2022අරගලයේ පශ්චාත් සිහින පලාපල ( 2023 මැයි 01)

                   2022අරගලයේ පශ්චාත්  සිහින පලාපල ( 2023 මැයි 01)

     2022  මාර්තු මාසයේ පමණ මොකක්දෝ ගැටලුවක් රජයට ඇතිවුනේය. කවුද කින්ද මන්ද කිසිවක් මිනිසුන් නොදන්නවා උනත් මහා ජන ගංගාවක් ගාලු මුවදොර  ආක්‍රමනය කලේය. මේ අවස්ථාවේ ඇතිවූ ජනකතාවල මහා හාස්‍යජනකම අදහස වූයේ විෂය මූල සාධක සහ මනෝමූල සාධක ඒකත්වයකට පැමිනුනේ 89 නොව දැන් කියාය. ඒ කොටසේ නාමයෙන් ජනතා විප්ලවය පටන් ගෙන තිබේ. සකල දේශවාසී සියලු වාමාංශික වූත් වාමාංශික නොවූ පක්ෂත් දේශපාලන නායකයන්ද මග්බෝධ වූවා සේය.
             සියල්ල අරගලයට සහය දෙන්නට විය. වර්ථමාන ජනාධිපතිත් දුන්නේය. නමුත් රනිල් නම් පෙනී සිටියේ ජනතාව සඳහා ව්‍යස්ථාව වෙනුවෙන් කියා මතක තිබුනා මිස මතකයේ තබාගෙන රනිල්ව හෝ මොකෙක්වත් උස්සන්නට මාරසටනම් කිසිදු ගායේ අමාරුවක් නැත.
       මාක්ස්වාදීන්ටනම් මාරස හපුයියෙක් විදිහට කියනට ඇති දේ කියන්නේ ලියන්නේ උනට ඇති ආදරයක් නිසාය. ඒ හරියට අර පරණ පෙම්වතියව නැවත හදන්නට උත්සාහ කරනවා මෙන් ජපන් ජබර කතාවක් බව මාරස දන්නා නිසා පාටකයෝ කමනවා නියතයි සිතමි. අර මාක්ස්වාදියා මේ මාක්ස්වාදියා පරමාක්ස්වාදියා පමණක් නොව පරංගි මාක්ස්වාදියා කියමින්ද මාරස ලියා තිබෙන්නේ ආදරයක මාරසට උනන යම් කඳුලක් නිසා කියා සිතා ගත්තාම ඒ ඇතිය. උන් කිසිදා මාරස මේ ආදරය දන්නා නිසාදෝ පැටලෙන්නට එන්නේ නැත. ආවොත් පැටලෙන්නට අරිනවා විනා අන් කිසිවක් කරන්නේද නැත. මොකද පැටලුන ඒකා පැටලුම ලෙහා ගන්නවා විනා අන් දයලෙක්තික මගුලක් ඒ මොහොතේ තිබෙන්නට වෙනත් න්‍යායක් ති‌බෙනවානම් දැන ගන්නට කැමතිය.
              නමුත් මේ ලියන්නේ අරගලයේ පරාජයත් නොවන්නේය. ජයග්‍රහණයත් නොවන්නේය. ලාංකේය ජන සමාජයේ මිනිසුන්ගේ භෞතික ආධ්‍යාත්මික කැළැඹීම මත මිනිස් දේශපාලන මනස කැළඹී මහමගට පැන විරෝධය පෑ අවස්ථා බොහෝය. ඊට අප ලංකා සමසමාජ පක්ෂයට ලකුණු දිය යුතු නැත. 51 හර්තාලයේ සිටම වීදි සටන් සම්බන්ධව සහ ඉන් දිනාගත් ජයග්‍රහණයන් සම්බන්ධව පැන්ෂන් පෝලිමේ ඉන්නා උන්වත් පැය අටේ වැඩ දිනය සහ කම්කරු අයිතිවාසිකම් බුක්ති විඳින ජනතාවවත් දන්නේ නැතිවා සේය. ඊටත් වඩා සතුටකුත් නොව දුකකුත් නොව වෙන මොකක්දෝ මගුල් මානසිකත්වයකින් අන්ද මන්ද වන්නේ අර වෘත්තීය සමිති නායකයන් දවසින් දවස ජනතාවගෙන් විතැන් වෙමින් අතීතකාමය නිසාදෝ අර බැටල්ශිිිප් පොටෙම්කින් නැවේ සිනමාපටයේ මෙන් ( එකල විප්ලවවාදී නායකයන් අරගල වලදී සැබෑවෙන්ම නිර්මිත ආකාරය.)  