කනාවැකි නොවූ අනාවැකි.......!!!

කනාවැකි නොවූ අනාවැකි.......

මගේ යාලුවෙක් අතුල ජයසිංහ.

ඒයා මගේ සේවා දායකයෙක් වශයෙන් මට හම්බවෙනවා. අම්බේ ඒයාගේ ශරිරය ඉස්සරහා මම කුරු පුංචෙක්

පසුව මට තේරෙනවා ඒයා භාෂා කීපයක් පරිහරණය කරන්න ද්නන්නවා. ඒ වගේම මට ඇසුරු කළ හැකි අයෙක් කියලා

ඒයා මට ආරාධනා කරනවා නුගේගොඩ හන්දියේ තිබ්බ ඒයාගෙ ජපන් භාෂාව උගන්වන ඉස්කෝලෙ කාඹරයක වැඩ කරන්න.

කතා දෙකක් නැහැ තනි වචනයේ මිනිසෙක් නිසා මම යනවා

කාට හරි පශ්නයක් තියෙන්න පුළුවන් ඇයි මාක්ස්වාදය ගැන යම් ඇල්මක් ඇති අයෙක් ඒයාව යාලුවෙක කරගත්තේ කියලා

උත්තරය සරලයි

තනි වචනය තියන මිනිහෙකුට ආදරය නිසා කියන කතාව මාරයි.

ඒයා සෙල්ලම් පොරක් නෙවේ

ඒයා ජයව්කක්ම පෙරේරාගේත් රනිල් විකමසිංහගෙත් ගාමිනි පොන්සේකාගෙත් පධාන ආරක්ෂක කටයුතු කළ අයෙක් වගේම මාර පොරක්. මම පොරක් කියන්නේ ජීවිතය ගැනයි.ඒත් අපේ ඇසුර ජ්‍යෝතිෂය කලාව හරහා. මහා සමාජයේ චුල්ල සම්පධාය සහ මහා සම්පධාය සොයා යන කතිකාවක් බවට පත්වෙනවා

ඒයා කුරුනෑගල ජයවිකම පෙරේරාගේ ආදරය දිනාගත් ආරක්ෂකයෙක් වශයෙන් තමා තම වෘත්තියට මුල් පියවර තබලා තියෙන්නේ.ඒත් ඒයා තමා කොමිනියුට්ස් වාදි ජනදාස පීරිස්ගෙන් පසු සෝවියට් දේශය සඟරාවේ කතෘ ජයරත්න රුබේරුට තදින කියලා මාව ලේක් හවුස් ඒකට අරින්නත් මුල් වෙන්නේ. ඒත් මම කැමති උනේ නැහැ . රැවුල කපන්න සහ සපත්තු දාන්න
අන්තිමට මට ඒ සියල්ල නැතිව මට කැමති විදිහට ඒතන්නට ගියා.
තව ගොඩක් විස්තර තියනවා. ඒවා පසුව දිගට ලියන්නම්.
මගේ බේබදු කම හමුවේ එයත් ඉස්පිරි තාල ගානේ රස්තියාදු වුනා
නමුත් මේක ලියන්න වැදකත්ම කතාව තමා එයාගේ තියන අනාවැකි පැවසීමේ ගුප්ත හැකියාව.
අපි ජ්‍යෝතිෂයෙන් කරුණු හොයනකොට දේශපාලන පමණක් නොවේ සාමාන්‍ය සාමාජීය පැති වලිනුත් මාර අනාවැකි කියන පොරක් තමා අතුල
මම අවසාන කාලයේ මට බලපෑම් කරපු සටහනක් කියන්නම්
එයා මට හමුවන්නේ යූ ඇන් පී කාරයෙක් වශයෙන්
ඒත් ඒයාගේ දේශපාලනය සෑබෑ දේ කියන එක මට වටහාගන්න කාලයක් යනවා
මෙන්න කියනවා දවසක් මට ගෝටා මාරේ පොපටියක් කියලා.
මම තර්ක කරනවා
කෙලින්ම කියනවා නැහැ මේ පාර ඔයාලගේ දැනුම මට අදාල නැහැ, ගෝටා ජනාධිපතිවරණයෙන් ලක්ෂ දහයක් ඉක්මවනවා කියලා.
පිස්සු හැදෙනවා
මේ මැතිවරණය ගැනත් හරියටම පතිපල කීව්වා.
භීෂණය යුගයකදි ඒජාපයේ පභූ ආරක්ෂක නිළධාරියෙක් වූ ඔහුගේ සාමාජීය දැනුම අනාවැකි කියන්න තරම් දියුනු වුනේ කොහොමද කියන කතන්දරය හැදෑරිය යුතු දෙයක්. මේ මා ඔහුව
අන්දන්න හෝ යමක් බලාපොරොත්තුවෙන් ලියපු සටහනක්නෙවේ
මම ඒහෙම කාවත් අන්දා වැඩක් නොගන්නා අයෙක් බව මා ගැන දන්න කවුරුත් දන්නවා. හැබැයි ඒකාව අන්දන්නත් පුලුවන් කෙනෙකුත් නෙවේ.
කෙසේ නමුත් මේ වගේ දක්ෂ සමාජීය දැනුමක් සහ ඉන් ඔබ්බටත් මහා ඉවක් ඇති මිනිසුන්
අපෙන් වෙන්වී ඈත රටක ඉන්න ඒක අපරාදයක්.....!


ජගත් මාරසිංහ
11 08 2020
  NOAA Hurricane Predictions & Recommendations for Sebastian ...


Powered by Blogger.