හිරු පායන තෙක් අම්මාගේම පිහිටය.
**සයිබර් රස්තියාදුව නව මානයන් කරා.**
චූටි දුවේ. අපට තේරෙනවා කියා මේ සටහන බුදුනුවන්ගෙන් හෝ දේශපාලනයෙන් අවසන් කළ හැක. නැතිනම් බයිබලයෙන් පමණක් නොව හැම ආගමිකන්ම හැම දර්ශනයකින්ම අවසන් කළ හැක. ඒ කිසිවක් කළ නොහැක. අඞන්නටත් නොහැක. හිනා වන්නටත් නොහැක. අනුකම්පා කිරීමටත් නොහැක. නිවන් දැකීමටත් නොහැක. දිවි නහගන්නටත් නොහැක. කළ යුත්තේ කුමක්ද කියා මාරසින් යමෙකු අසනු නියතය.
පවුල පෞද්ගලික දේපල මාරස ප්‍රතික්ෂේප කර ගොඩක් කල්ය. නමුත් මේ ඇස් දෙකෙන් හදවතට දැනෙන සංනිවේදනය අමතක කරන්නට බැරිබව ඊටද පෙර දැන ගෙන සිටියත් තාම ඒ එසේමය. කළ යුත්තේ මේ වල් බූරු අහංකාර උද්දච්ච චරිත සමග විප්ලවයද? වල් බූත වූ බුද්ධ සාසනය පිරිහෙන යුගයක සිල් ගැනීමද, නැතිනම් අනෙකුත් වල්භූත වූ ජ්‍යාතන්තර ආගම් සංවිධාන සමග අත්වැල් බැඳගෙන විකාර වීදි නාටක සංචාරයද?
ආදරය කීවද මිනිසුන් පටලවා ගන්නා නිසා අසීමිත මනුෂ්‍යත්වය වනාහී ආදරයැයි මාරස කියන්නම්.
දුව, ඔය ඇස් දෙකෙන් පතන ලෝකය ඔබට ඔබ මවට පියාට දක්නට නොලැබෙනු ඇත. අපටද එසේමය. කෙසේ වුවද කවදා හෝ ස්වභාදහමට අනුව ඒ ලෝකය බිහි වන්නේ ස්වභාදහමට අනුව චින්තනයක් ඇති සත්ත්වයා විසින්ම ඒ ලෝකය දිනා ගන්නා නිසාය. ඒතෙක් කඳුළු බිඳුවක් සලා දෑස් පියාගන්නම්.
***********************
ජගත් මාරසිංහ
14 07 2023