්ටම් පොකුණ පමණක් නොවේ සාහිත්‍ය ග්‍රන්ථ මාරයි. ආලෝකයත් යන යම් දුරක් තියනවා. කොටින්ම කුමන ගණිතයෙන් හිතුවත් අනන්තය කියන කතාවටත් සීමාවක් තියනවා. අභය ගිරි සීමාවේ අවසානයේ උපදින්න ඇති කෑරගල සුළං හමන වපසරියෙන් මහගම සේකරත්, දයානන්ද ගුණවර්ධනත්. කෙසේ හෝ උඩුගම්පල මහා විද්‍යාලයේ ගුරුවරයෙක් වූ පරණ‌ විතානත් මතකයට එනව. කොස් අස්සේ දෙල් ගැසීම මගේ සිරිතක් නිසාම මම කියනවා සේකර අභය ගිරියේ කිව්වම රත්නත්ශ්‍රී ලා ගැන ඊට පස්සේ නොවේද කියලා මගෙන් කවුරුවත් අහයිද කියලා. කවුරු අහන්නද? ඇහැව්වොත් උත්තර නැති උනොත් අනේ ඒ ගැන කියපන්කෝ මචන් කියලා කියන අසූවේ හෘර්ධ ශාක්ෂියේ දරුවෙක් කියාගන්න මම හරිම ආසයි ආඩම්බරයි. ඒ කියන්නෙ ඇත්තටම කවුරු හරි වලියට ඇවිත් ආත්මය මරන්න ගියොත් මේ දූපතේ පාරකදි කොහේදී හෝ හමුවෙමු කියන කතන්දරය මාරයි. නව දාර්ශනික භාෂා සහ සංකල්ප විශ්වයෙන් මට ලොකු එයාලා කියන විදිහට මගේ හීනමානය. ඒ මගේ හීනමානය එයාලගේ හීනමානයට ලොකුද පොඩිද කියන ගැටලුව ගැන කතා කරන්න නෙවේ මම අහන් ඉන්න ආසා නිසා.

ගම්පහ දිශාවෙන් පටන් ගත්තේ රාගය හෝ ආදරය කියන සෑම සංකල්පයක් ගැනම වයසට සාපේක්ෂකව වෙනස් වෙන අයුරු මා සිතන නිසා වීමට පුළුවන්. මම දැකලා තියනවා සෙල්වදෝර් දාලිගේ චිත්‍රයක්. ඔරලෝසු වැලවල් වලත් මේස වලත් හැම තැනකත්ම වේලෙන්න වගේ වනලා. කාලයේ තියන සර්ව ව්‍යාප බව ගැන කතා කරන්න මරු චිත්‍රයක්. සමහර විට කාලයේ සර්ව ව්‍යාප්තිය ඩාලි දැක්කේ ලිංගික ආදරයෙන් වෙන්න පුළුවන්. මේ ඇති. ඉතින් දවසක මාත් යනවා පිටකොටුවේ අසූව දශකයේ මුල මගේ එදා ආදර වන්තියව හෙවත් පෙම්වතියව පිටකොටුවේ වැඩට අරලින්න. මම හිතන්නේ එදා දේශපාල උණ කටුවක් තිබ්බනම් මගේ උණට රෝහල් ගත වෙන්න කියනවා අනිවාර්යයි. ඒත් නිට්ටාවට සනීපවෙන්නේ රුසියානු හෝ චීන රෝහලකට ගිහින් වාර්තාවක් ගෙනාවනම් තමා. මොකද ලාංකේය අපි පිළිගත්තා වූ බුද්ධිවාදීන්ගේ පරම දිව්‍ය ලෝකය එදා එ රටවල් වගේ කියලත් හිතෙනවා. කියුබාවෙන් බේත් ගත්තනම් තවත් මාර වෙයි. ඒවා පැත්තකින් තිබ්බම ඒදා ඒකිගේ අත අල්ල ගත්තම උණ දැනෙන්නේ නැහැ. කාලෙන් කාලයට පෙම්වතියෝ මාරු උනත් විදිහ ඒකම තමා. සර්ව ව්‍යාපී කියන කතන්දරය ආධ්‍යාත්මිකත්වයෙන් භෞතිකයටත් මාර කතාන්දරයක්. ඒ ගැන පවුල පෞද්ගලික දේපල ඇතිවන හැටි ගැන තියන කදන්දරය මාරයි වගේම තවත් පැත්තකින් මාරයි කියලා ඉස්සරහා කාලෙකදි තවත් අය සාධනය කරාවි. අපි මොකටද අමුවෙන් ලියන්නේ.

කෙසේ නමුත් ඒ කාලයේ මම මගේ පෙම්වතියත් සමග පිටකොටුව මල්වත්ත පාරේ එයාව වැඩට අරලින්න යනවා. ඒ කාලයට ඉතින් අපි කිව්වේ පූර්ව ලාංකීය සමාජවාදී විප්ලව යුගය කියලා. වික්ටර්ගේ “ සා” වලින් පස්සේ සත්‍යයේ ගීතය විප්ලව වාදී  සහෘදයන් රැඩිකල් සහෝදරයන් වීමට අත දුන් කාලය වශයෙනුත් හිතන්න පුලුවන්. ඒත් ඊට චුට්ටිත්තක් කාලයකට පසු මෙන්න පිරිමි භාෂාවෙන් මගේ එදා පණ වූ ආදරිය වටා සිටි දෙනෝදහක් සෙනග මැද්දේ නන්දා රෙකොඩ් බාර් එකක පීකරයකින් කෑ ගහනවා ලා හිරූ රැස් වැටීලා කියා. ඒක විප්ලවීය සංකල්ප වලින් පීඩා විඳ හතිලමින් සිටි මිනිසුන්ට නැලවිලි ගී මාලාවක් වුනා කියන එකනම් සහතික ඇත්තක්.