මිටි වේදිකා වල නැගී ගිරිය කඩාගෙන කෑ ගැසීමය. අදාල වන්නේ ඒකලාද මේ පසුකාලයේත් වැඩ කරන සෑම මිනිසෙකුටම යමක් දිනා දුන් බවය. නමුත් මේ වන විටද උන් ඉතිහාසයේ රැඩිකල් වීදියේ නලුවන් වුවහොත් ඒ සිදුවන්නේ පාලක පන්තිය නිසා නොව පවතින ක්‍රමයේ ජනමාධ්‍ය වලට මේවා මරු නිසාය. ඒවා ජෝක් කිරීමට තරම් ගායක් නැති ශික්ෂණයක් ඇති ජනමාධ්‍ය ලොක්කන්ද මරුය. ඒ හැමකෙක්ම වමේ ජානයක් ඇති බැවින් මේ දිගටම යාවියැයි කිව නොහැක. ජනමාධ්‍ය යනු රජයේ හමුදාවට හෝ විප්ලවවාදීන්ගේ රතු හමුදාවටත් හපන්ය. උන්ව කෙලින්ම ආරක්ෂා කරන්නේත් උන්ව මෙහෙය වන්නේත් ජ්‍යාතන්තරය බව උන් දන්නවාය. දැන ගත්තත් නොදන්නා සේ වාමදේශපාලනය ගැනම කතාකරන්නේය.  අර තම බිරිඳගේ කුසේ ඉන්නේ තමාගේ දරුවා ‌නොවන බවට වලියක් ඇද ගබ්සා කර පසුව දේවාල වලට ගොස් බිරිඳව සැනසීමට සමාව ගන්නා මාධ්‍ය විකාරය මරේ මරුය. ආතල්ය. කිතල්ය. ඒත් දැන් මේ කිසිවක් ඡන්ද දායකයෝ ගනන් ගන්නේ නැත. ඒ බව ඉදිරි මැතිවරණයේදී පැහැදිලිව  කාටත් දැනෙනු ඇත.
    මේ ගිය අවුරුද්දේ මරාගෙන මැරෙන්නට ජනාධිපති මන්දිරයද අල්ලා පාර්ලිමේන්තුවද වට කළ පිරිස රැට්ටාද අරකාද මේකාද යන්න කම් කිම්. ඒ නැගිටීමේ ජනතාවගේ හද ගැස්ම මාරය. අන්තිමට ඉන් සිදුවූයේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කර නැවත ඊනියා හෝ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් හදාගෙන මෙවර මැයි රැලිය සාමකාමීව පවත්වා ගිරිය තුවාල වන තුරු කෑ ගසා සිය ගම් බිම් කරා යාම පමණකි.
                 අරගලය යථාවක් වූවානම් පවත්වන්නට  වන්නේ එක මැයි රැලියක් පමණි. නිකන් අර අසූර නිකා කල්ලි කණ්ඩායම්ද ඔහේ කෑගහන්නට හැකිය.
        නමුත්  අරගලය විසින් වම කියන ආකාරයට කිව යුත්තේ වැල් බයිලා නොව අරගලය විසින් නව ධනේශ්වරයටත් වමේ ව්‍යාපාරවලටත් නව පැවැත්මක් ස්ථාවර කර දුන්නේය. ජනතාවට වචනයක් කියන්නට බැරිය. උන් 51 හර්තාලයටත්, 87 ඉන්දුලංකා ගිවිසුමටත් මෙන් අත දරුවන්ද වඩාගෙන සටනට වීදි බැස බඩගින්නේ තුවාලද කරගෙන් ගෙදර ගියේය.
     වරද ඇත්තේ අර අනිච්චද දුක්ඛද අනාත්මද? අනත්තද අසන බුද්ධිවාදීන්ගේ වචන හරඹ සේම ලෙනින්ද ‌නැවත කියවන ලද න්‍යායෙන් තොර භාවිතය වඳයිද, නැතිනම් භාවිතයෙන් තොර න්‍යාය වඳයිද යන මහා කාරණාතුල නොව නව ගෝලීයකරණ වෙළෙඳ දේශපාලනය විසින් මිනිසාගේ හදවත් තුල ජීවත් වූ කුහකත්වය මතු වූවා නොව බලයට කෑදර සියලු දේශපාලන සංවිධාන ඒ මිනිසුන්ගේ කුහකත්වය අවුස්සා වැඩ ගැනීමට යාමදැයි සැකය.
