පැහැරගෙන යාම කාම කලාවක් නොව ව්‍යාපාරයක්

                                  පැහැරගෙන යාම කාම කලාවක් නොව ව්‍යාපාරයක්

        මතකයේ විදිහට රාජ්‍ය වර්ෂ 2018 අග භාගය. මාරසට රෝහල් ගතවීම වනාහී කෙලින්ම විනෝදයක්. ආශාවක්. කල්දේරම් බත් ගෙදර උයන බත්වලට වඩා රහයි තමා. මේ කතා කරන්නේ කිඩ්නැප් ගැන. කිඩ්නැප් කියන්නේ පැහැරගෙන යාම. මාක්ස් එංගල්ස්ගේ පවුල පෞද්ගලික දේපල සම්බන්ධ පොත පත ලිපි කියවනකොට දැනෙන දෙයක් තමා ඇත්තටම පවුල් ඉතිහාසයේ පැහැරගෙන යාම විවාහ සම්ප්‍රධායක් බව. කොටින්ම සීතාව රාවනා පැහැරගෙන ගියාද නැතිනම් ඒක විවාහ සම්ප්‍රධායක්ද යන්න සම්බන්ධව මට යාංතන් කතා කරන්න ලැබුනේ කේ කේ සර්පයා සමග පමණයි. 

       කොහොමත් මේ කියපු කාලයේ මට පානදුර රෝහලේදි කොත්තරොටී බාස් කෙනෙක් හමුවුනා. මේකා රස්සාවක් හොයාගෙන යනකොට මීගමුවෙ අවන්හලක මිතුරෙක් හමුවෙලා අනුරාධපුරයට එක්ක ගිහින් අතට සල්ලිත් දීලා රස්සාවක් දීලා තියනවා. අන්තිමට එක්ක ගිහින් තියෙන්නේ ඒ කිලිනොච්චිය ආසන්න මුහුදු ප්‍රදේශයකට කිව්වා. කෙලින්ම කරෝල වාඩියක්. සල්ලිත් ආපහු අරන් ගැටයක් ගහපු කඹයකින් පිටට ගහලා කෙලින්ම මර්දනය කරලා. ටැක්ටර් වලින් දැල් අදිනවාලු. රෑට එතනම වඩියක් ගසා අරක්කු බෝතලයක් දෙනවාලු. මම එයාගෙන් තමා දැනගත්තේ වාඩි හොද්ද ගැන. වාඩි හොද්ද කියන්නේ සුදුහාල් බත් තුන් වේලටම උයලා දෙනවාලු. අර දැල් මාලුන්ගෙන් විකුනන්නත් බැරි කරවල කරන්නත් බැරි මාලු ‌කරමලය විතරක් අයින් කරලා කෙලින්ම වතුරෙන් තම්බනවා. කැකුලු බතුයි ඒකයි විතරලු තුන් වේලටම කෑම. පැනලා යන්න බැරිලු. ටැක්ටර් වලින් ඇවිත් කකුල් කඩනවාලු. මම චිත්‍රපටයක් බලනවා වගේ අහන් හිටියා. මට නම්බරය දුන්නා. පෝනය නැති උනාට තවත් විස්තර දැනගන්න කෙසේ හෝ පොන් නම්බරය මම හොයා ගන්න උත්සාහ කරනවා. ‌මේ මාරස කතා කරන්නේ ජීවිතයේ ලබපු අත්දැකීම්. මා නිතර රොහල් ගතවුනේ ඇල්කොහොල් නිසයි. ඇල්කොහොල් මගේ ශරීරයේ ඇතැම් ඉන්ද්‍රියන් ඇලපති ක්‍රමයට අදාලව විනාශ කරන්න ඇති. ඒත් සිතීම ගොඩක් දියුනු කළ එකට මාරස ඇල්කොහොල් සංස්කෘතියට ආචාරය පුද කරනවා.

     කිඩ්නැප් ලංකාවේත් තියනවා. ඉතා රහසිගතව. මාරස වරක් කිව්ව රාත්‍රී 10න් පසු කොළඹ අයිතිය පාතාලයටයි කියලා. ඒ කතාව පිළිනොගන්න කවුරු හරි ඉන්නවානම් තමන්ගේ  බිරිඳව හරි දුවක්ව හරි තනියම ටවුන්හෝල් සිට බම්බලපිටියට පයින් තනියම යන්න දෙන්න. ලස්සන අත්දැකීමක් ගන්න හැකිවෙයි. නමුත් සලාද සදාචාරය නිසා කිසිවෙකුට විස්තර කියන්න නොහැකි වේවි.