මම පත්තර වලින් දැකලා තිබ්බා නන්දා පරණ ළමා නොවන ළමා ගී වගයක් කියනවා කියලා. සුනිල් ආරියරත්නගේ හෘද ශාක්ෂියේ වෙනස් වීමත් මෙතන තියෙන්න ඇති කියලා මට හිතෙනවා. මම නැවතිලා ඒ සින්දුවක් අහලා කැසට් පිස් දෙකක් ඒකත් සමග දෙන "හඳ හාමී" ළමා ගී පොතත් ගත්තා. නමුත් ඒදා මගේ වයස විස්ස පසුකරපු ගමන්. අද මගේ වයස හැටට ආසන්නයේ. අද හිතෙන්නේ මට ඒවා ළමා ගී කියලා නෙවේ. නන්ද කරපු සත්‍යයේ ගීතයට පවනට වඩා ඒකයි මරු කියලා කියල කියන්න තව කාරණා එකතු කරන්න වෙනවා. කාරණා ගොඩාරියක් තියනවා. ළමා ගීත අපට වටින්නේ එදා මමත් ඇතුළු අපේ වැඩිහිටියන් පීලි පැන්න නිසා කියන එක මගේ වතවාදයක්නේ. එහෙම නෙවේ කියලා හැකි අය ලියන්න. උත්තර දෙන්න නෙවේ අපට ඉගෙන ගන්න. නමුත් ගැටලුවක් තියනවා. මහලු ගී කියලා දෙයක් ඇයි නැත්තේ කියන කතාව. නැහැ මහල්ලෝ තමා ළමා ගී ලියන්නේ. කොටින්ම මහලු විය කියන්නේ තවත් පැත්තකින් ළමා වියම තමා කියන බෞද්ධ කතන්දර ජීවිතයද කියලා හිතන්න ගොඩක් දේවල් තියනවා. ඉතා සරළ එදා මගේ පැරණි ආදර වන්තියගේ මුවින් පිටවුන වචනයක් මේක අවසාන කරන්න පෙර ලියන්නම ඕනා. ඒක තමා මතකයේ බර. " නන්දගේ ළමා ගීත මරු අප්පා........." ඒ අද කොහේ ඉන්නවාද දන්නේ නැති ඒකිගේ මතකය. නන්දා ඒ ළමා ගී පෙලේ කුමාරතුංග මුනිදාසගේ "සිරිමත් මගේ සකි" ගීතයත් ගායනා කරනවා. ඒ ගීතයේ තියනවා කුමාරතුංගයන් සිරිමත් ළමා කවට එකතු කළ පද කීපයක්. "සිතුදේ කීමත් කීදේ කෙරුමත්" ලෙස. ඒ කියන්නේ බුදුවරයෙකුට තියන යථාකාරී තතා කාරී ගුණය. ඒ කියන්නේ හොඳ දේ සිතීම වගේම ඒ දේ කීම පමනක් නොවේ එලෙස දිවි ගෙවීම. දරුවන්ව බුදුවරයන් ලෙස ජීවත් කිරීමට ඇවැසි චින්තනය පරිනතනයන් ළමා මනස පෝසත් කිරීමට පරිප්පු කා අවසානයේ කටයුතු කළේ එසේය. නිර්මාණයන්ගෙන් පෝෂිත ඒ ගායනා එදා මා ඔළුවේ තියන් හිටපු සත්ත්‍ය ගීත වලට වඩා කියලා මරු හිතෙන්නේ හැට පුරද්දියි. විප්ලවය තියෙන්නේ එතන නෙවේ මෙතන කියලා කියන එකට විරුධ භාෂයකින් මම මෙසේ කියන්නම්. අනේ මන්දා දැනෙන විදිහටනම් විප්ලවය තියෙන්නේ එතන නෙවේ මෙතන උනත් විප්ලවයේ විප්ලවය තියෙන්නේ මෙතන නෙවේ එතන කියලා. හැම දෙයකම චක්‍රීයත්වය අපි පසුව බලමු. ඉතින් අපි මහින්ද හාමුදුරුවන්ගේ "රාත්ත්‍රිය" විඳ ගැනීම කෙසේනම් අවසන් කළ හැකිද. හැම රැයක්ම උදයක පෙරනිමිත්තක් වගේම හැම උදයක්ම රාත්‍රියක පෙර නිමිත්තක්. ඒ දෙකට මැදි වූ ජීවිය මරු. උපතත් මරණයත් දෙකම තියෙන්නෙ එතන තමා. කොච්චර මරුද කියන්නෙත්, රොමැන්ටික් කියන්නෙත්, යථ කියන්නෙත් කලාවෙදි රොමැන්ටික් කියන එකම තමා කියලා මාරස කියන්නේ නැහැ. ඒක මාරසට අයිති කාරියක් නොවේ. සහෘදයාගේ සිතට අයිති කාරණයක්. හැබැයි සමන් පිච්ච මල් ඉහිරුණ නිල් තනකොල පිට්ටනිය මගේ නෙවේ. අපේ.



Powered by Blogger.

Follow by Email