       අපේ අම්මා තාත්තාට වඩා අප මරුය කීවා සේ අපේ පොඩි උන්ද සිතනවා අනිවාය. අපේ පරපුරද දැන් ඇරියස් කවර් කරමින් දැනුම වෙළඳ පොළක් කීවා වුන්ම පේස් බුක් හෝ ජෝක් බුක්  වැඩක් නැතැයි කී උන්ම ඒවායේ වැඩය. නමුත් නව පරපුරෙන් බොහෝ දෙනා සාමාන්‍යයෙන් සියයට පනහකට වැඩි පිරිසක් පේක්ය. උන්ට දේශපාලනයක් ඇවැසි නැත. යූටියුබ් නාලිකවක් හදාගෙන කීයක් හරි හොයා ගැනීමට උන් අති දක්ෂයන්ය. අපේ 80 පරපුරනම් දැන් විකුනන්නේ ඇරියස් වගේ දැනෙනවා කියමින් නව පරපුරක ඇතැම් උන් ඇසිය යුත්තේ උනගෙන්ය. නැතිව මාරසින් නොවන්නේය. නව පරපුරේ නොව අසූව දශකයේ සිට තෙවැනි පරපුරේ පරපුරද ස්ත්‍රින්ට ආදරය කරන්නේද ස්ත්‍රීන් දූෂණය කරන්නේද සයිබරය හරහාමය. කතා කරන්නේනම් ‌භෞතික ආදරයේ ආධ්‍යාත්මිකවූත් භෞතික  නොව අපෝහක භෞතිකවූත් ආදරයම වන්නේය. සාධක නැතිව ලියන්නේ නැත. ඇවැසි අවස්ථාවල මාරස මහා පොදු සාධකද ඉදිරිපත් කිරීමට සූදානම් නැත. නමුදු ඒ සිදුවන්නේ ඉතිහාසයේ ඉල්ලීම මත බව මාරසනම් තවම විශ්වාස කරමි.

            ඉතින් අරගලයෙන් රටේ නායකත්වයට රනිල්ව දිනාදී සාමකාමී මැයි රැලියක් පැවැත්වීමට ඉඩ කඩ ඇතිවීම සම්බන්ධව රනිල්ටත් වඩා තුති පිදිය යුත්තේ අරගල කරුවන්ටය. නායකත්වයක් නැති අරගලය වනාහී ඒ අරගල කරුවන්ව අවසානයේ පාලක පන්තිය විසින් පුදනු ලබන කොන්ත බවට පත්කරගන්නා  කාල් මාක්ස්ගේ කතානම් මාරස අරගල කාලයේ ලීවේය. දැන් සියල්ල සිදුවී හමාරය. අනේ පෙට්රෝල්  වල නම් මිළ අඩුවිය. ‌ඒකනම් හරියට තව ගිණිතියපන් අපි කෙලින් කියා කීවා සේ උපහාසයක්ම වන්නාසේය. සංවිධානයක් නැතිව විප්ලවය සිදුවන ආකාරයක් මේ ගෝලීය ආර්ථික ක්‍රමය විසින්ම නිර්මානය කරන බව දන්නා අය දන්නවාය. ඒ අතර බලය සම්බන්ධව කුහකත්වය නිර්මාණය වීම බුදුනුවන්ගේ සූත්‍ර සංකල්පනා ධර්මයට නොයා මාක්ස්වාදී න්‍යාය ධර්මයන්ගෙන්ම දැන ගැත හැක. කෙසේ නමුත් න්‍යායන් පසක තබා භෞතිකව භාවිතයෙන් බලය සම්බන්ධ ඉලක්කයකට යන කිසිවෙකුටත් ඇස් තිබිය නොහැක. උන් බයින්ඩ් පෝල්ය. කොටින්ම ආදරයේ ඇස් බැඳ සිය අම්මා කියා ආදරය කරන ආදර වන්තියව හුවමාරු කරගන්නා බෙදා ගැනීමේ නූතන ලෝක වෙළඳ සංකල්පයම වන්නේය. යුගලන පවුල ආරක්ෂා කිරීමට ධනේශ්වරයේ දේවත්වයෙන් දුන් දායාද ඒවාය. ඒවා දෙවන මහා ලෝක යුද්ධයෙන් පසු කරලියට ගත අද මිනිසුන්ගේ ජීවිතයම වී ඇති බී ඩී ඇස් ඇම් සේක්ස් වලටද මරේ මරුය. සෙක්ස් කියන්න තිබෙන්නේ ලිංගේන්ද්‍රියේ නොව දේශපාලනයේ බව අරගලයද අපට කියා දුන්නා සේය. බ්ලයින්ඩ් පෝල්ඩ් හෙවත් අන්ද දේශපාලන වැඩ සෙක්ස් තමාය. 