       ඒතමා ධනේශ්වරයේ තිරෙන් පිටුපස තවත් තිරයක් තියනවා. ඒ තිරයටත් සයිකොරාමා හෙවත් අහස් බිත්තියටත් මැද්දේ තියන තවත් ඉඩක් වගේ දෙයක්. ඒක කිසිදා ප්‍රේක්ෂකයන්ට පේන්නේ නැහැ.

        මේ මනුෂ්‍යා සහ තවත් දෙන්නෙක් ඉතා සැලසුම් සහගතව පැනලා ඇවිත් තියනවා. ඇවිත් ඒකාලේ යුධ හමුදා කඳවුරක් ලග මුන්ව නතර කරලා ඇතුලට අරන් ප්‍රශ්න කරලා. මල්ලි අපි කරන්නේ යුද්දේ. නමුත් සල්ලි දෙන්නම් අපි උදේට බස්හෝල්ට් එකකට දාන්නම් කියලා ඒක ඒ ලෙසම කරලා තමා නැවත කොළඹ ඇවිත් වාද්දූව තමන්ගේ ගමට ගිහින් තියෙන්නේ.

       මාරස ඇහැව්වා ගැහැනු පැහැරගෙන ගිහින් තිබ්බේ නැතිද කියලා. වීදියේ අසරණ වුන පොඩි කෙල්ලෝ තමා වාඩියේ බලයක් ඇති වහල්ලු කියලයි කිව්වේ. මේ කතාකරන්නේ ලංකාව ගැන. ඊට පස්සේ මාරස මේ ගැන තනියම හොයන්න ගත්තා. ඒක මාරසේ උමතුවක් වෙන්න ඇති.

      ප්‍රංශයේත් මේ වගේ ඡායාරූප වලට නීතිමය අයිතිය ලැබුනේ 20 සියවස මැද භාගයේදි. 21 සියවසේ වීඩියෝ තාක්ෂණය මැද මේ වගේ සිදුවීම් අපට අද ඡායාරූප වශයෙනුත් බලන්න හැකි වෙයි. නමුත් ලෝකයට සාපේක්ෂකව ලංකාව හිමින් යන්නේ විවිධ සදාචාර කාරණා මතයි. නමුත් තාක්ෂණික ගමන වේගවත්. දැනට පේක් එකවුන්ට් වල මැසෙන්ජර් වල විතරක් සංසරණය වෙනවා. ඉතින් ලංකාව පිරිසිදුයි. නමුත් නොබෝ කාලයකින්ම ලංකාවේ ‌කිඩ්නැප් නැතිනම් පැහැරගෙන  යාම් පමණක් නොවේ සෙක්ස් කිඩ්නැප්ද දක්නට ලැබේවි.

      කවුරු කොහොම කිව්වත් ලාංකේය වික්ටෝරියන් විවාහ ක්‍රමය කියන්නේ නීත්‍යානුකූල පැහැරගෙන යාමක් තමා. මනෝ විශ්ලේෂකයෝ විවාහය ගැන දරුවෝ ගැන කතා කරන්නේ ලියන්නේ මේ නීතිමය පැහැරගෙන යාම නියමයක් කරන් බව යූ ටියුබ් මනෝවිශ්ලේෂණ කරන උන් දන්නේ නැහැ. ඇත්තටම උන්ට ඇවැසි සත්‍ය නොවේ ලයික්. ලයික් පිටුපසත් තියෙන්නේ කිඩ්නැප් තමා.

     කෙලින්ම සංසර්ගයේද අපේ මිනිස්සුන්ගේ හොඳම පුරුද්ද මිෂනාරින් නියම කරපු උඩ යට ක්‍රමය. දැන් තමා ඒවා වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ ගැන පසුව මාරස ලියන්නම්. වීදි පවුල්වල කාන්තා දරුවන් සම්බන්ධව අධ්‍යනය කළ අයෙක් නැහැ. නිකන් බොරු ලියලා ඩිග්රි අරන්. සෙස්ස පස්සට තියලා කිඩ්නැප් සෙක්ස් ලිපිය අවසන් කරන්නේ පැහැරගෙන යාමේ විවාහය නීතිමය නොකලානම් රාමා සීතා මාර වෙනවා අනිවා කියලයි. මාරස ලියන්නේ අත් දැකපු සත්‍ය පමණක් බව මාරස සැබෑ පාටකයන් දන්නවා අනිවා. ඒ ඇති බන් කියමින් සටහනට කොමාවක් දාන්නම්. ඒ කියන්නේ සෙස්ස පස්සට කියන කතාවම තමා.

ජගත් මාරසිංහ

15 07 2023


Powered by Blogger.