උපතිස්ස කෝලිත සහ යසෝධරා සහ නුවන් ගම්මම්පිල.


                   
  උපතිස්ස කෝලිත සහ යසෝධරා සහ නුවන් ගම්මම්පිල.
     මාරස ගිරග්ග සමජ්ජ  පොත කියවනවා. මහ අහම්බෙන්  හමුවෙන පොඩි කොල්ලෙක් නුවන් ගම්මම්පිල. නමුත් ඒකා මහලොකු කොල්ලෙක් වගේ. 
    බුදුනුවන් සහ යසෝදරා සිහිවෙනවා. ඒක ආදරයකුත් නොවේ. මිත්‍රත්වයකුත්නොවේ. තව බොහෝ විදිහට සිතියහැකි ‌දේවල් බහුලයි නොවේ අනන්තයි.   අනේ බුදුන්වහන්සේ  ආදරය යනු නිවනමද, යසෝදරාවත පැත්තකින් තියා යසෝ ගැන  ඔබ වහන්සේ දේශනා  කරන  ලද එක  වචනයක් කිසිම ගීතයකින්වත් තේරෙන්න නැහැ. මාරස වැරදි නැහැ කියා හිතනවා. යසෝධරා ගැන කවි ලියනවා විනා යසෝධරාගේ ස්ත්‍රීත්වයේ තිබි ආධයාත්මික ශක්තිය ලිව්වේ කවුද යසෝධරාවත යනු වේදනාවක්නොවේ. ඒ තමා අපේ ප්‍රථම  බුුදුවරිය. සාදු  සාදු  සාදු.....


ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත
28 06 2023
ජගත් මාරසිංහ


https://youtu.be/ohnkJuq7sD8

Related Posts


Powered by Blogger.