   නිර්මාණශීලී පීඩනයෙන් පැමිණි  නිර්මාණකරුවන් 80 විමුක්ති ගී හරහා පැමිණීමත් සමග  ධනේශ්වරයේ නාමයෙන් ජාතික තරුණසේවා සභාව නමින්  පාලනයට අත තබමින් සෘණාත්මක සේම ධනාත්මක සේ පෙන්වන්නට  චන්ද්‍රලේඛලා, ශර්ලි වෙජන්තලා, වන් ඒ මොහොතේ තේරුණ දක්ෂයන් කරලියට පැමිණි ආකාරය ඇස් දෙකෙන්ම දුටු ඒවායේ යථාවත් ඊට ප්‍රතිපක්ෂව වූ කලාවෙන් කලාව මරා දැමීමත් දුටු බෝනස් එකට ජීවත් වන මාරසත් එකෙක් තමාය. නමුත් අරගලයෙන් නිර්මිත එදා වගේම නිර්මාණ කරුවන් ගැන රනිල්ට වැටහෙන්නේ නැත. හොඳට දන්නේය. රස පමණක් නොව ඉතිහාසයද දන්නේය. මාර විදිහට කියවන බව මාරස දන්නේය. නමුත් ක්‍රමයට පිටින් යන්නට දෙගොල්ලන්ටම නොහැක.
      අනේ මන්දා රනිල්. ඔබ මාමන්ඩියෙකු වූ ඩී ලේක් හවුස් නිර්මාතෲ  ආර් විජේවර්ධනයන්ට ඉසිවර දැණුමෙන් වැටහුනා යැයි ඉතිහාසයේ පෙල පොත්ට වල සටහන්න ඒ දැනුම ජාතික තරුණසේවා සභාවෙන් ගොඩගත් නව පරපුර අගයන ඔබට තවම වැටහී නැත. ඔබේ මාතෘකාව අරගලයේ ජීවිත වේදනාවයි. නමුත් තහනම් වචනය අරගල කරුවන්ගේ සැබෑ ඉල්ලීමයි. මේ මොහොතේ ඇවැසි ප්‍රභූ දේශපාලනයක් බව ඔබ දන්නවාය. නමුත් කුමන හෝ හේතුවක් නිසා උතුර දකුන ජනවාර්ගික ප්‍රශ්නයන්ගෙන් අහේතු කාලිනකව ඇන ගැනීමේ තත්වයක් අහසේ තිබේ. ඒවා විසඳාගත නොව උපදෙස් ගත හැකි ජ්‍යෝතිෂ්‍ කාරයන්ද සිටින බව මාරස නොදන්නවා නොවේ. කෙසේ උවත් මේ ගීතය මාරසට සිහියට ආවේය. නිකන් අප ඉන්නේ 1980වේ මුල වාගේය.

කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත​මා හට ඔබ මෙන් ඉගිලී යන්නට පියාපත් නැත​මා හට ඔබ මෙන් හෙට ආයෙත් දිනයක​ ඔබ ඒවී සිත රිදවා සතුටු නොවෙන් කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා හෙට පායන හිරු කිරනින් යලි මා විකසිත වේවී හෙට පායන හිරු කිරනින් යලි මා විකසිත වේවී ඔබ ආයෙත් මා හමුවට ඒනම් යලි මා මුකුලිත වේවී... කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සෙලෙනා තනිවුන කුසුමකි මා

https://youtu.be/obC9JDOS3gM
ජගත් මාරසිංහ
02 05 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.